bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
1 Corinthians 15
1 Corinthians 15
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 16 →
1
සහෝදරයිනි දැන්, මා ඔබට දේශනා කළ, ඔබ පිළිගත්, ඔබ පිහිටා සිටින ශුභාරංචිය ඔබට මතක් කරනු කැමැත්තෙමි.
2
ඒ මඟින් ඔබ ගැලවීම ලබන්නේ ද මා ඔබට පැවසූ වචනය ඔබ තරකොට අල්ලා ගතහොත් ය. නැතහොත් ඔබ විශ්වාස කර ඇත්තේ නිෂ්ඵලව ය.
3
ප්රමුඛව වැදගත් වූ දේ ලෙස මා ඔබට භාර කළේ, මා ද ලබාගත් දේ ය. එනම්, ශුද්ධ ලියවිල්ල පරිදි, ක්‍රිස්තුස්වහන්සේ අපේ පාප උදෙසා මැරුණ බවත්,
4
උන්වහන්සේ වළලනු ලැබූ බවත්, ශුද්ධ ලියවිලි පරිදි තුන් වන දවසේ උන්වහන්සේ නැගිටුවනු ලැබූ බවත්,
5
උන්වහන්සේ කේපස්ට ද ඉන්පසුව දොළොස් දෙනාට ද පෙනුණු බවත් ය.
6
ඉන්පසු උන්වහන්සේ සහෝදරයින් පන්සියයකට වඩා වැඩි දෙනකුට එකවර පෙනුණු සේක. එයින් ඇතමකු සැතපී ඇති නමුදු, ඉන් වැඩිදෙනා තවමත් ජීවත්ව සිටිති.
7
ඉන්පසු උන්වහන්සේ පෙනුණේ යාකොබ්ටත්, ඊටත් පසු සියලු අපෝස්තුලුවරුනටත්,
8
සියල්ලන්ටම පසු අකලට උපන්නකු වැනි වූ මටත් ය.
9
මන්ද අපෝස්තුලුවරුන් අතරින් ඉතාම සුළු තැනැත්තා මා ය; දෙවියන්වහන්සේගේ සභාවට පීඩා කළ බැවින්, අපෝස්තුලුවරයෙකැයි කියනු ලබන්නටවත් මම නො වටිමි.
10
එහෙත් මා කවර තත්වයක සිටිනවා ද, එසේව සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්රහයෙනි. මා වෙත වූ උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ඵල වූයේ නැත. ඇත්තටම ඒ හැමට වැඩියෙන් මම වෙහෙසී වැඩ කළෙමි. එහෙත්, මා නො ව, මා සමඟ වූ දෙවියන්වහන්සේගේ අනුග්රහයයි.
11
එබැවින් ඒ මා හෝ ඔවුන් හෝ වේවා, අපි එය දේශනා කරන්නෙමු; ඔබ එය විශ්වාස කළහ.
12
ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරනු ලබන්නේ, මළවුන්ගෙන් නැගිටුවන ලද, වශයෙන් නම්, මළවුන් නැගිටීමක් නැතැයි ඔබ ඇතමකු කියන්නේ කෙසේ ද?
13
මළවුන් නැගිටීමක් නැතිනම්, ක්‍රිස්තුස්වහන්සේ ද නැගිටුවනු ලැබ නැත.
14
ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවනු ලැබ නැතිනම්, අපගේ දේශනා කිරීම නිෂ්ඵල ය; ඔබගේ ඇදහිල්ලත් නිෂ්ඵල ය.
15
දෙවියන්වහන්සේ විසින් ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවන ලදැයි උන්වහන්සේ ගැන අප සාක්ෂි දී ඇති බැවින්, අප ද දෙවියන්වහන්සේ ගැන බොරු සාක්ෂි දුන් අය සේ ගැනේ. මන්ද මළවුන් නැගිටීමක් නැති වග සත්‍යය නම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේ නැගිටුවනු ලැබ නැත.
16
මන්ද මළවුන් නැගිටීමක් නැතිනම්, ක්‍රිස්තුස්වහන්සේ ද නැගිටුවනු ලැබ නැත.
17
ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවනු ලැබුවේ නැතිනම්, ඔබගේ ඇදහිල්ල ද නිරර්ථක ය; ඔබ තවමත් ඔබේ පාපවල ය.
18
එසේ නම්, ක්‍රිස්තුස්වහන්සේ තුළ සැතපුණු අය ද විනාශ වූවෝ වෙති.
19
ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට ඇති බලාපොරොත්තුව, මේ ජීවිතය තුළ පමණක් නම්, සියලු මිනිසුන්ට වඩා අනුකම්පා ලැබිය යුත්තෝ ද අපම ය.
