bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
John 16
John 16
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 17 →
1
“මේ සියල්ල මා ඔබට කීවේ, ඔබ අධෛර්යය නො වන පිණිසයි.
2
ඔවුන් සිනගෝගවලින් ඔබ නෙරපා දමනු ඇත. ඇත්තෙන්ම, ඔබ මරා දමන කවරකු වුවත්, එය දෙවියන්වහන්සේට ඔප්පු කරන මෙහෙයකැයි සිතන කාලය උදා වනු ඇත.
3
ඔවුන් මේ දෑ කරන්නේ, ඔවුන් පියාණන්වහන්සේ හෝ මා හෝ හඳුනන්නේ නැති නිසයි.
4
මා මේවා ඔබට කීවේ, ඒවායේ කාලය පැමිණි කල, මා ඒ දෑ කී වග ඔබට සිහිවීම පිණිසයි. මුලින් මේ දෑ ඔබට නො කීවේ මා ඔබ සමඟ සිටි නිසයි.
5
මම දැන්, මා එවූ තැනැන්වහන්සේ වෙත යන්නෙමි. එහෙත්, ‘ඔබ යන්නේ කොහේ ද?’ කියා ඔබ කිසිවකු මගෙන් අහන්නේ නැත.
6
එහෙත් මා කී මේ දේවල් නිසා ඔබේ හදවත් දුකින් පිරී ඇත.
7
එසේ වුවත් මම ඔබට සැබෑව කියන්නම්; මා ඉවත්ව යන්නේ ඔබේම යහපතටයි. මා ඉවත්ව ගියහොත් මිස, සහනදායකයාණන් ඔබ වෙත එන්නේ නැත. එහෙත් මා ගියහොත්, මම උන්වහන්සේ ඔබ වෙත එවන්නෙමි.
8
උන්වහන්සේ පැමිණි කල, පාපය ද ධර්මිෂ්ඨකම ද විනිශ්චය ද පිළිබඳව ලෝකයාට ඒත්තු ගන්වන සේක.
9
පාපය පිළිබඳව වන්නේ, ඔවුන් මා අදහා නො ගැනීම නිසා ය.
10
ධර්මිෂ්ඨකම පිළිබඳව වන්නේ, පියාණන්වහන්සේ වෙත මා යන හෙයින් මින් මතු මා දකින්නට ඔබට නො ලැබෙන නිසා ය.
11
විනිශ්චය පිළිබඳව වන්නේ, මෙලොවෙහි අධිපතියා විනිශ්චය කරනු ලැබ ඇති නිසා ය.
12
“ඔබට කියන්නට තවත් බොහෝ දේ මට තියේ. එහෙත් දැන් ඒවා දරන්නට ඔබට නුපුළුවන.
13
එහෙත් සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා ඔබට මඟපෙන්වනු ඇත. උන්වහන්සේ තම ආධිපත්‍යයෙන් කතා නො කරන සේක්, තමන් අසන දෑ පවසමින්, මතු පැමිණෙන දෑ ඔබට ප්‍රකාශ කරනු ඇත.
14
මා සතු දෑ ගෙන, ඒවා ඔබට ප්‍රකාශ කරමින් උන්වහන්සේ මා මහිමයට පමුණුවන සේක.
15
පියාණන්වහන්සේ සන්තක සියල්ල මාගෙයි; ආත්මයාණන් මාගේ දෑ ගෙන ඔබට ප්‍රකාශ කරනු ඇතැ” යි මා කීවේ එබැවිනි.
16
“තව ස්වල්ප වේලාවකින් ඔබට තවත් මා දකින්නට නො ලැබෙයි, යළි තවත් ස්වල්ප වේලාවකින් ඔබ මා දකිනු ඇතැ” යි කී සේක.
17
එවිට උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇතමෙක් එකිනෙකා අමතමින්, “ ‘තව ස්වල්ප වේලාවකින් ඔබට තවත් මා දකින්නට නො ලැබෙයි; යළි තවත් ස්වල්ප වේලාවකින් ඔබ මා දකිනු ඇත’ කියාත්, ‘මා පියාණන්වහන්සේ වෙත යන නිසා ය’ කියාත් අපට මෙතුමන් කියන කියමනේ තේරුම කුමක් දැ?” යි පැවසූහ.
18
එබැවින් ඔවුහු, “මේ කියන ‘ස්වල්ප වේලාව’ කුමක් ද? මෙතුමන් කියන දේ අපට වැටහෙන්නේ නැතැ” යි පැවසූහ.
