bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Job 39
Job 39
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 38
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 40 →
1
“පර්වතවල සිටින වල් එළුවන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද? නොහොත් මුව දෙනුන්ගේ ප්රසූත වේලාව නුඹට දැනගත හැකි ද?
2
උන් ගැබ් ගෙන සිටින මාස ගණන් කරන්නට නුඹට පුළුවන් ද? උන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද?
3
උන් නැඹුරු වී පැටවුන් බිහි කොට විළි රුදා පහ කරගන්න කාලය නුඹ දන්නෙහි ද?
4
උන්ගේ පැටව් වනයේ වැඩී, ලොකු වී, ශක්තිමත් වී පිට වී යති. යළි ආපසු නොඑති.
5
වල් කොටළුවාට නිදහස දානය කෙළේත්, උගේ බැඳුම් ලිහා මුදා හැරියේත් කවරෙක් ද?
6
මම පාළුකරය ඌට ගෙයක් කොට, ලේවාය ඌට තිප්පලක් කොට නියම කෙළෙමි.
7
ඌ නගරයේ ඝෝෂාව ගණන් නොගනියි. ඌ රියැදුරාගේ කෑගැසීම නොසලකයි.
8
කඳුකරය උගේ ගොදුරු බිම වේ; කෑම පිණිස ඌ හැම පලා ජාති සොයා යයි.
9
කුළු හරකා නුඹට වැඩ කරන්නට කැමැති වේ ද? ඌ රැයෙහි නුඹේ ගාලෙහි ලගිනු ඇද් ද?
10
කුළු හරකා ලණුවකින් හීවිටේ බඳින්නට නුඹට හැකි ද? නොහොත් නුඹට පිටුපසින් ඌ කුඹුර පෝරු ගානු ඇද් ද?
11
උගේ ශක්තිය මහත් බැවින්, නුඹ ඌ විශ්වාස කර, නුඹේ බර වැඩ ඌට බාර දෙන්නෙහි ද?
12
නුඹේ අස්වැන්න කමතට රැස්කර ගෙනෙනු ඇතැ යි නුඹ ඌ කෙරෙහි විශ්වාසයක් තබන්නෙහි ද?
13
පැස්බරාගේ පියාපත් වැනෙන වේගය කදිමයි. එහෙත්, පැස්බරාට කණ කොකා මෙන් පියාඹන්නට නොහැකි ය.
14
ඌ පොළොවෙහි බිජු දමා, පසෙහි තාපයෙන් ඒවා උණුසුම් වීමට තබයි.
15
එහෙත්, ඒවා පයට පෑගෙන්නටත්, වන සතුන්ගේ පාදවලට පොඩි වන්නටත් පුළුවන් බව අමතක කරයි.
16
උගේ පැටවුන් ඌට අයිති නැතිවාක් මෙන් ඌ දැඩි සිතින් උන්ට සලකයි. උගේ මහන්සිය නිෂ්ඵල වුව ද, එය ගණන් ගන්නේ නැත.
17
දෙවිඳාණෝ උගෙන් ප්රඥාව වළක්වා, ඌට නැණ නුවණ නො දී හැරිය සේක.
18
ඌ පියාපත් විදහා දුවන කල ඌ අසුටත්, අසරුවාටත් සිනාසෙයි.
19
ජෝබ්, අසුට වෙර වීරිය දුන්නේ නුඹ ද? ලෙල දෙන කෙසරු උගේ ගෙලෙහි පැළඳෙව්වේ නුඹ ද?
20
උගේ හේෂාරවයෙන් මිනිසුන් බියගන්වා, පළඟැටියෙකු මෙන් පැන පැන යන්න ඌට සැලැස්සුවේ නුඹ ද?
21
ඌ මිටියාවතෙහි කුර ගසා, ශක්තියෙන් ඔද වැඩී දුවමින් යුද සේනාවලට මුහුණ දෙයි.
22
ඌ භීතියට සරදම් කොට තැති නොගෙන සිටියි. කඩුපතට පිටුපා නොයයි.
23
හී කොපුව ද දිළිසෙන හෙල්ලය ද කුඩා හෙල්ලය ද උගේ ඇඟේ වැදී දෝංකාර දෙයි.
24
උද්යෝගයෙන් කම්පිත ව
25
ඌ වේගයෙන් දුවයි. පැතිරී යන හොරණෑ හඬ ඇසෙන විට, ඌට නිසල ව සිටිය නොහැකි ය. ඒ ඒ හොරණෑ හඬට ඌ සතුටු හඬ නඟයි. සටන ද සෙනෙවියන් අණ දෙන හඬ ද ඌ ඉව අල්ලා දුර දී ම දැන ගනියි.
26
උකුස්සා අහසට නැගී දකුණු දෙසට පියාපත් විදහා යන්නේ නුඹේ නුවණින් ද?
27
රාජාලියා අහසට පියඹා උගේ කැදැල්ල උස් තැනක සාදන්නේ නුඹේ අණ පිට ද?
28
ඌ උස් පර්වත මත වසයි. ගිරිකුළු මුදුන්වල කැදැල්ල සාදයි.
29
එහි සිට ඈත මෑත බලා, දුර දක්නා දෙනෙතින් ඌ ගොදුරු සොයා ගනියි.
30
මළසිරුර කොතන ද රාජාලියා එතැන ය. උගේ පැටව් එහි ලේ උරා බොති.”
← Chapter 38
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 40 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42