bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
1 Corinthians 7
1 Corinthians 7
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 8 →
1
දැන්, ඔබ ලියා ඇති කරුණු ගැන සිත් යොමමු: “ස්ත්‍රියක සමඟ ලිංගික ඇසුරක් නැතිව සිටීම මිනිසකුට හොඳ ය.”
2
එහෙත්, ලිංගික අනාචාරයේ පරීක්ෂාව හේතු කොට හැම මිනිසෙක්ම තමාට භාර්යාවක ඇතිව හා හැම ස්ත්රියකම තමාට ස්වාමි පුරුෂයකු ඇතිව සිටිය යුතු ය.
3
ස්වාමි පුරුෂයා සිය භාර්යාවට විවාහ යුතුකම් ඉටු කළ යුතු අතර, භාර්යාව සිය ස්වාමි පුරුෂයාට එලෙසම කළ යුතු ය.
4
භාර්යාවකට තම ශරීරය ගැන ආධිපත්‍යය නැත; ඇත්තේ ඇගේ ස්වාමි පුරුෂයාට ය. එලෙස ස්වාමි පුරුෂයාට ද තම ශරීරය කෙරේ ආධිපත්‍යය නැත; ඇත්තේ ඔහුගේ භාර්යාවට ය.
5
දෙදෙනාගේ එකඟතාවයෙන් මද කලකට යාච්ඤාවට කැප වන පිණිස මිස, එකිනෙකාගෙන් වෙන්ව නො සිටින්න; ඉන්පසු යළි එක් විය යුත්තේ, ආත්ම සංයමයේ ඔබගේ දුබලතා හේතුවෙන්, සාතන් ඔබ පරීක්ෂාවට ඇද දමනු නො ලබන පිණිස ය.
6
මා මෙය කියන්නේ අවසරයක් වශයෙන් මිස, නියෝගයක් ලෙස නො වේ;
7
හැම කෙනකුම මා සිටින ලෙස සිටී නම් කැමැත්තෙමි. එහෙත් එක් ලෙසකින් හෝ වෙනත් ලෙසකින් එක් එක් කෙනාට දෙවියන්වහන්සේ වෙතින් දීමනාවක් ඇත.
8
අවිවාහකයින්ටත්, වැන්දඹු අයටත් මා කියන්නේ, මා වගේ තනිකඩව සිටීම ඔවුන්ට හොඳ වග ය.
9
එහෙත් ඔවුනට තම හැඟීම් පාලනය කර ගත නො හැකි නම්, විවාහ වීම සුදුසු ය. මන්ද රාගයෙන් දැවෙනවාට වඩා විවාහ වීම හොඳ ය.
10
විවාහකයනට මම මෙසේ අණ කරමි. (මෙය මාගෙන් නො ව, ස්වාමින්වහන්සේගෙන් ය) භාර්යාවක් තම ස්වාමි පුරුෂයාගෙන් වෙන් නො විය යුතු ය.
11
ඇය වෙන්ව ගියහොත් ඇය අවිවාහකව සිටිය යුතු ය. නැතහොත් තම ස්වාමි පුරුෂයා හා යළි සමඟි විය යුතු ය. ස්වාමි පුරුෂයා ද තම භාර්යාව දික්කසාද නො කළ යුතු ය.
12
සෙසු අයට මම මෙසේ කියමි, (ස්වාමින්වහන්සේ නො ව, මා ය). යම් සහෝදරයකුට ඇදහිලිවන්තියක නො වූ භාර්යාවක සිටී නම්, ඔහු හා විසීමට ඇය මනාප නම්, ඔහු ඇය දික්කසාද නො කළ යුතු ය.
13
යම් ස්ත්‍රියකට ඇදහිලිවන්තයකු නො වූ ස්වාමි පුරුෂයකු සිටී නම්, ඇය හා විසීමට ඔහු මනාප නම්, ඇය ඔහුගෙන් දික්කසාද නො විය යුතු ය.
