bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Job 22
Job 22
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 23 →
1
ඉන්පසු එලිපස් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2
“මිනිසාගෙන් දෙවි තුමන් හට කුමන ප්රයෝජනයක් ඇද් ද? පැණවතෙකුගෙන් වුවත් කවර ප්රයෝජනයක් ඇද් ද?
3
ඔබ දැහැමි ව සිටියත්, සව් බලැති දෙවිඳුන්ට එය සතුටක් වේ ද? ඔබ නිදොස් ව හැසුරුණත් ඉන් එතුමන්ට ලාභයක් ඇද් ද?
4
එතුමාණන් ඔබට තරවටු කර, ඔබ විනිශ්චයට ගෙන එන්නේ ඔබේ දේව ගරුබිය නිසා නොවන්නේ ය.
5
එසේ වන්නේ, ඔබ ඉතා නපුරු මිනිසෙකු බැවිනි. ඔබේ දුෂ්ටකම නිම් හිම් නැති බැවිනි.
6
ඔබ අසාධාරණ ලෙස සොහොයුරන්ගෙන් උකස් ගත්තෙහි ය; ඇඳුම් නැති අයගෙන් රෙදිපිළි උදුරා ගත්තෙහි ය.
7
පිපාසයෙන් පෙළුණු අයට ඔබ වතුර දුන්නේ නැත; බඩගිනි අයට කෑම දුන්නේ නැත.
8
මුළු දේශය අයිති කරගන්නට නිල බලය හා සමාජ තත්ත්වය ඔබ පාවිච්චි කෙළෙහි ය.
9
ඔබ කණවැන්දුමියන් හිස් අතින් යන්නට හැරියෙහි ය. අනාථ දරුවන් හට කුරිරුකම් කෙළෙහි ය.
10
ඉතින්, ඔබ වටකර මලපත් ඇත. හදිසි භීතිය ඔබ කළඹන්නේ ය.
11
ඔබේ දෑස නොපෙනෙන ලෙස එළිය අඳුරට හැරෙයි. ජලධාරා ගලා විත් ඔබ වසාගන්නේ ය.
12
සැබැවින් ම, දෙවි තුමන් සගයේ ඉහළ ම තැන වැඩ වසන්නේ නැද් ද? බබළන තරු කොතරම් දුර දැ යි බලන්න.
13
එහෙත් ඔබ, මෙසේ කියන්නෙහි ය: ‘දෙවිඳාණෝ කුමක් දන්න සේක් ද? විනිශ්චයක් කිරීමට ගන’ඳුර බිඳ බලනු ඇද් ද?’
14
මිහිතල නිම් වළල්ල මත ඔබමොබ සැරිසරන විට, ඝන වලාකුළු නිසා එතුමාණන්ට දෑස විදහා බැලිය හැකි ද?
15
දුෂ්ටයන් කවර දාත් ගමන් කළ ඒ පැරණි මාවතෙහි ඇවිදින්නට ඔබත් තීරණය කරගත්තෙහි ද?
16
ඔවුන් නියම කාලයට කලින් ඉදිරී වැටෙනු ඇත. ඔවුන්ගේ අත්තිවාරම් ද මහ ගංවතුරකින් මෙන් ගහගෙන යනු ඇත.
17
එසේ වන්නේ, ‘අපට ඉන්න ඉඩ දී අහක් ව ගිය මැනව. සව් බලැති දෙවිඳුන් විසින් අපට කරනු ලැබිය හැකි කිසිවක් ඇද්දැ’යි ඔවුන් දෙවිඳුන්ට කී නිසා ය.
18
ඔවුන්ගේ අදහස් එතුමන්ට විරෝධී ව තිබියදීත්, ඔවුන්ගේ ගෙවල් සැප සම්පතින් සමෘද්ධ කෙළේ එතුමාණෝ ය.
19
දැහැමියෝ ඒ දැක සන්තෝෂ වෙති; නිදොස් අය ඔවුන්ට අපහාස කොට සරදමින් මෙසේ කියති:
20
‘අපට විරුද්ධ ව නැඟී ආ අය සැබැවින් ම සිඳිනු ලැබූ හ. ඔවුන්ගේ ඉතිරි වස්තුව ගින්නෙන් දැවී ගියේ ය.’
21
ජෝබ් තුමෙනි, එතුමාණන් සමඟ සමඟි වන්න. එයින් ඔබට ආසිරි ලැබෙනු ඇත.
22
එතුමාණන්ගේ මුවින් ඔවදන් ගෙන, එතුමන් වදන් ඔබේ සිතෙහි නිදන් කරගන්න.
23
ඔබ සව් බලැති දෙවිඳුන් වෙත බැගෑපත් ව හැරී, ඔබේ නිවෙසින් අසාධාරණකම් පහකළොත්,
24
ඔබේ රන් දූවිල්ල මෙන් ද ඔබේ තනි රන් දොළ පතුලේ ගල් කැට මෙන් ද සැලකුවොත්,
25
සව් බලැති දෙවිඳාණෝ ම ඔබට මුතු මැණික් හා රන් රිදී වන සේක.
26
එවිට ඔබ සව් බලැති දෙවිඳුන් කෙරෙහි ප්රීතිමත් ව, ඔබේ මුහුණ එතුමාණන් වෙත ඔසවනු ඇත.
27
ඔබ එතුමාණන්ට යැදුම් පුදන විට එතුමාණෝ සවන් දෙන සේක. ඔබ ද ඔබේ බාරහාර ඉටු කරනු ඇත.
28
ඔබ ගන්න තීරණය සඵල වනු ඇත. ඔබේ මාවත පිට එළිය බැබළෙනු ඇත.
29
එතුමාණෝ උඩඟු සිත් ඇති අය පහත හෙළන සේක. යටහත් සිත් ඇති අය රැකගන්න සේක.
30
ඔබ නිදොස් ව සිටියොත්, ඔබේ අතින් හරි දේ කළොත්, ඔබට මිදීම ඇත.”
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42