bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Job 34
Job 34
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 33
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 35 →
1
තවදුරටත් එලීහු පිළිතුරු දෙමින්
2
“ප්‍රඥාවන්තයෙනි, මට කන් දෙන්න; හසළ බුද්ධිමතුනි, ම බසට සවන් දෙන්න.
3
දිව කෑමෙහි රස බලන්නාක් මෙන් කන කතාවක අගය දනියි.
4
යුක්තිය කොහේ දැ යි අපි සෝදිසි කර බලමු; යහපත කවරේ දැ යි අපි තීරණය කරමු.
5
ජෝබ් කතා කොට මෙසේ කී ය: ‘මා තුළ වරදක් නැත; එහෙත්, දෙවිඳාණෝ මාගේ අයිතිය පහකළ සේක;
6
මා යුක්ති සහගත වුව ද, මා බොරුකාරයෙකැ යි ගණන් ගනු ලැබේ. මා අත වරදක් නැතත් මම තුවාළවලින් අසාධ්‍ය ව සිටිමි.’
7
දෙවිඳුන්ට ගෞරව නොකරන ජෝබ් වැනි මිනිසෙක් තවත් ඇද් ද?
8
ඔහු දුදනන් හා සමාගම් පවත්වමින් පවිටුන් සමඟ ගමන් කරන්නේ ය.
9
‘දෙවිඳුන්ගේ ප්‍රසාදය දිනාගැනීමෙන් මිනිසෙකුට කවර ප්‍රයෝජනයක් වේ දැ’යි ඔහු කියයි.
10
දැනුම් තේරුම් ඇති භවතුනි, මෙය අසන්න. දෙවිඳාණෝ කිසිදාක වරදක් කරන සේක් ද? සව් බලැති උතුමාණෝ අයුත්තක් කරන සේක් ද?
11
මන්ද, එතුමාණෝ මිනිසෙකුගේ ක්‍රියාවල හැටියට ඔහුට ප්‍රතිඵල දෙන සේක. එකිනෙකාගේ හැසිරීම අනුව විපාක දෙන සේක.
12
එසේ ය, සැබැවින් ම දෙවි තුමාණෝ වරදක් නොකරන සේක. සව් බලැති දෙවිඳාණෝ යුක්තිය නොපෙරළන සේක.
13
මහ පොළොව එතුමාණන්ට භාර දුන් කෙනෙක් ඇද් ද? මුළු සක්වළ ආධිපත්‍යය එතුමාණන් අන් කෙනෙකුගෙන් ලත් දෙයක් ද?
14
දෙවි තුමාණන් මිනිසාගේ ජීවිතය පැහැර ගතහොත්, ඔහුගේ හුස්ම ඔහුගෙන් ඇදගතහොත්
15
මුළු මිනිස් සංහතිය ම නසිනු ඇත; පෙරළා දූවිල්ලට යනු ඇත.”
16
“ඉතින් ජෝබ්, ඔබ නුවණ ඇති කෙනෙක් නම්, මේ මාගේ වචනයට සවන් දෙන්න.
17
යුක්තිය නුරුස්නා කෙනෙකුට ලොවක් ආණ්ඩු කළ හැකි ද? සව් බලැති, ධර්මිෂ්ඨ තැනැන් වහන්සේ පිට ඔබ වරද තබන්නෙහි ද?
18
රජෙකුට, ‘නපුරා ය’යි ද උතුමෙකුට, ‘දුෂ්ටයා ය’යි ද කියන,
19
අධිපතීන්ගේ තරාතිරම් නොබලන, දිළිඳාට වඩා ධනවතාට කරුණාව නොදක්වන දෙවිඳුන් පිට ඔබ වරද තබන්නෙහි ද? ඒ හැම දෙන ම මැවූයේ දෙවි තුමාණෝ ය.
