bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
John 11
John 11
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 12 →
1
එක්තරා මනුෂ්‍යයෙක් රෝගීව සිටියේ ය. ඔහු, මරියාගේ හා ඇගේ සහෝදරිය වන මාර්තාගේ ගම වූ බෙතානියේ ලාසරස් ය.
2
සුවඳ විලවුන්වලින් ස්වාමින්වහන්සේ ආලේප කර, තම හිසකෙසින් උන්වහන්සේගේ පා පිසදැමූ තැනැත්තිය මේ මරියා ය. රෝගීව සිටි ලාසරස් ඇගේ සහෝදරයා ය.
3
එබැවින් සහෝදරියෝ, “ස්වාමිනි, ඔබ ප්‍රේම කරන තැනැත්තා රෝගීව සිටිතැ” යි යේසුස්වහන්සේට දන්වා යැවූහ.
4
යේසුස්වහන්සේ ඒ ඇසූ කල, “මේ රෝගයේ කෙළවර මරණය නො වෙයි. එමඟින් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මහිමයට පමුණුවන පිණිස, දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය සඳහා යැ” යි පැවසූ සේක.
5
යේසුස්වහන්සේ මාර්තාට ද ඇගේ සහෝදරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක.
6
එබැවින් ලාසරස් රෝගීව සිටින වග ඇසූ කල, උන්වහන්සේ සිටි ස්ථානයේ තව දින දෙකක් නැවතී සිටි සේක.
7
අනතුරුව සිය ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “අපි ආයෙත් යුදයට යමු” යි කී සේක.
8
එවිට ගෝලයෝ උන්වහන්සේ අමතමින්, “රබ්බී, මේ ළඟදී යුදෙව්වන් ඔබට ගල් ගසන්නට සෙව්වා; ආයෙත් ඔබ එහි යනවාදැ?” යි ඇසූහ.
9
යේසුස්වහන්සේ උත්තර දෙමින්, “දහවලට දොළොස් පැයක් තියෙනවා නො වේ ද? කෙනෙක් දහවලේ ඇවිදිනවා නම් ඔහු පැකිළෙන්නේ නැත. මන්ද ඔහුට ලෝකයේ එළිය පෙනේ.
10
එහෙත් ඔහු ඇවිදින්නේ රාත්‍රියේ නම් ඔහු පැකිළෙයි; මන්ද ඔහු තුළ එළියක් නැතැ” යි කී සේක.
11
එසේ පැවසූ උන්වහන්සේ යළි කතා කරමින්, “අපේ මිත්‍ර ලාසරස් සැතපිලා. මා යන්නේ ඔහු පුබුදුවන්නට යැ” යි කී සේක.
12
“ස්වාමිනි, ඔහු සැතපී සිටී නම් ඔහු සුව වේවි” යි ගෝලයෝ පැවසූහ.
13
යේසුස්වහන්සේ පැවසුවේ ඔහුගේ මරණය ගැන ය. එහෙත් ඔවුන් සිතුවේ ඔහු විවේකීව නිදා සිටිතැයි කියා ය.
14
එබැවින් යේසුස්වහන්සේ පැහැදිලිව කතා කරමින්, “ලාසරස් මිය ගොසින්.
15
එසේ වුවත්, ඔබ ගැන සලකා, මා එහි නො සිටීම ගැන මා සතුටු වන්නේ, ඔබ විශ්වාස කරන පිණිසයි. එහෙත් අපි ඔහු වෙත යමු” යි කී සේක.
16
එවිට, දිදිමුස් නම් තෝමස් අනෙක් ගෝලයින් අමතමින්, “මෙතුමන් එක්ක මැරෙන්නට අපිත් යමු” යි කීවේ ය.
17
උන්වහන්සේ එහි ළඟා වූ කල, ලාසරස් සොහොන් ගත කර ඒ වන විට සිවු දිනක් වග යේසුස්වහන්සේ දැනගත් සේක.
18
බෙතානිය පිහිටියේ යෙරුසලමට සැතපුම් දෙකක් පමණ නුදුරිනි.
19
ඔවුන්ගේ සහෝදරයාගේ වියෝව නිසා, මාර්තා හා මරියා අස්වසනු පිණිස යුදෙව්වරු බොහෝ දෙනෙක් එහි පැමිණ සිටියහ.
20
යේසුස්වහන්සේ එන වග දැනගත් මාර්තා උන්වහන්සේ හමුවීමට පෙර මඟට ගියා ය. එහෙත් මරියා නිවසෙහිම හිඳ සිටියා ය.
