bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
1 Corinthians 14
1 Corinthians 14
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 15 →
1
ප්‍රේමය ලුහුබැඳ යන්න. ආත්මික දීමනා ලබන්නට අතිශය ආශා වන්න. දිවැස් වැකි පැවසීමට වෙසෙසින් ආශා වන්න.
2
මන්ද අන්‍ය භාෂා කථනයෙහි යෙදෙන අය කතා කරන්නේ මිනිසුනට නො ව දෙවියන්වහන්සේට ය. මන්ද ඔහු පවසන දෑ කිසිවකුටත් වැටහෙන්නේ නැත; ඔහු ආත්මයාණන් මඟින් අබිරහස් පවසයි.
3
එහෙත් දිවැස් වැකි පවසන්නා අන්‍යයන්ගේ අභිවෘද්ධියට, ධෛර්යවත් කිරීමට හා සැනසීමට මිනිසුනට කතා කරයි.
4
අන්‍ය-භාෂාවකින් කතා කරන්නා තමාගේ අභිවෘද්ධිය සලසා ගනී. එහෙත් දිවැස් වැකි පවසන්නා සභාවේ අභිවෘද්ධිය සලසයි.
5
ඔබ සැවොම අන්‍ය භාෂා කතා කරනවාට කැමැත්තෙමි; එහෙත් ඔබ දිවැස් වැකි පවසනවාට ඊට බොහෝ වැඩියෙන් කැමැත්තෙමි. සභාවේ අභිවෘද්ධිය පිණිස අන්‍ය භාෂා කතා කරන්නා පවසන දෑ, අන් අයට පහදා දෙන්නේ නම් මිස, දිවැස් වැකි පවසන්නා ඔහුට වඩා උතුම් ය.
6
සහෝදරයිනි, මා ඔබ වෙත පැමිණ, යම් එළිදරවුවක් හෝ දැනගැන්මක් හෝ දිවැස් වැකි හෝ ඉගැන්වීමක් හෝ නො කර, අන්‍ය භාෂා කතා කළහොත්, මා ඔබට කවර සෙතක් සලසා ද?
7
නළාව හෝ වීණාව වැනි අප්‍රාණික සංගීත භාණ්ඩයක් පැහැදිලි ස්වරයක් වාදන නො කෙරේ නම්, වැයෙන්නේ කවර තනුවක්දැයි කෙනකු හැඳින ගන්නේ කෙසේ ද?
8
එසේම යුද හොරණෑව අනුමාන නාදයකින් හැඬවේ නම්, සටනට සැරසෙන්නේ කවුරු ද?
9
ඔබ පිළිබඳවත් එසේම ය; ඔබගේ දිවෙන් ඔබ තේරුම් ගත හැකි වචන කතා නො කළහොත්, කුමක් කියන්නේදැයි කෙනකු දැනගන්නේ කෙසේ ද? මන්ද ඔබ සුළඟට කතා කරනවා වැන්න.
10
බොහෝ විවිධ භාෂා ලෝකයේ තිබේ. ඉන් කවර බසක් හෝ අරුත් රහිත නැත.
11
යමෙක් කතා කරන භාෂාව මට වැටහෙන්නේ නැතිනම්, ඒ කථිකයාට මා විදෙස්සෙකි. කථිකයා ද මට විදෙස්සෙකි.
12
ඔබ පිළිබඳවත් එසේම ය; ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම් ලබන්නට දැඩි ආශාවෙන් පසු වන ඔබ, සභාවේ අභිවෘද්ධිය උසස් කිරීමට උත්සුක වන්න.
13
මෙනිසා, අන්‍ය භාෂා කතා කරන්නා අරුත පහදා දීමේ වරය ද ඉල්ලා යාච්ඤා කළ යුතු ය.
14
මන්ද මා අන්‍ය-භාෂාවකින් යාච්ඤා කරන කල, මාගේ ආත්මය යාච්ඤා කරන නමුත්, මගේ මනසට පලක් නැත.
15
මම කුමක් කරම් ද? මාගේ ආත්මයෙන් යාච්ඤා කරමි; මගේ මනසින් ද යාච්ඤා කරමි. මාගේ ආත්මයෙන් පැසසුම් ගී ගයමි; මගේ මනසින් ද ගී ගයමි.
16
ඔබ ආත්මයෙන් ස්තුති දෙන විට කෙනකුට ඔබ කියන දේ නො වැටහේ නම්, ඔබගේ ස්තුති දීමට ඔහු ආමෙන් කියන්නේ කොහොම ද?
17
ඔබ සිතේ හැටියට ස්තුති දුන්නා විය හැක. එහෙත්, අනෙකාගේ වර්ධනයක් සිදු නො වේ.
18
ඔබ හැමට වඩා මා අන්‍ය භාෂා කතා කරන බැවින් මම දෙවියන්වහන්සේට ස්තුති කරමි.
19
එහෙත් සභාවකදී අන්‍ය-භාෂාවෙන් වචන දස දහසක් පවසනවාට වඩා, අන්‍යයන්ට උපදෙස් පිණිස, මගේ මනසින් වචන පහක් කතා කරනු කැමැත්තෙමි.
20
සහෝදරයිනි, ළමයින් මෙන් සිතීම නවතන්න. නපුර සම්බන්ධව බිළිඳුන් වන්න; සිතිවිලිවලින් වැඩිහිටියන් වන්න.
