bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Job 27
Job 27
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 28 →
1
ඉක්බිති ජෝබ් යළිත් මෙසේ පැවසී ය:
2
“මා කෙරෙන් යුක්තිය වළක්වා, සෝදුකින් මා පිරෙවූ, සව් බලැති දෙවිඳුන් නමින් මම මෙය දිවුරා කියමි:
3
මාගේ පණ නළ තිබෙන තුරු, දෙවිඳුන් දුන් හුස්ම ටික මා තුළ පවතින තුරු,
4
මා මුවින් අසත්‍යයක් වත්, කිසි මුසාවක් වත් නොකියමි.
5
ඔබ පවසන දේ සැබෑ යයි මම කිසි සේත් නොකියමි. දිවි ඇති තාක් මා නිවැරදි බව ම කියා සිටිමි.
6
මා නිවැරදි බව මම තරයේ කියා සිටිමි. දිවි ඇති තාක් මාගේ හෘදය සාක්ෂිය මට වරද නොතබයි.
7
‘මාගේ සතුරාට දුදනෙකුට මෙන් අවැඩක් වේවා’යි ද ‘මාගේ විරුද්ධකාරයාට නපුරක් ම වේවා’යි ද පතමි.
8
අභක්තිකයාගේ අවසන් හුස්ම පහ කොට, දෙවිඳුන් මරණය එවන විට ඔහුට කවර බලාපොරොත්තුවක් ඇද් ද?
9
විපත පැමිණෙන විට දෙවි තුමාණන් ඔහුගේ යැදුම් අසනු ඇද් ද?
10
ඔහු සව් බලැති දෙවි තුමන් කෙරෙහි ප්‍රීති වන්නේ ද? එතුමන්ට නිරතුරු යැදුම් පුදනු ඇද් ද?
11
නැත. දෙවි තුමන්ගේ බලය ක්‍රියා කරන හැටි මම ඔබට පවසන්නෙමි. සව් බලැති දෙවි තුමන්ගේ අදහස් මම ඔබට කියා දෙමි.
12
මේ හැම දෙය ඔබ තේරුම් ගන්නහු නම්, මෙවැනි වල්පල් ඔබ නොදොඩන්නහු ය.”
13
ශෝපර් මෙසේ පැවසී ය: “සැහැසි ලෙස ජීවත් වන දුදනන් හට සව් බලැති දෙවිඳුන්ගේ දඬුවම මෙසේ ය:
14
ඔවුන්ට දූ දරුවන් බොහෝ ඇතත්, ඔව්හු රණ බිම්හි මැරී වැටෙති. මුළු පරපුර සාගින්නෙන් පෙළෙති.
15
ඔවුන්ගෙන් ඉතුරු වන අය වසංගතයෙන් නැසෙති; ඔවුන් ගැන වැන්දඹුවෝ පවා නොවැලපෙති.
16
ඔවුන්ට පොළොවේ වැලි මෙන් රන් රිදී තිබුණත්, අපමණ රෙදිපිළි ගොඩගැහුණත්,
17
ඒවා පැළඳගන්නේ ඔවුන් නොව, දැහැමි අය ය; ඔවුන්ගේ රන් රිදී ද බෙදාගන්නේ නිදොස් අය ය.
18
දුදනා සාදන ගෙය මකුළු දැල මෙන් ද කෙත රක්නා ගොවියාගේ පැල්පත මෙන් ද වැඩි කල් නොපවතියි.
19
එක් දිනක් ඔහු පොහොසතෙකු ලෙස සැතපෙයි; නැවත එසේ නොකරයි. පසු දා අවදි වන විට ඔහු අතේ සතයක් නැත.
20
බියකරු විපත ගංවතුර මෙන් ඔහු පලවා හරියි; රෑ හමන කුණාටුව ඔහු පැහැරගෙන යයි.
21
පෙරදිග මාරුතයෙන් ඔහු ගහගෙන යයි; සිය නිවෙසින් ඈත පෙදෙසකට ඔහු නෙරපී යයි.
22
ඔහු එක පිම්මෙන් පලා යන්න හැදුවත්, මාරුතය දයාව නොපෙන්වයි; ඔහුට පහර පිට පහර දෙනු ඇත.
23
ඔහු පලා යන විට මාරුතය ලුහුබැඳ ගිගුරුම් දෙයි. විනාශකාරී බලයකින් ඔවුන් බිය ගන්වයි.”
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 28 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42