20
එහෙත් සත්‍ය මෙයයි; සැතපුණු සියල්ලන්ගේ නාඹුල් පලයව ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ සේක්ම ය.
21
මන්ද මිනිසකු මඟින් මරණය පැමිණි සේ ම, මළවුන්ගෙන් නැගිටීම ද මිනිසකු මඟින් පැමිණේ.
22
මන්ද ආදම් තුළ හැමෝම මැරෙන්නා සේ, ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝ ජීවනයට ගෙනෙනු ලබති.
23
ඒ එකිනෙකාගේ තත්වයට අනුව ය. නාඹුල් පලය ක්‍රිස්තුස්වහන්සේ ය. අනතුරුව උන්වහන්සේ යළි පැමිණෙන කල, උන්වහන්සේට අයිතිවූවන් ය.
24
අවසානය පැමිණෙන්නේ, ක්‍රිස්තුස්වහන්සේ හැම පාලනයක්, හැම ආධිපත්‍යයක් හා බලය විනාශ කර, පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේට රාජ්‍යය බාර දුන් විට ය.
25
මන්ද උන්වහන්සේගේ සියලු සතුරන් උන්වහන්සේගේ පයට යටත් කරන තෙක්, උන්වහන්සේ රජකම් කළ යුතුම ය.
26
සුන් කර දමනු ලබන්නට සිටින අවසාන සතුරා මරණයයි.
27
දෙවියන්වහන්සේ, “සියලු දේම එතුමාණන්ගේ පයට යටත් කළ සේකැ” යි ශුද්ධ ලියවිල්ල පවසයි. එහෙත්, උන්වහන්සේගේ පයට සියලු දේම යටත් කළ තැනැන්වහන්සේ, ඒ “සියලු දේම” යන්නට ඇතුළත් නො වන බැව් පැහැදිලි ය.
28
මෙසේ, සියලු දේම උන්වහන්සේට යටත් කරනු ලැබූ පසු, ඒ සියලු දේම තමනට යටත් කළ දෙවියන්වහන්සේට පුත්‍රයාණන් ද යටත් වන සේක. එසේ වනුයේ, සෑම සියල්ලේ පූර්ණ පරමාධිපත්‍යය දෙවියන්වහන්සේම වන පිණිස ය.
29
අනෙක් අතට මළවුන් නැගිටීමක් නැතිනම්, මළවුන් උදෙසා බව්තීස්ම කරනු ලැබීමේ තේරුම කුමක් ද? මළවුන් නැගිටුවීමක් කොහෙත්ම නො වේ නම්, ඔවුන් උදෙසා මිනිසුන් බව්තීස්ම කරන්නේ මන්ද?
30
හැම පැයකදීම උපද්‍රවයන්ට අප මුහුණ පාන්නේ මන්ද?
31
සහෝදරයිනි, හැම දිනෙකම මා මැරෙනවායි මා ප්‍රකාශ කරන්නේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ ඔබ ගැන මට ඇති ආඩම්බරයෙනි.
32
එපීසයේදී මා වන මෘගයින් සමඟ පොර බැදුවේ හුදු මිනිස් පෙලඹවීමෙන් නම්, මට එයින් ලැබෙන්නේ කුමක් ද? මළවුන් නැගිටුවනු නො ලැබේ නම්, “හෙට අප මියෙන බැවින්, අද අපි කමු; බොමු.”
33
නො රැවටෙන්න: “නරක ඇසුරින් හොඳ චරිත දූෂ්‍ය වේ.”
34
යුතු පරිදි සිහි කල්පනාවට යළි පැමිණ, පව් කිරීම නවතන්න. දෙවියන්වහන්සේ ගැන නො දන්නා අය ඔබ අතරේ වෙතැයි මා කියන්නේ ඔබට ලජ්ජා වන්නට ය.
35
“මළවුන් නැගිටුවන්නේ කෙසේ ද? ඔවුන් නැගිට එන්නේ කවර ආකාර ශරීරයකින් දැ?” යි යමෙක් අසනු ඇත.
36
අඥානය, ඔබ වපුරන බීජය මළොත් මිසක, රෝපණය වී ජීවනයට එන්නේ නැත.
37
ඔබ වපුරන්නේ මතු ඇති වන පැළෑටි කඳ නො ව, ඇතැම් විට, තිරිඟු හෝ අන් වර්ගයක හෝ බීජයක් පමණ ය.
38
එහෙත් තමන්වහන්සේ නියම කළ පරිද්දෙන්, ඊට කඳක් දෙන්නේ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ සෑම බීජයකට ඊට ආවේණික කඳන් දෙන සේක.