21
දහම් නීතියේ ලියා තිබෙන්නේ: “අමුතු භාෂිත මිනිසුන් මඟින් හා විදෙස්සන්ගේ තොල්වලින් මම, මේ ජනයාට කතා කරන්නෙමි, එහෙත්, ඊට පසුත් ඔවුන් මට සවන් දෙන්නේ නැතැයි ස්වාමින්වහන්සේ කියන සේකැ” යි කියා ය.
22
එබැවින් අන්‍ය භාෂා ඇදහිලිවතුන් උදෙසා නො ව, නො අදහන්නන්ට ලකුණකි. එහෙත් දිවැස් වැකි නො අදහන්නන්ට නො ව, ඇදහිලිවතුන් උදෙසා ය.
23
සභාවේ හැම එක් රැස්ව, හැම කෙනකුම අන්‍ය භාෂා පවසමින් සිටියදී, මේ ගැන දැනුම නො ලත් හෝ නො ඇදහිලිවතුන් එතැනට පැමිණියහොත්, ඔබ හැමගේ සිහි විකල් වෙලායි ඔවුන් නො කියා ද?
24
එහෙත් ඔබ හැම දිවැස් වැකි කියන කල, නො ඇදහිලිවතකු හෝ මේ ගැන දැනුම නො ලත්තකු පැමිණියහොත්, ඒ සියල්ලෙන් ඒත්තු ගෙන, සියල්ල මඟින් විනිශ්චය කරනු ලබනු ඇත.
25
ඔහුගේ හදෙහි රහස් හෙළි වී, දෙවියන්වහන්සේ සැබවින් ම ඔබ අතරේ ය කියමින්, මුහුණ බිම ඔබා දෙවියන්වහන්සේට නමස්කාර කරනු ඇත.
26
එසේ නම් සහෝදරයිනි, තව මොනවා ද? ඔබ එක්රැස් වන කල, එක් එක් කෙනාට ගීතිකාවක්, පාඩමක්, එළිදරවුවක්, අන්‍ය-භාෂාවක් හෝ එහි පරිවර්තනයක් ඇත. ඒ හැම දේ වර්ධනය සඳහා වේවා.
27
අන්‍ය-භාෂාවක් වේ නම්, දෙදෙනෙක්, වැඩිම වුණොත් තිදෙනෙක් කෙනකුට පසුව, කෙනකු වශයෙන් සිටීවා. කෙනෙක් එය පරිවර්තන කරත්වා.
28
පරිවර්තනයට කෙනකු නො වේ නම්, ඔවුන් සභාව තුළ නිහඬව සිටිමින්, තමන් තුළ හා දෙවියන්වහන්සේ සමඟ කතා කරත්වා!
29
දිවැසිවරු දෙදෙනෙක් හෝ තිදෙනෙක් කතා කරත්වා. සෙසු අය ඒ කී දෑ විමසා බලත්වා.
30
සභාවේ හිඳ සිටින තවත් කෙනකුට එළිදරවුවක් පැමිණියහොත්, පළමු වැන්නා නිහඬ විය යුතු ය.
31
මෙසේ හැම දෙනාම ඉගෙන ගන්නා පිණිසත්, දිරි ගන්වන පිණිසත්, දිවැස් වැකි පැවසීමට ඔබ සැමට පුළුවන.
32
දිවැසිවරුන්ගේ ආත්ම, දිවැසිවරුන්ට යටත් ය.
33
මන්ද දෙවියන්වහන්සේ, වියවුල්කමේ නො ව, සාමයේ දෙවියන්වහන්සේ ය. ශුද්ධවන්තයින්ගේ හැම සභාවක් තුළම තිබෙන පරිදි එසේ ය.
34
ස්ත්‍රීන් සභාවලදී නිහඬව සිටිය යුතු ය; එහිදී කතා කිරීමට ඔවුන්ට අවසර නැත. දහම් නීතිය ද කියන පරිදි, ඔවුන් යටත්ව සිටිය යුතු ය.
35
යමක් විමසා දැනගැනීමට උවමනා නම්, තම ස්වාමි පුරුෂයන්ගෙන් ගෙදරදී විමසත්වා. මන්ද සභාවේදී කතා කිරීම ස්ත්‍රියකට ලජ්ජාවකි.
36
දෙවියන්වහන්සේගේ වචනය මුලින්ම පැන නැගුණේ ඔබ වෙතින් ද? නැතහොත් එය ළඟා වූ එකම ජනයා ඔබ පමණක් ද?
37
තමා දිවැසිවරයෙක් ය, ආත්මික කෙනෙක් ය කියා යමෙක් සිතන්නේ නම්, මා ඔබට ලියන දෑ ස්වාමින්වහන්සේගේ ආඥාවක් වග ඔහු ඒත්තු ගත යුතු ය.
38
මේ දෑ හඳුනා නො ගන්නා ද හඳුනා නො ගැනේ.
39
එබැවින් මා සහෝදරයිනි, දිවැස් වැකි පැවසීමට ආශා වන්න. අන්‍ය භාෂා කථනය තහනම් නො කරන්න.
40
එහෙත් හැම දෙයක්ම සුදුසු පරිදි, පිළිවෙලකට කළ යුතුව ඇත.
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16