20
ඔව්හු මොහොතකින් නසිති; ඔවුන් හැම, මැදියම් රෑ එක් ඇසිල්ලකින් නැසී යනු හැක; බලවතෙකු වුව ද පහසුවෙන් පහ ව යනු ඇත.
21
එතුමාණන්ගේ දෑස මිනිසුන්ගේ ක්‍රියා මාර්ගය දෙස ඇත. ඔවුන්ගේ හැම පියවරක් ම එතුමාණෝ දන්න සේක.
22
දුදනන් හට එතුමාණන් කෙරෙන් සැඟවී සිටිය හැකි තරම් ගන’ඳුරක් වත්, තද කළුවරක් වත් නැත.
23
නඩු විනිශ්චය සඳහා මිනිසෙකු දෙවි තුමන් වෙත පමුණුවනු වස් නියමිත දිනයක් නැත.
24
විභාගයක් නොපවත්වා එතුමාණෝ බලවතුන් පහකොට ඒ වෙනුවට වෙන අය පත් කරන සේක.
25
එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා දන්න බැවින්, ඔවුන් සුන් වන ලෙස රැයේ දී ඔවුන් පෙරළාදමන සේක.
26
එබැවින් දෙවි තුමාණෝ ප්‍රසිද්ධියේ ම ඔවුන් දුදනන් ලෙස සලකා පහර දෙන සේක.
27
එසේ වූයේ: ඔවුන් එතුමාණන්ට කීකරු වීම අත්හැරදැමූ නිසා ය; එතුමාණන්ගේ සියලු මාර්ග නොසලකා හැරිය නිසා ය.
28
ඔව්හු දිළිඳුන්ගේ මොරගැසීම එතුමාණන් වෙත නැඟී එන්නට සැලැස්වූ හ, දුගී ජනයාගේ අයැදුමට එතුමාණෝ සවන් දුන් සේක.
29
නිහඬ ව සිටියත්, එතුමාණන්ට වරද තබන්නෝ කවරහු ද? කිසිත් නොකර සිටියත්, එතුමාණන්ට දොස් තැබිය හැකි ද?
30
හිතුවක්කාර සෙනඟක් කෙරේ හෝ ජාතියක් කෙරේ හෝ එතුමාණන් අභක්තිකයෙකු රජකමට පත් කළත් කුමක් කළ හැකි ද?
31
යම් කෙනෙකු දෙවිඳුන්ට මෙසේ කීවොත්, එනම්, ‘මම දඬුවම් වින්දෙමි; මින්පසු තවදුරටත් වැරදි නොකරමි;
32
අනේ! මා වැනි නීච කාලකණ්ණියෙක්, මට හරි මඟ පෙන්වනු මැනව. මම මීට පෙර කුමන වරදක් කළත්, මින්මතු පව් නොකරමි.’
33
මේ කියමන නිසා, දෙවිඳුන් ප්‍රතික්ෂේප කිරීමේ ඔබේ වරද දෙවි තුමන් ගණන් නොගෙන හරිනු ඇද් ද? තීරණය ඔබ අතේ ය, මා අත නොවේ. ඔබ දත් පමණින් පිළිතුර අපට කියන්න.
34
සිහි නුවණ ඇති උදවිය, නැණ නුවණ ඇති හැම දෙන, මට මෙසේ කියනු නිසැක ය;
35
‘ජෝබ් අඥාන ලෙස කතා කරයි; ඔහු කියන දෙයෙහි තේරුමක් නැත.
36
ජෝබ් දුෂ්ට මිනිසෙකු මෙන් උත්තර දෙන බැවින්, ඔහු අවසාන තීන්දුවට ම ඉදිරිපත් කළොත් යෙහෙකි.
37
ඔහු පව්කරුවෙකු පමණක් නොව, කැරලිකරුවෙකු ද වී ඇත; ඔහු ප්‍රලාප දොඩමින් දෙවිඳුන් හට අවමන් කරයි.’ “
← Chapter 33
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 35 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42