39
සියලු මාංස ද එකාකාර නැත. මනුෂ්‍යය මාංස එක් ආකාරයකි. මෘගයින්ගේ වෙන අයුරකි. පක්ෂීන්ගේ තව අයුරකි. මත්ස්‍යයින්ගේ වෙනත් අයුරකි.
40
ආකාශ වස්තු ද භූමික වස්තු ද ඇත. ආකාශ වස්තුවල ශෝභාව එක් අයුරකි. භූමික වස්තුවල ශෝභාව වෙන අයුරකි.
41
සූර්යයාගේ ශෝභාව එක් අයුරකි. චන්ද්‍රයාගේ ශෝභාව වෙන අයුරකි. තාරකාවල ශෝභාව තව අයුරකි. එක් තාරකාවක් ශෝභාවෙන් තවත් තාරකාවකට වෙනස් ය.
42
මළවුන් නැගිටීම පිළිබඳව ද එසේම ය. වපුරනු ලබන්නේ දිරා යන්නකි; නැගිටුවනු ලබන්නේ නො දිරා යන්නකි.
43
වපුරනු ලබන්නේ අගෞරවයෙනි; නැගිටුවනු ලබන්නේ තේජසිනි. වපුරනු ලබන්නේ දුබලව ය; නැගිටුවනු ලබන්නේ බලයෙන් යුතුව ය.
44
වපුරනු ලබන්නේ ස්වාභාවික ශරීරයකි; නැගිටුවනු ලබන්නේ ආත්මික ශරීරයකි. ස්වාභාවික ශරීරයක් වේ නම්, ආත්මික ශරීරයක් ද වෙයි.
45
මෙසේ ලියා ඇති පරිදි: “පළමු මිනිසා, ආදම් ජීවමාන පුද්ගලයෙක් විය. අවසාන ආදම් ජීවනදායක ආත්මයක් විය.”
46
එසේ වුව ද, පළමුව එන්නේ ආත්මික දේ නො ව ස්වාභාවික දේයි. ආත්මික දේ ඉන් පසුවයි.
47
පළමු මිනිසා භූමියෙනි; දූවිල්ලෙන් වූ මිනිසෙකි. දෙවන මිනිසා ස්වර්ගයෙනි.
48
භූමිකයා යම් සේ ද භූමියෙන් වූවෝ ද එසේම ය. ස්වර්ගිකයාණන් යම් සේ ද, ස්වර්ගීක වූවෝ ද එසේම ය.
49
අප, දූවිල්ලෙන් වූ තැනැත්තාගේ ස්වරූපය දැරූ සේ ම, ස්වර්ගීය තැනැත්තාණන්ගේ ස්වරූපය ද දරන්නෙමු.
50
සහෝදරයිනි, මසට හා ලෙයට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කර ගත නො හැකි වග, දිරා යන දේට නො දිරන දේ උරුම නැති වග මම ඔබට ප්‍රකාශ කරමි.
51
මේ අහන්න! මම ඔබට අබිරහසක් පවසමි; අප සියල්ලන් සැතපෙන්නේ නැත. එහෙත් අපි හැම වෙනස් කරනු ලබන්නෙමු.
52
සැණෙක, ඇසි පිය ගසද්දී, අන්තිම හොරණෑ හඬ සමඟම එය වෙයි. මන්ද හොරණෑව හැඬවෙන කල, මළාහු අමරණ ස්වභාවයෙන් නැගිටුවනු ලබන්නෝ ය; අපිදු වෙනස් කරනු ලබන්නෙමු.
53
මන්ද දිරා ජරාවට යන මෙම සිරුර, නො දිරන භාවයෙන් ද මැරෙන සුළු මෙම සිරුර, අමරණ භාවයෙන් ද පැලඳවිය යුතු ය.
54
මෙසේ දිරා යන දේ නො දිරන බවින් ද මරණයට පත් වන දේ අමරණ බවින් ද පැලඳූ කල, ලියා ඇති කියමන ඉටු වෙයි; එනම්: “විජයග්රහණයේදී මරණය ගිල දමන ලදී.”
55
“එම්බා මරණය, තගේ ජය කොහි ද? එම්බා මරණය, තගේ විස දළ කොහි ද?”
56
මරණයේ විෂ දළය පාපයයි. පාපයේ බලය දහම් නීතියයි.
57
එහෙත් දෙවියන්වහන්සේට ස්තුති වේවා! උන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් අපට ජය දෙන සේක.
58
එබැවින්, මා ප්‍රේමණීය සහෝදරයිනි, නො සැලී, ස්ථිරව සිටින්න. ස්වාමින්වහන්සේට ඔබගේ වෙහෙසීම අපතේ නො යන බැව් ඔබ දන්නා බැවින්, නිබඳව ස්වාමින්වහන්සේගේ වැඩෙහි වඩ වඩා යෙදෙන්න.
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16