21
මාර්තා යේසුස්වහන්සේ අමතමින්, “ස්වාමිනි, ඔබතුමා මෙහි සිටියා නම්, මගේ සහෝදරයා නො මැරෙන්න තිබුණා.
22
දැන් වුවත් ඔබතුමා දෙවියන්වහන්සේගෙන් කවර දෙයක් ඉල්ලුවත්, දෙවියන්වහන්සේ එය ඔබට දෙන වග මා දන්නවා” යි කීවා ය.
23
“ඔබේ සහෝදරයා යළි නැගිටිනු ඇතැ” යි යේසුස්වහන්සේ ඇයට පැවසූ සේක.
24
“අවසාන දවසේ නැවත නැගිටීමේදී ඔහු නැවත නැගිටින වග මා දන්නවා” යි මාර්තා උත්තර දුන්නා ය.
25
යේසුස්වහන්සේ ඇය අමතමින්, “මරණින් නැගිටීමත්, ජීවනයත් මම ය. මා තුළ විශ්වාස කරන්නා මැරුණත් ජීවත් වන්නේ ය.
26
මා තුළ විශ්වාසය තබන, ජීවත්ව සිටින හැම කෙනෙක් කිසි දා නො මැරෙයි. ඔබ මෙය විශ්වාස කරනවා දැ?” යි ඇසූ සේක.
27
ඕ පිළිතුරු දෙමින්, “එහෙමයි ස්වාමිනි, ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ වග, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ ලෝකයට එන්නට සිටි තැනැත්තාණන් වග මම විශ්වාස කරමි” යි කීවා ය.
28
මෙසේ පැවසූ පසු ඕ ආපසු ගොස්, තම සොහොයුරිය වන මරියා පසෙකට කැඳවා, “ගුරු හිමියන් ඇවිත් ඉන්නවා; එතුමා ඔබට කතා කරනවා” යි රහසින් කීවා ය.
29
ඒ ඇසූ ඕ, වහා නැගිට, උන්වහන්සේ හමුවට ගියා ය.
30
ඒ වන තෙක්ම, ගමට ඇතුළු නො වූ යේසුස්වහන්සේ, මාර්තා හමු වූ ස්ථානයේම නැවතී සිටි සේක.
31
මරියා අස්වසමින් නිවසේ සිටි යුදෙව්වෝ, හදිසියේම ඇය නැගිට පිටතට යනු දැක, ඇය වැලපෙන්නට සොහොන වෙත යතැයි සිතා ඇය පසුපසින් ගියහ.
32
යේසුස්වහන්සේ හුන් තැනට පැමිණි මරියා, උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී, “ස්වාමිනි, ඔබතුමා මෙහි සිටියා නම්, මගේ සහෝදරයා නො මැරෙන්න තිබුණා” යි කීවා ය.
33
ඇය හඬනු දුටු, ඇය හා පැමිණි යුදෙව්වන් ද හඬනු දුටු යේසුස්වහන්සේ තම ආත්මයෙන් දැඩිව සසල වී, බෙහෙවින් කැලඹී,
34
“ඔහු තැන්පත් කළේ කොතැනක දැ?” යි ඇසූ සේක. “එන්න, ඇවිත් බලන්න ස්වාමිනි” යි ඔවුහු උන්වහන්සේට කීවෝ ය.
35
යේසුස්වහන්සේ හැඬූ සේක.
36
එවිට යුදෙව්වෝ, “මෙතුමා ඔහුට ප්‍රේම කළ තරම පෙනේ දැ!” යි කීවෝ ය.
37
එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක්, “අන්ධ මිනිසාගේ ඇස් පෑදූ මෙතුමාණන්ට, මොහු මරණින් නවතාගන්න බැරි වුණා නො වේ දැ?” යි කීහ.
38
යේසුස්වහන්සේ නැවතත් දැඩි සේ සසලව, සොහොන අසලට පැමිණි සේක. එය, ගලකින් එහි පිවිසුම ආවරණ කර තිබූ ලෙනකි.
39
“ඔය ගල ඉවත් කරන්නැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක. එවිට, මළ තැනැත්තාගේ සහෝදරිය වූ මාර්තා, “ස්වාමිනි, මේ වන විට එහි දුඟඳක් තියේවි. මන්ද දැන් දවස් හතරක් ගතවෙලා යැ” යි කීවා ය.
40
යේසුස්වහන්සේ ඇය අමතා, “ඔබ විශ්වාස කරන්නේ නම්, දෙවියන්වහන්සේගේ මහිමය ඔබ දකින වග මා ඔබට කීවා නො වේ දැ?” යි කී සේක.