14
මන්ද ඇදහිලිවතකු නො වූ ස්වාමි පුරුෂයා, ඔහුගේ භාර්යාව නිසා ශුද්ධවත් බවට පත් කෙරේ. ඇදහිලිවන්තියක නො වූ භාර්යාව ඇගේ ස්වාමි පුරුෂයා නිසා ශුද්ධවත් බවට පත් කෙරේ. එසේ නො වී නම් ඔවුන්ගේ දරුවන් අපවිත්‍ර වනු ඇත; එහෙත් ඔවුන් ශුද්ධ ය.
15
එහෙත්, නො ඇදහිලිකාර පක්ෂය වෙන්ව යතොත්, එසේ වුණා වේ. සහෝදරයා හෝ සහෝදරිය බැඳීමකට යටත් නැත. දෙවියන්වහන්සේ අප කැඳවා ඇත්තේ සාමයට ය.
16
එම්බා භාර්යාව, ඔබ ඔබගේ ස්වාමි පුරුෂයා ගලවා ගනීදැයි දන්නේ කොහොම ද? එම්බා ස්වාමි පුරුෂය, ඔබ ඔබගේ භාර්යාව ගලවා ගනීදැයි දන්නේ කොහොම ද?
17
හැම කෙනකුම ස්වාමින්වහන්සේ එකිනෙකාට පැවරූ ප්‍රකාරයට, තමාට දෙවියන්වහන්සේගේ කැඳවීමට අනුව, ජීවිතය ගෙන යා යුතු ය. සියලු සභා තුළ මාගේ නියෝගය මෙයයි.
18
යමෙක් කැඳවීම ලබන කල, චර්මඡේදිතව සිටියේ ද, ඔහු චර්ම-ඡේදන ලකුණු ඉවත් කර ගැනීමට නො සොයත්වා. යමෙක් කැඳවීම ලබන කල, චර්මඡේදිතව නො සිටියේ ද, ඔහු චර්මඡේද වන්නට නො සොයත්වා.
19
මන්ද ගණන් ගැනෙන්නේ චර්ම-ඡේදනය හෝ චර්ම අඡේදනය හෝ නො ව, දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීම ය.
20
හැම කෙනෙක්ම තමන් කැඳවීම ලබන විට සිටි තත්වයෙහිම පැවතිය යුතු ය.
21
කැඳවීම ලබන කල, ඔබ වහලකුව සිටියේ ද? ඒ ගැන කරදර නො වන්න. එහෙත්, නිදහස ලබා ගත හැකි නම්, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.
22
මන්ද වහලකු ලෙස ස්වාමින්වහන්සේ තුළ කැඳවීම ලද තැනැත්තා, ස්වාමින්වහන්සේගේ නිදහස් මිනිසෙකි. එලෙසම නිදහස් මිනිසකුව සිටියදී කැඳවීම ලද තැනැත්තා, ක්‍රිස්තුස්වහන්සේගේ වහලෙකි.
23
මිලයක් ගෙවා, ඔබ මිලයට ගනු ලැබ ඇත. මිනිසුන්ගේ වහලුන් නො වන්න.
24
සහෝදරයිනි, එබැවින් තමන් කැඳවීම ලද්දේ කවර තත්වයක සිටියදී ද, දෙවියන්වහන්සේ සමඟ ඔහු එහිම පැවත සිටීවා.
25
දැන්, කන්‍යාවන් පිළිබඳව: මේ සම්බන්ධ අණක් ස්වාමින්වහන්සේගෙන් මට ලැබී නැත. එහෙත්, ස්වාමින්වහන්සේගේ දයාව හේතු කොට විශ්වාසය දිනූ කෙනකු වශයෙන් මම මගේ තීරණය දන්වමි.
26
වත්මන් අර්බුදකාරී තත්වය හමුවේ, කෙනෙක් දැන් සිටින අයුරින්ම සිටීම යෙහෙකැයි මම සිතමි.
27
ඔබ භාර්යාවකට බැඳී සිටී ද? නිදහස් වන්නට නො සොයන්න. ඔබ භාර්යාවකගෙන් නිදහස් ද? භාර්යාවක නො සොයන්න.
28
එහෙත් ඔබ විවාහ වුවත්, එය පාපයක් නො වේ. තවද කන්‍යා ස්ත්‍රියක් විවාහ වුවත්, එය පාපයක් නො වේ. එහෙත් විවාහ වන්නන්ට ලෞකික කරදර ඇති වේ. මා කරන්නේ ඔබ ඉන් වැළැක්වීමයි.
