bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
1 Corinthians 16
1 Corinthians 16
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
1
දැන්, ශුද්ධවතුන්ට සම්මාදම් ගැන: මා ගලාතියෙහි සභා යොමු කළ දෑට ඔබත් යොමු වන්න.
2
මා ආ කල, සම්මාදම් එකතු කරන්නට සිදු නො වන පිණිස, හැම සතියකම පළමු දින ඔබ හැම කෙනකුම, තම ලැබීම් අනුව කොටසක් වෙන් කර, එකතු කර තබන්න.
3
මා ආ කල, ඔබේ ඒ දීමනා, රැගෙන යෑමට සුදුස්සන් යයි ඔබේ අනුමැතිය ලද්දවුන්, ලිපි සමඟ යෙරුසලමට යවන්නෙමි.
4
ඒ ගමනට මාගේ යෑම ද යෝග්‍යයැයි පෙනේ නම්, ඔවුන් මා සමඟ යනු ඇත.
5
මකිදෝනිය හරහා යෑමට මා අදහස් කර සිටින නිසා, මකිදෝනිය හරහා ගිය පසු, ඔබ වෙත එන්නෙමි.
6
පසුව මා කොතැනකට යතත්, මගේ ගමනට ඔබේ උපකාරය ලැබෙන පිණිස, ඇතැම් විට මද කලක් හෝ ශීත සෘතුවම, ඔබ හා නවතින්නට මට හැකි වෙයි.
7
දැන්ම පැමිණ යන්තම් ගොඩවැදී යෑමට කැමැත්තක් නැති බැවින්, ස්වාමින්වහන්සේ අවසර දෙන සේක් නම්, කලක් ඔබ හා නැවතී සිටීම මගේ බලාපොරොත්තුවයි.
8
කෙසේ වෙතත් පෙන්තකොස්තය දක්වා මම එපීසයෙහි ගත කරමි.
9
මන්ද මහත් පලදායි සේවාවකට පුළුල් දොරක් මට ඇරී තිබේ. බොහෝ විරුද්ධවාදීහු ද මෙහි වෙති.
10
තිමෝති ඇවිත් ඔබ අතර සිටින අතරතුර, අපහසුතාවක් නැතිව සිටින්නට ඔහුට ඉඩ සලසන්න; මන්ද ඔහු කරන්නේ ද මා මෙන්ම ස්වාමින්වහන්සේගේ වැඩයි.
11
එබැවින් කිසිවකු ඔහු සුළු කොට නො සලකත්වා; මා වෙත සාමයෙන් ආපසු එන පිණිස, ඔහුගේ ගමනට උපකාර කරන්න; සෙසු සහෝදරයින් සමඟ ඔහුගේ පැමිණීම මම බලාපොරොත්තුව සිටිමි.
12
දැන්, අප සහෝදර අපොල්ලොස් ගැන: අනෙක් සහෝදරයින් සමඟ ඔබ වෙත එන්නැයි මා ඕනෑකමින් ඉල්ලා සිටියත්, දැන්ම ඒමට ඔහු කොහෙත්ම කැමති නැත. එහෙත් ඉඩ ලැබුණු කල ඔහු එනු ඇත.
13
කල්පනාකාරීව සිටින්න; ඇදහිල්ලේ නො සැලී සිටින්න; පුරුෂයින් සේ ක්‍රියා කරන්න; ශක්තිමත් වන්න.
14
ඔබ කරන හැම දෙයක්ම ප්‍රේමයෙන් යුතුව කරන්න.
15
අකායයෙන් මුලින්ම හැරුනවුන් වන්නේ ස්තේපනස් පවුල බවත්, ශුද්ධවතුන්ගේ සේවයට ඔවුන් කැමැත්තෙන් කැප වූ බවත් ඔබ දනිති. එබැවින් සහෝදරයිනි, මා උදක්ම ඔබෙන් ඉල්ලන්නේ,
16
එවැන්නවුනට හා ඔවුන් සමඟ වැඩට සහාය වන්නන්ට හා වෙහෙස වන්නන්ට යටත් වන ලෙසයි.
17
ස්තේපනස්, පොර්තුනාතුස් හා අකයිකස් යන අයගේ පැමිණීම ගැන මම ප්‍රීති වෙමි. මන්ද ඔබට නො හැකි වූ දේ ඔවුන්ගෙන් ලැබිය හැකි වූ හෙයිනි.
18
මන්ද ඔවුහු මගේ මෙන්ම ඔබේ ආත්මය ප්‍රබෝධවත් කළහ. මෙවැන්නන් අගේ කොට සලකන්න.
19
ආසියාවේ සභා ඔබට ආචාර කරති. අකිලා හා ප්‍රිස්කා ඔවුන්ගේ නිවසේ සභාව සමඟ ස්වාමින්වහන්සේ තුළ ඔවුන්ගේ උණුසුම් ආචාරය ඔබට එවති.
20
සහෝදර සැවොම ඔබට ආචාර කරති. ශුද්ධ සිපාචාරයකින් එකිනෙකාට සමාචාර දක්වන්න.
21
මම පාවුල්, මගේම අතින් මේ ආචාරය ලියමි.
22
යමෙක් ස්වාමින්වහන්සේට ප්‍රේම නො කරනවා නම්, ඔහු ශාප ලද්දෙක්ම වේවා! අපගේ ස්වාමින්වහන්ස, එනු මැනව!
23
යේසුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ සමඟ වේවා!
24
මාගේ ප්‍රේමය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ හැම සමඟ පවතී. ආමෙන්!
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16