41
එවිට ඔවුහු ගල ඉවත් කළහ. යේසුස්වහන්සේ ඇස් ඔසවා බලා, “පියාණෙනි, ඔබවහන්සේ මට සවන් දුන් නිසා මා ඔබට ස්තුති කරනවා.
42
හැම විට ඔබ මට සවන් දෙන වග මා දැන සිටියා. එනමුත් මා මෙසේ කීවේ, මා එවුවේ ඔබවහන්සේම වග මෙහි වටේට සිටගෙන සිටින ජනයා විශ්වාස කරන පිණිස ඔවුන් උදෙසා යැ” යි පැවසූ සේක.
43
උන්වහන්සේ එසේ පවසා, “ලාසරස්! පිටතට එනු” යි උස් හඬින් හඬ ගැසූ සේක.
44
මැරී සිටි මිනිසා පිටතට ආවේ ය. ඔහුගේ අත්, පා හණ රෙදි පටිවලින් වෙළා තිබුණු අතර, මුහුණ රෙදි කඩකින් ඔතා තිබිණි. “ඔය බැමි මුදා ඔහු යන්න හරින්නැ” යි යේසුස්වහන්සේ ඔවුන්ට කී සේක.
45
මරියා සමඟ පැමිණ සිටි යුදෙව්වන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කළ දේ දැක, උන්වහන්සේ තුළ විශ්වාස කළහ.
46
එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක් පරිසිවරුන් වෙත ගොස්, යේසුස්වහන්සේ කළ දේ ඔවුන්ට පැවසූහ.
47
එවිට නායක පූජකවරු හා පරිසිවරු මන්ත්‍රණ සභාව රැස් කරවා, “අප මොනවා ද කළ යුත්තේ? මේ මිනිසා බොහෝ අනුහස් ලකුණු දක්වයි.
48
ඔහුට මේ විදියට කරන්නට ඉඩ දී බලා සිටියොත්, හැම කෙනෙක්ම ඔහු විශ්වාස කරාවි. එවිට රෝමවරුන් ඇවිත් අපේ සිද්ධස්ථානයත්, ජාතියත් දෙකම පැහැර ගනු ඇතැ” යි කීහ.
49
ඔවුන්ගෙන් කෙනකු වූ, ඒ වසරේ උත්තම පූජක නිලය දැරූ කායාපස් කතා කොට, “ඔබ කිසි දෙයක් දන්නේ නැති හැටි;
50
මුළු ජාතියම විනාශ වනවාට වඩා, ජනතාව වෙනුවෙන් එක මිනිසකු මරණයට පත්වීම ඔබට වඩා හොඳ බව ඔබ වටහා ගන්නේ නැතැ” යි කීවේ ය.
51
ඒ, ඔහු තමාගෙන්ම කී දෙයක් නො ව, එම වසරේ උත්තම පූජකයා ලෙසින් පැවසූ දිවැසි වැකියකි. එනම් යේසුස්වහන්සේ මියෙන්නේ යුදෙව් ජාතිය වෙනුවෙන් බවත්,
52
ඒ ජාතිය වෙනුවෙන් පමණක් නො ව විසිර සිටින දෙවියන්වහන්සේගේ දරුවන් එකට එක්රැස් කරන පිණිස බවත් කීමකි.
53
මෙසේ ඔවුහු ඒ දවසේ පටන් උන්වහන්සේ මරා දමන්නට උපා යෙදූහ.
54
එබැවින් යේසුස්වහන්සේ තවදුරටත් යුදෙව්වන් අතර ප්‍රසිද්ධියේ නො ගැවසී, කාන්තාරයට යාබද පෙදෙසේ එප්‍රායිම් නම් ගම්මානයට ගොස්, සිය ගෝලයින් සමඟ එහි නැවතී සිටි සේක.
55
එකල යුදෙව්වන්ගේ පාස්කු මංගල්‍යය ආසන්න වූයෙන්, පාස්කුවට පෙරාතුව තමන් පවිත්‍ර කරගන්නා පිණිස, පිට පළාත්හි සිට බොහෝ දෙනෙක් යෙරුසලමට ගියහ.
56
ඔවුහු දේව මාලිගාවේ සිටියදී යේසුස්වහන්සේ සොයමින්, “ඔබ සිතන්නේ කුමක් ද? මංගල්‍යයට ඔහු නෑවිත්ම සිටී දැ?” යි එකිනෙකාගෙන් විමසූහ.
57
මේ අතර, යේසුස්වහන්සේ සිටින තැන දැන ගතහොත්, උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා පිණිස, ඒ වග තමන්ට දැනුම් දිය යුතු ය යන අණක් නායක පූජකයින් හා පරිසිවරුන් නිකුත් කර තිබිණි.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21