29
සහෝදරයිනි, මා අදහස් කරන්නේ මෙයයි. ඉතිරි වී ඇති කාලය කෙටි ය. භාර්යාවන් ඇති අය මෙතැන් පටන් භාර්යාවන් නැත්තන් මෙන් වෙසෙත්වා.
30
ශෝක වන්නන්, ශෝක නො වූවන් මෙන් ද ප්‍රීති වන්නන්, ප්‍රීති නො වූවන් මෙන් ද මිලයට ගන්නන්, අයිති නැත්තන් මෙන් ද
31
ලෝකයේ සැප විඳින්නන්, ඒවායේ නො ගැලෙන්නන් මෙන් ද වෙත්වා. මන්ද මේ වත්මන් ලෝකය පහ වී යන්නේ ය.
32
ඔබ කනස්සලු වීමෙන් තොරව සිටීම මගේ කැමැත්තයි. අවිවාහක මිනිසා, ස්වාමින්වහන්සේ ප්‍රසන්න කරන්නේ කෙසේදැයි ස්වාමින්වහන්සේගේ කටයුතු ගැන සැලකිලිමත් වෙයි.
33
එහෙත්, විවාහක මිනිසා, තම භාර්යාව සතුටු කරන්නේ කෙසේදැයි ලෞකික දෑ ගැන කනස්සලු වෙයි.
34
ඔහුගේ උනන්දුව දෙපිල බෙදෙයි. අවිවාහක ස්ත්‍රිය නැතහොත් කන්‍යාවිය ශාරීරිකව හා ආත්මිකව ශුද්ධව සිටින්නේ කෙසේදැයි ස්වාමින්වහන්සේගේ කටයුතු ගැන සැලකිලිමත් වන්නී ය. එහෙත් විවාහක ස්ත්‍රිය තම ස්වාමි පුරුෂයා සතුටු කරන්නේ කෙසේදැයි ලෞකික දෑ ගැන කනස්සලු වන්නී ය.
35
මා මෙසේ කියන්නේ ඔබේම යහපත පිණිස මිස, ඔබට තහංචි පනවන්නට නො වේ; වඩාත් නිසි ලෙස කටයුතු කරමින්, ස්වාමින්වහන්සේට නො බෙදුණු කැපවීමකින් පවතින පිණිස ය.
36
තමා විවා ගිවිසි කන්‍යාවිය සම්බන්ධව තමා නුසුදුසු ලෙස ක්‍රියා කර ඇතැයි යමෙක් සිතත් නම්, විවාහයට නිසි ඇගේ කල වයසත් පසුවී යේ නම්, ඇය ආවාහ කර ගත යුතු යයි ඔහුට හැඟේ නම්, ඔහු කැමති ලෙස කරත්වා. එය පාපයක් නො වේ.
37
එහෙත්, තම හදවත නො වෙනස්ව තබාගෙන, කිසි බලපෑමක් ද නැතිව, තම ආශා හික්මවාගෙන, විවා ගිවිසි කන්‍යා-තරුණිය හා එක් නො වීමට හදින් අදිටන් කොට, ඒ ගැන ස්ථිර නිගමනයකට පැමිණි තැනැත්තා කරන්නේ ද හරි දෙයයි.
38
මෙසේ තම කන්‍යාවිය ආවාහ කරගන්නා හරි දේ කරයි. එසේ විවාහ වීමෙන් වැළකී සිටින්නා වඩා හරි දේ කරයි.
39
භාර්යාවක් ඇගේ ස්වාමි පුරුෂයා ජීවත්ව සිටින තාක් කල් ඔහුට බැඳී සිටින්නී ය. එහෙත් ඇගේ ස්වාමි පුරුෂයා මළොත්, තමන් කැමති කෙනකු හා යළි විවාහ වීමට ඇයට නිදහස ඇත. එහෙත් ස්වාමින්වහන්සේ තුළ පමණි.
40
එහෙත් ඇය සිටින ලෙස සිටීම වඩා භාග්‍යවත් බවයි මගේ අදහස. මට ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඇතැයි මම සිතමි.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16