bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Job 20
Job 20
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 21 →
1
ඊට පිළිතුරු වශයෙන් නයමාතීය ශෝපර් මෙසේ කී ය:
2
“ඇවිස්සුණු මාගේ චිත්තය ඔබට පිළිතුරු දීමට නොඉවසිල්ලෙන් බලා සිටියි.
3
ඔබ ඉදිරිපත් කළ චෝදනා මට අපහාසයකි. එහෙත්, මාගේ බුද්ධිය ඉක්මවා යන ආත්මානුභාවය ඊට පිළිතුරු සපයනු ඇත.
4
කාලයාගේ උපත සිදු වූ දා සිට, මිනිසා මිහි පිට පහළ වූ දා පටන්,
5
දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?
6
ඔහුගේ මහන්තත්ත්වය අහස දක්වා නැංගත්, ඔහුගේ හිස වලාකුළුවල ගැටෙන තරම් ඔහු උස ගියත්,
7
කුණු කසළ මෙන් ඔහු සදහට ම නැති වී යයි. ඔහු දැන සිටි අය, ‘දැන් ඔහු කොහේ දැ’යි ප්රශ්න කරති.
8
ඔහු සිහිනයක් මෙන් පහ ව ගොස් අතුරුදන් වෙයි; රෑ යාමේ දර්ශනයක් මෙන් පහ ව යයි.
9
ඔහු දැක ඇති අය තවත් ඔහු නොදකිති. ඔහුගේ ඉඩමෙහි තවත් ඔහු දක්නට නොලැබේ.
10
ඔහුගේ දරුවෝ දිළිඳුන්ගෙන් කරුණාව සොයන්නෝ ය. ඔහු පැහැර ගත් සම්පත් ඔහුගේ අතින් ම ආපසු දෙනු ඇත.
11
යොවුන් වියේ ශක්තියෙන් පිරුණු ඔහුගේ සිරුර, දැන් ඔහු සමඟ දූවිල්ලට හැරෙනු ඇත.
12
දුෂ්ටකම ඔහුගේ කටට මිහිරි ව දැනෙතත්, ඔහු එය සිය දිව යට සඟවාගනියි.
13
ඉවතට යන්න නොදී හෙමිහිට එය රස බැලුවත්, උඩුතල්ලේ තබා ගනිතත්,
14
පසු ව ඒ ආහාර සර්ප විෂට හැරී බඩ දැඟලීම ඇති කරයි.
15
තමා ගිලගත් ධන සම්පත් ඔහු වමාරන්නේ ය; දෙවිඳාණෝ ඒවා ඔහුගේ උදරයෙන් පිට කරන සේක.
16
ඔහු සපුන්ගේ විස උරා බොන්නේ ය; පොළඟාගේ දළයෙන් ඔහු මැරුම් කන්නේ ය.
17
ඔහු, ගිතෙල් ගලන ඔයවල් ද කිරි පැණි ගලා යන ගංගා ද නොදකින්නේ ය.
18
ඔහු වැර වීරියෙන් ලබාගත් දේ භුක්ති නොවිඳ ඒවා ආපසු දෙන්නේ ය. ඔහු තම වැඩ කටයුතුවලින් ලබා ගත් ප්රතිඵලවල රස නොවිඳින්නේ ය.
19
මන්ද, ඔහු දිළිඳුන් තළා පෙළා අත්හැරදැම්මේ ය; අනුන් තැනූ ගේදොර බලහත්කාරයෙන් ගත්තේ ය.
20
ඔහුගේ මසුරුකමට සීමාවක් නැති බැවින්, සිය වස්තුවෙන් සෙතක් ඔහු ලබා නොගනියි.
21
ඔහුගේ තණ්හාවට ගොදුරු නොවූ දෙයක් තවත් ඇද් ද? ඔහුගේ සැප සම්පත චිරස්ථායික නොවේ.
22
විපුල සමෘද්ධත්වයෙන් සිටියත් ඔහුට අගහිඟකම් ඇත; දුඃඛිතයන්ට පැමිණෙන හැම දුක ම ඔහු කරාත් පැමිණෙන්නේ ය.
23
ඔහු බඩ පුරා කෑම කෑවත්, දෙවිඳාණෝ බලවත් උදහසින් හා සිය කෝපයෙන් ඔහුට දඬුවම් දෙන සේක.
24
ඔහු යකඩ අවියෙන් පහර ලැබ, ගැළවෙන්නට වෑයම් කරන විට ලෝකඩ දුන්නෙන් බිම හෙළනු ලබන්නේ ය.
25
ඊතලය ඔහුගේ සිරුර පසා කර, එහි දිළිසෙන තුඩ ඔහුගේ පිත්තාශයෙන් පිට කරන්නේ ය. භීතිය ඔහුගේ හදවත විනිවිද යයි.
26
ඔහු රැස් කර තිබූ සම්පත් සියල්ල නාස්ති වී යයි. මිනිසා නොදැල්වූ ගින්නක් ඔහු ද ඔහුගේ නිවෙසෙහි වසන අනික් අය ද දවාදමයි.
27
අහස් තලය ඔහුගේ පාප දෝස අනාවරණය කරයි; මිහි තලය ඔහු වරදට පත් කරයි.
28
ඔහුගේ ගෙදර ධන සම්පත් ගංවතුරේ ගසාගෙන යයි; දේව උදහසේ දවසේ දී ඒවා නැති වී යයි.
29
දුදනා හට දෙවිඳුන්ගේ නියමය එය වේ. එතුමාණන්ගෙන් ඔහුට නියමිත ප්රතිවිපාකය එය වේ.”
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 21 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42