bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
1 Corinthians 12
1 Corinthians 12
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 13 →
1
දැන් ආත්මික දීමනා ගැන; සහෝදරයිනි, ඔබ මේ ගැන නො දැන සිටිනවාට නො කැමැත්තෙමි.
2
ඔබ අන්‍ය-ලබ්ධිකයින්ව සිටියදී, එලෙස හෝ මෙලෙස මෙහෙය වනු ලැබ, කතා බැරි පිළිම රූප වෙත මුළා කරනු ලැබූ හැටි ඔබම දනිති.
3
එබැවින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මඟින් කතා කරන කිසිවකුට, “යේසුස්වහන්සේ ශාප ලත් කෙනෙකැ” යි කීමට කොහෙත්ම බැරි වගත්, ශුද්ධාත්මයාණන්වහන්සේ මඟින් මිස, “යේසුස්වහන්සේ ස්වාමින්වහන්සේ යැ” යි කීමට කිසිවකුට බැරි වගත් ඔබට දන්වන්නට කැමැත්තෙමි.
4
විවිධාකාර වූ දීමනා ඇත්තේ ය; එහෙත් එකම ආත්මයාණන්වහන්සේ ය.
5
විවිධාකාර වූ සේවාවන් ඇත්තේ ය; එහෙත් එකම ස්වාමින්වහන්සේ ය.
6
විවිධාකාර වූ ක්‍රියාකාරකම් ඇත්තේ ය; එහෙත් සියල්ලන්ට හැම අයුරින් බලය පවරන්නේ එකම දෙවියන්වහන්සේ ය.
7
එකිනෙකාට ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම් දී ඇත්තේ, පොදු යහපත උදෙසා ය.
8
ආත්මයාණන් මඟින් කෙනකුට ප්‍රඥාව කතා කිරීම ද තව කෙනකුට එම ආත්මයාණන්ට අනුකූලව දැනගැන්ම කතා කිරීම ද
9
තව කෙනකුට එම ආත්මයාණන් මඟින් ඇදහිල්ල ද එම එක ආත්මයාණන් මඟින් තවත් කෙනකුට සුව කිරීමේ දීමනා ද
10
තව කෙනකුට හාස්කම් සිදු කිරීම ද තවත් කෙනකුට දිවැස් වැකි කීම ද තවත් කෙනකුට ආත්ම අතරේ විමසීමේ හැකියාව ද තව කෙනකුට විවිධ භාෂා කතා කිරීම ද එසේම තවත් කෙනකුට එම භාෂාවල අර්ථ පහදා දීම ද දී තිබේ.
11
ස්වකීය අභිමතය පරිදි එක් එක් කෙනාට වෙන් වෙන් වශයෙන් මේ සියල්ල බෙදා, වෙන් කර දී, බලය පවරා දෙන්නේ ඒ එකම, ආත්මයාණන්වහන්සේ ය.
12
බොහෝ අවයව තිබුණත්, ශරීරය තනි එකකි. ශරීරයේ අවයව සියල්ල බොහෝ වුවත්, එක ශරීරයක් වන්නා සේ, ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳවත් එසේම ය.
13
මන්ද යුදෙව් හෝ ග්‍රීක් වේවා, වහල් හෝ නිවහල් වේවා අප සියල්ලෝ එකම ආත්මයාණන්වහන්සේ තුළ එක ශරීරයක් තුළට බව්තීස්ම කරනු ලැබීමු; තවද සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමු.
14
ශරීරය සැදුම් ලද්දේ එක් අවයවයකින් නො ව බොහොමයකිනි.
15
“මා අතක් නො වන බැවින් ශරීරයට මා අයිති නැතැ” යි පාදය කිව හැකි නමුදු, එයින් එය ශරීරයේ කොටසක් නො වන්නේ නැත.
16
තවද, “මා ඇසක් නො වන බැවින් ශරීරයට මා අයිති නැතැ” යි කන කිව හැකි නමුදු, එයින් එය ශරීරයේ කොටසක් නො වන්නේ නැත.
17
මුළු ශරීරය ඇසක් වී නම්, ඇසීම දැනෙන්නේ කොතැනකට ද? මුළු ශරීරය කනක් වී නම් ගඳ-සුවඳ විඳින්නේ කොතැනින් ද?
18
එහෙත් ශරීරයේ කොටස්, ඒ හැම එකක්ම, ඒ ඒ හැටියට දෙවියන්වහන්සේ සකසා ඇත්තේ ස්වකීය අභිමතය පරිදි ය.
19
ඒ සියල්ල එකම ශරීරාංගයක් වී නම්, ශරීරය කොයින් ද?
20
ඒ අනුව අවයව බොහොමයක් වෙතත්, එක ශරීරයකි.
21
අත අමතා, “නුඹ මට ඕනෑ නැතැ” යි කියන්නට ඇසටවත්, පාද අමතා, “නුඹලා මට ඕනෑ නැතැ” යි කියන්නට හිසටවත් නුපුළුවන.
22
සැබවින් ම, සිරුරේ දුබලයයි පෙනෙන අවයව අත්‍යවශ්‍ය වෙයි.
23
ගරුත්වයෙන් අඩු යයි අප සලකන අවයවවලට අපි වඩා ගරුත්වයක් දෙන්නෙමු. තවද අපගේ ශරීරයේ ශෝභාව නැති කොටස්වලට අප මහත් අවධානයක් දක්වතත්,
24
අපගේ වඩා ශෝභමාන කොටස්වලට එය අනවශ්‍ය ය. මෙසේ දෙවියන්වහන්සේ ශරීරය නිර්මාණ කර ඇත්තේ, ගරුත්වයෙන් අඩු අවයවවලට මහත් ගරුත්වයක් දෙමිනි.
25
එසේ කර ඇත්තේ ශරීරයේ භේද ඇති නො වී, අවයව එකිනෙකට සමාන සැලකිල්ලක් දක්වන පිණිස ය.
26
එවිට එක් අවයවයක් වේදනා විඳී නම්, සියලු අවයව එය සමඟ වේදනා විඳී; එක් අවයවයක් ගෞරව ලබයි නම්, සියලු අවයව ඒ සමඟ ප්‍රීති වේ.
27
එලෙස ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ය. ඔබ හැම කෙනෙක්ම එහි අවයවය ය.
28
දෙවියන්වහන්සේ සභාව තුළ පළමු කොට අපෝස්තුලුවරුන් ද දෙවනුව දිවැසිවරුන් ද තෙවනුව ගුරුවරුන් ද ඊ ළඟට හාස්කම් ද ඊ ළඟට සුව කිරීමේ දීමනා ද උපකාර ද පරිපාලනය හා විවිධ ආකාරයේ භාෂා ද පත් කළ සේක.
29
සියල්ලෝ අපෝස්තුලුවරු ද? සියල්ලෝ දිවැසිවරු ද? සියල්ලෝ ගුරුවරු ද? සියල්ලෝ හාස්කම් දක්වත් ද?
30
සියල්ලෝ සුව කිරීමේ දීමනා ලද්දෝ ද? සියල්ලෝ අන්‍ය භාෂා කතා කරත් ද? සියල්ලෝ අර්ථ පහදත් ද?
31
එහෙත්, වඩා උතුම් දීමනා සඳහා ඕනෑකමින් ආශා වන්න. වඩාත් විශිෂ්ට මාර්ගය මම දැන් ඔබට පෙන්වා දෙමි.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16