bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Job 41
Job 41
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 40
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 42 →
1
ලෙවියාතන් නම් මුහුදු සර්පයා බිලී කටුවකින් අදින්නට වත්, උගේ දිව කඹයකින් බඳින්නට වත් නුඹට හැකි ද?
2
උගේ නාසයේ ලණු පටක් දමන්නට වත්, උගේ හක්ක උලකින් සිදුරු කරන්නට වත් නුඹට පුළුවන් ද?
3
ඌ නුඹට බොහෝ කන්නලව් කරනු ඇද් ද? නුඹෙන් දයානුකම්පාව අයැදිනු ඇද් ද?
4
සදහට ම ඌ නුඹට මෙහෙකරුවකු වන පිණිස, නුඹ සමඟ ගිවිසුමක් කරනු ඇද් ද?
5
සුරතල් පක්ෂියෙකු සමඟ මෙන් නුඹ ඌ සමඟ සෙල්ලම් කරනු ඇද් ද? නොහොත්, නුඹේ යුවතියන්ගේ විනෝදය පිණිස නුඹ ඌ බැඳ තබන්නෙහි ද?
6
වෙළෙඳ පොළේ ධීවරයන් ඌ ගැන කේවෙල් කරනු ඇද් ද? වෙළෙඳුන් අතර කපා බෙදාගනු ඇද් ද?
7
උගේ හම මස් හෙල්ලවලින් වත්, උගේ ඔළුව ඇවුළුම් බිලියකින් වත් සිදුරු කරන්නට නුඹට හැකි ද?
8
නුඹ ඌ සමඟ පොරබැදුවොත් ඒ සටනේ තරම සිතා බලනු; සිතා නිකම් සිටිනු.
9
අනේ! ලෙවියාතන් නම් තල්මහ දෙස බැලීමෙන් වැඩක් නැත. ඌ දුටු පමණින් මිනිසා ඇද වැටෙනු නියත ය.
10
ඌ ඇවිස්සීමට තරම් දිරිය ඇති කෙනෙක් නැත. ඌ සමඟ සටන් කරන්නට සමත් කවරෙක් ද?
11
ඌට පහර දී බේරෙන මිනිසා කවරෙක් ද? මේ මුළු දෙරණෙහි කවුරුත් නැත.
12
උගේ අවයව, ශූර භාවය හා අංග ලක්ෂණවල රම්‍යතාව ගැන නොකියා සිටින්නට මට නොහැකි ය.
13
උගේ පිට හම ගලවන්නට කාට හැකි වේ ද? උගේ යකඩ වැනි වැස්ම පසා කරගෙන යන්නේ කවරෙක් ද?
14
ඒසා භයංකාර දත් දෙපෙළින් යුතු උගේ හකු පාඩා දිගහරින්නට හැකි කාට ද?
15
පලිස් පිට පලිස්වලින් වැසීගත් උගේ පිට කළු ගල් මෙන් සවිය ඇත.
16
ඒවා අස්සට සුළඟ පවා නොවදින ලෙස ඒවා එකිනෙකට දැඩි ලෙස යා වී ඇත.
17
ඒවා එකිනෙකට ඇලී, වෙන් කළ නොහැකි ලෙස එකිනෙකට බද්ධ වී ඇත.
18
ඌ කිඹිසින විට එළියක් බබළයි. උදා වන හිරු මෙන් උගේ ඇස් බබළයි.
19
උගේ මුවින් ගිනි දලු නික්ම යයි. ගිනි පුපුරු ධාරා ගලා යයි.
20
උදුනේ නටන කල්දේරමකින් මෙන් ද දැවෙන පරඬැල් මෙන් ද උගේ නාස් පුඩුවලින් දුම් නඟියි.
21
උගේ හුස්මෙන් ගිනි අඟුරු නඟියි. ගිනි ජාලාවක් උගේ කටින් නික්මෙයි.
22
උගේ ගෙල අති බලසම්පන්න ය. ඌට මුණගැසෙන කවුරුත් බියෙන් ඇලළී යති.
23
උගේ හමේ රැළි එකට ඇලී ඇත. එය නොනැමෙන යකඩ මෙන් තද ව ඇත.
24
උගේ සිත ගලක් මෙන් ද යටි ඇඹරුම් ගල මෙන් ද තද ය.
25
ඌ නැඟිටින විට මහා වීරයෝ පවා බියට පත් වෙති. ඌ කඩා පනින විට ඔව්හු බියෙන් ඇලළී යති.
26
කඩුවෙන් වත්, හෙල්ලයෙන් වත්, කුඩා හෙල්ලයෙන් වත්, ඊතලයෙන් වත් පහර දී ඌට තුවාළ කළ නොහැකි ය.
27
යකඩ වුව ද ඌට පිදුරු වැනි ය. ලෝකඩ වුවත් දිරා ගිය ලීයක් වැනි ය.
28
ඊගස් පහරට ඌ පලා නොයයි. පටියෙන් ගසන ගල් ඌට පිදුරු මිටක් වැනි ය.
29
පොල්ලක් වුව ද ඌ පිදුරු කැබැල්ලක් මෙන් සලකයි. කුඩා හෙල්ලය ගසන විට ඌ සිනාසෙයි.
30
උගේ ඇඟේ කොරපොතු තියුණු පිඟන් කැබලි ගොඩක් වැනි ය. මඬින යන්ත්‍රයක් මෙන් ඌ මඩෙහි ඇදී යයි.
31
ඌ මුහුදු දිය කල්දේරමක වතුර මෙන් නටන්නට සලස්වයි. එය බුබුළු දම දමා නටන තෙල් බඳුනක් මෙන් කරයි.
32
ඌ යන මඟ ඌ පසුපස පැහැදිලි ව දිළිසෙයි. ඌ මුහුද සුදු පෙණ ගොඩකට හරවයි.
33
ඌට සම කළ හැකි සතෙක් මේ මුළු දෙරණෙහි නැත; ඌ භීතිය නොහඳුනන සත්ත්වයෙකි.
34
ඌ ඉතා ම අභිමානී සතුන් වුව ද හෙළා දකියි. වන සතුන්ගේ ලොවෙහි අගරජ ලෙස වැජඹෙයි.”
← Chapter 40
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 42 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42