bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
1 Corinthians 5
1 Corinthians 5
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 6 →
1
මිසදිටුවන් අතරේ පවා නො ඉවසන අන්දමේ ලිංගික අනාචාරයක් ඔබ අතරේ සිදුවන වග සැබවින් ම ආරංචි වී ඇත. ඒ, කෙනෙක්, තම පියාගේ භාර්යාව තියාගෙන සිටින වගයි.
2
එහෙත් නුඹලා උදාරමින්! කළ යුතුව ඇත්තේ ශෝක වීම නො වේ ද? මේ දේ කළ පුද්ගලයා ඔබ අතරෙන් පහකර දමනු ලැබේවා.
3
ගතින් මා ඔබ හමුවේ නො වූවත්, ආත්මයෙන් ඔබ සමඟ සිටිමින්, මා ඒ දේ කළ තැනැත්තාට දැනටමත් විනිශ්චය ප්‍රකාශ කර ඇත්තෙමි.
4
යේසුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන් ඔබ එක්රැස් වන කල, මා ද මාගේ ආත්මයෙන් ඔබ සමඟ සිටියදී, යේසුස් අප ස්වාමින්වහන්සේගේ බලයෙන් යුතුව
5
ඔබ, ඒ පුද්ගලයාගේ ශරීරය විනාශ වීමට සාතන්ට බාර දිය යුත්තේ, ස්වාමින්වහන්සේගේ දවසේදී ඔහුගේ ආත්මය ගැලවෙන පිණිස ය.
6
ඔබේ පුරසාරම හොඳ නැත. මුහුන් ඇබින්දකින් මුළු පිටි පිඩ පිපෙන බව ඔබ දන්නේ නැති ද?
7
ඇත්තෙන්ම ඔබ නුමුහුන් බැවින්, අලුත් පිටි පිඩක් වන පිණිස පරණ මුහුන් බැහැර කරන්න. මන්ද අපගේ පාස්කු බැටළු පැටවාණන් වන ක්‍රිස්තුස්වහන්සේ, යාග කරනු ලැබ ඇත.
8
එබැවින් ද්වේශයේ හා දුෂ්ටකමේ පැරණි මුහුන්වලින් නො ව, අව්‍යාජත්වයේ හා සත්‍යයේ නුමුහුන් රොටියෙන් පාස්කු මංගල්‍යය සමරමු.
9
ලිංගිකව අනාචාරයේ ගැලෙන්නවුන් හා ඇසුරු නො කරන ලෙස මගේ ලිපියෙන් මම ඔබට ලියා ඇත්තෙමි.
10
ඉන් අදහස් කළේ, මේ ලෝකයේ ලිංගික අනාචාරීන් හෝ තණ්හාධිකයින් හා වංචනිකයින් හෝ පිළිම වඳින්නන් වෙතින් මුළුමනින් වෙන්ව සිටීම නො වේ. එසේ කිරීමට ඔබ මෙලොවින් ඉවත් විය යුතු වෙයි.
11
එහෙත් දැන් මා මේ ඔබට ලියන්නේ, ලිංගික අනාචාරයෙහි, තණ්හාවෙහි වරදකරුවකු වන කෙනකු හෝ පිළිම වඳින්නකු, අපහාසිකයකු, බේබද්දකු හෝ වංචනිකයකු වන සහෝදර නාමය දරන කිසිවකු සමඟ ඇසුරක් නො පවත්වන ලෙස හා එවැන්නකු සමඟ ආහාර ගැනීම නො කළ යුතු ය කියා ය.
12
මන්ද පිටස්තර අය විනිශ්චය කිරීමට මට ඇති කාරිය කුමක් ද? ඔබ විනිශ්චය කළ යුතුව ඇත්තේ, ඇතුළත සිටින්නන් නො වේ ද?
13
දෙවියන්වහන්සේ පිටත සිටින්නන් විනිශ්චය කරන සේක. “ඒ දුෂ්ටයා ඔබ අතරින් නෙරපා දමන්න.”
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16