bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
1 Corinthians 11
1 Corinthians 11
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 12 →
1
මා ක්‍රිස්තුස්වහන්සේ අනුකරණ කරන්නා සේ, මා අනුකරණ කරන්නන් වන්න.
2
ඔබ හැම දේකදීම මා සිහි කරන නිසාත්, මා ඔබට ඉගැන්වූ සම්ප්රදායයන්, මා ඔබට භාර කළ ලෙසම පවත්වන නිසාත් මම ඔබ පසසමි.
3
හැම පුරුෂයකුගේම හිස ක්‍රිස්තුස්වහන්සේ බවත්, ස්ත්‍රියකගේ හිස ඇගේ පුරුෂයා බවත්, ක්‍රිස්තුස්වහන්සේගේ හිස දෙවියන්වහන්සේ බවත් ඔබ වටහා ගන්නවාට කැමැත්තෙමි.
4
යාච්ඤා කරද්දී හෝ දිවැස් වැකි පවසද්දී හෝ තම හිස වසා ගන්නා පුරුෂයා, තම හිසට නිගරු කරයි.
5
එහෙත් හිස නො වසා යාච්ඤා කරන හෝ දිවැස් වැකි පවසන හෝ ස්ත්‍රිය තම හිසට නිගරු කරයි. එය ඇගේ හිස මුඩු කරගෙන සිටිනවා වැනි ය.
6
යම් ස්ත්‍රියක් තම හිස වසා ගන්නේ නැතිනම්, ඇය කොණ්ඩය කොටකර කපා ගත යුතු ය. එහෙත් හිසකේ කපා ගැනීම හෝ මුඩු කර ගැනීම හෝ ස්ත්‍රියකට ලජ්ජාවට කරුණක් බැවින්, ඇය හිස වසා ගත යුතු ය.
7
පුරුෂයා දෙවියන්වහන්සේගේ ස්වරූපයත්, මහිමයත් වන බැවින්, ඔහු හිස වසා ගත යුතු නැත. එහෙත් ස්ත්‍රිය පුරුෂයාගේ මහිමයයි.
8
මන්ද පුරුෂයා ස්ත්‍රියගෙන් නො ව, ස්ත්‍රිය පුරුෂයාගෙනි.
9
තවද ස්ත්‍රිය උදෙසා පුරුෂයා නො ව, පුරුෂයා උදෙසා ස්ත්‍රිය මවන ලද්දේ ය.
10
දේව දූතයින් නිසා ස්ත්‍රිය ආධිපත්‍යයේ සලකුණක් තම හිසේ දරා සිටිය යුත්තේ එබැවිනි.
11
කෙසේ වෙතත්, ස්වාමින්වහන්සේ තුළ ස්ත්‍රිය, පුරුෂයාගෙන් නිදහස් නැත; පුරුෂයා ද ස්ත්‍රියගෙන් නිදහස් නැත.
12
මන්ද ස්ත්‍රිය, පුරුෂයාගෙන් සෑදුවා සේ ම, පුරුෂයා, ස්ත්‍රියගෙන් උපත ලබයි. එහෙත් සියලු දේම දෙවියන්වහන්සේගෙනි.
13
තම හිස නො වසා දෙවියන්වහන්සේට යාච්ඤා කිරීම, ස්ත්‍රියකට හොබනේදැයි ඔබම නිශ්චය කරන්න.
14
සොබා දහම විසින් ඔබට මෙය උගන්වනවා නො වේ ද? එය, දිගු හිසකේ පුරුෂයකුට නින්දාවක් බවත්,
15
එහෙත් ස්ත්‍රියකට දිගු කෙස් කළඹක් වේ නම්, එය ඇයට මහිමයක් බවත් ය. මන්ද ඇගේ කෙස් කළඹ ඇයට දී ඇත්තේ වැස්මක් වශයෙනි.
16
යමෙක් මේ පිළිබඳ විවාදයකට පෙලඹේ නම් අපට කීමට ඇත්තේ, අන් පිළිවෙතක් අපටවත්, දෙවියන්වහන්සේගේ සභාවලටවත් නැති බවයි.
17
පහත දැක්වෙන උපදෙස් සම්බන්ධව මා ඔබ පසසන්නේ නැත. මන්ද ඔබ එකට රැස්වන කල, එහිදී යහපතකට වඩා අයහපතක් සිදුවන බැවිනි.