19
ඒ ගැන තමාගෙන් අසන්නට ඔවුන්ට ඕනෑ වග දැනගත් යේසුස්වහන්සේ, “ඔබ එකිනෙකාගෙන් අසන්නේ, ‘ස්වල්ප වේලාවකින් ඔබට තවත් මා දකින්නට නො ලැබෙයි; යළි තවත් ස්වල්ප වේලාවකින් ඔබ මා දකිනු ඇත’ කීමෙන් මා අදහස් කළේ කුමක් ද කියා නො වේ ද?
20
සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මුළු ලෝකයම ප්‍රීති වන අතර ඔබ හඬමින්, විලාප නඟනු ඇත. ඔබ ශෝක වනු ඇත. එහෙත් ඔබේ ශෝකය ප්‍රීතියට හැරෙයි.
21
ප්‍රසූතියේදී ගැබිණියකට වේදනා දැනෙන්නේ, ඇගේ පැය පැමිණි නිසයි. එහෙත් ළදරුවා බිහි කළ පසු, ලෝකයට දරුවෙක් උපන්නේ ය යන ප්‍රීතිය නිසා ඈ වේදනාව අමතක කරන්නී ය.
22
එසේම දැන් ඔබගේ ශෝකය තිබේ. එනමුත් මා යළි ඔබ දකින්නෙමි. එවිට ඔබගේ හදවත් ප්‍රීති වනු ඇත. ඔබගේ ප්‍රීතිය කිසිවකුත් ඔබෙන් පැහැර ගන්නේ නැත.
23
එදාට ඔබ මගෙන් කිසිවක් අසන්නේ නැත. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මාගේ නාමයෙන් මගේ පියාණන්වහන්සේගෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුවත්, උන්වහන්සේ එය ඔබට දෙන සේක.
24
මේ දක්වා මාගේ නාමයෙන් ඔබ කිසිවක්ම ඉල්ලා නැත. ඉල්ලන්න; එවිට ඔබට ලැබෙන්නේ ය. එසේ ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන්නේ ය.
25
“උපමා උපහැරණ මඟින් මේ දෑ මා ඔබට කීවත්, තවත් ඒ විදියට කතා නො කර, පැහැදිලිව පියාණන්වහන්සේ ගැන කතා කරන කාලය පැමිණේ.
26
ඒ දවසේ ඔබ මාගේ නාමයෙන් ඉල්ලනු ඇත. එවිට ඔබ වෙනුවෙන් පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමියි මා කියන්නේ නැත.
27
මන්ද ඔබ මට ප්‍රේම කළ නිසාත්, දෙවියන්වහන්සේ වෙතින් මා ආ වග ඔබ විශ්වාස කළ නිසාත්, පියාණන්වහන්සේ ම ඔබට ප්‍රේම කරන සේක.
28
පියාණන්වහන්සේ වෙතින් අවුත් ලෝකයට පිවිසි මම, දැන් මෙලොවින් නික්ම යළි පියාණන්වහන්සේ වෙත යන්නෙමි” යි පැවසූ සේක.
29
උන්වහන්සේගේ ගෝලයෝ, “ඔබතුමා උපමා උපහැරණයෙන් තොරව දැන් ඔය පැහැදිලිව කතා කරන්නේ!
30
ඔබ සියලු දේ දන්නා බවත්, කිසිවකු ඔබෙන් ප්‍රශ්න කරන්නට වුවමනා නැති බවත් දැන් අප දන්නවා. ඔබවහන්සේ දෙවියන්වහන්සේ වෙතින් ආ වග අප විශ්වාස කරන්නේ එබැවිනැ” යි කීවෝ ය.
31
යේසුස්වහන්සේ, පිළිතුරු දෙමින්, “දැන් ඔබ විශ්වාස කරනවා ද?
32
ඔන්න, ඔබ හැම කෙනකු තම තමන්ගේ නිවෙස්වලට විසුරුවා හරිනු ලබන, ඔබ හැම මා තනිකර දමන පැය පැමිණේ; ඇත්තෙන්ම එය දැනටමත් පැමිණිලා. එහෙත් මා තනිව නො වේ; පියාණන්වහන්සේ මා සමඟයි.
33
“මේ සියල්ල මා ඔබට කීවේ මා තුළ ඔබට සාමය ලැබෙන පිණිසයි. මෙලොවේදී ඔබට පීඩා ඇති වෙයි. එනමුත් ධෛර්යවත් වන්න; මම ලෝකයෙන් ජය ගත්තෙමි” යි පැවසූ සේක.
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 17 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21