18
පළමු කොට, සභාවක් වශයෙන් ඔබ එකට රැස්වන කල, ඔබ අතරේ බෙදීම් ඇති වග මට අසන්නට ලැබෙයි. තරමක් දුරට මම එය විශ්වාස කරමි.
19
ඔබ අතරේ අව්‍යාජ අය කවුරුන්දැයි හඳුනාගන්නා පිණිස, ඔබ අතර භේද තිබිය යුතු ය.
20
ඔබ එක්රැස් වන කල, ඔබ වළඳන්නේ ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය නො වේ.
21
මන්ද අහර ගැනීමේදී හැම කෙනෙක්ම, අන් අයට කලින් තමාගේ ආහාර කෑමට ඉක්මන් වෙයි. කෙනකු සාගින්නේ සිටියදී අන් කෙනෙක් බීමත් වෙයි.
22
කිම ද? කන්නට බොන්නට ඔබට ගෙවල් නැද්ද? නැතහොත් දෙවියන්වහන්සේගේ සභාවට නිගරු කරමින්, ඔබ කිසිවක් නැත්තවුන්ට අවමන් කරනවා ද? මා ඔබට මොනවා කියන්න ද? මේ ගැන මා ඔබට ප්‍රශංසා කරන්න ද? නැත; මා එසේ කරන්නේ නැත.
23
මන්ද ස්වාමින්වහන්සේගෙන් මා ලද දේ මම ඔබට භාර කළෙමි. එය නම්, යේසුස් ස්වාමින්වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ, උන්වහන්සේ රොටි ගෙන,
24
ස්තුති දී, එය කඩා, මෙසේ පැවසූ සේක; “ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මෙයයි. මා සිහි කිරීම පිණිස මෙය කරන්න.”
25
එලෙසම, රාත්‍රි භෝජනයෙන් පසු, උන්වහන්සේ කුසලාන ගෙන, “මේ කුසලාන මාගේ ලෙයින් පිහිටු වන අලුත් ගිවිසුමයි. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන කල, මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ” යි කී සේක.
26
යම් පමණ වර ඔබ මෙම රොටි අනුභව කරන කල, මේ කුසලානෙන් පානය කරන කල, උන්වහන්සේ නැවත පැමිණෙන තෙක්, ස්වාමින්වහන්සේගේ මරණය ඔබ ප්‍රකාශ කරන්නේ ය.
27
එබැවින් නුසුදුසු ලෙස ස්වාමින්වහන්සේගේ රොටි අනුභව කරන්නාවූත්, ඒ කුසලානෙන් පානය කරන්නාවූත් කවරකු වුව ද, ස්වාමින්වහන්සේගේ ශරීරයත්, උන්වහන්සේගේ රුධිරයත් කෙලෙසීමේ වරදකරුවෙක් වෙයි.
28
කෙනෙක් තමාම විනිශ්චය කරගෙන, ඉන්පසු මේ රොටි කෑවා වේ; මේ කුසලානෙන් බීවා වේ.
29
ශරීරය නො විමසා කන්නාවූ, බොන්නාවූ තැනැත්තා කන්නේත්, බොන්නේත් විනිශ්චය තමා පිට තබාගෙන ය.
30
ඔබ බොහෝ දෙනකු දුබලව හා රෝගීව සිටින්නේත්, ඇතමකු මැරී ගියේත් මේ නිසා ය.
31
එහෙත් අප අවංකව අපම විනිශ්චය කර ගන්නෙමු නම්, අප විනිශ්චය කරනු ලබන්නේ නැත.
32
ලෝකයා සමඟ දඬුවමට පත් නො වන පිණිස, ස්වාමින්වහන්සේ විසින් අප විනිශ්චය කරනු ලබන කල, අපි හික්මවනු ලබන්නෙමු.
33
එබැවින් මා සහෝදරයිනි, ඔබ කෑමට එක්රැස් වන කල, අන් අය ගැනත් බලා සිටින්න;
34
යමකුට කුසගිනි නම්, ඔබ එක්රැස් වන කල, එය විනිශ්චයට පාත්‍ර නො වන පිණිස, ඔහු ගෙදරදී කෑවා වේ. අනිකුත් දෑ ගැන, මම ඔබ වෙත ආ කල, උපදෙස් දෙන්නෙමි.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16