bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
John 9
John 9
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 10 →
1
උන්වහන්සේ යන අතරේ, අන්ධ මිනිසකු දුටු සේක. ඔහු උපතින් අන්ධයෙකි.
2
එවිට ගෝලයෝ උන්වහන්සේ අමතා, “රබ්බී, මොහු අන්ධව උපදින්නට පව් කළේ කවුරු ද? මේ මිනිසා ද? නැතහොත් මොහුගේ මවු පියන් දැ?” යි ඇසූහ.
3
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ මිනිසාවත්, ඔහුගේ මව්පියන්වත් කළ පාප නිසා නො වෙයි. දෙවියන්වහන්සේගේ ක්‍රියා ඔහු තුළ විදහා දැක්වීමටයි.
4
දහවල්ව තිබියදී මා එවූ තැනැන්වහන්සේගේ වැඩ අප කළ යුතුයි. රාත්‍රිය එළඹෙයි. එවිට කිසිවකුටත් වැඩ කරන්නට බැරි වෙයි.
5
මා ලෝකයේ සිටින තුරු ලෝකයේ ආලෝකය මම වෙමි” යි පැවසූ සේක.
6
ඒ දෑ කියා, බිමට කෙළ ගැසූ උන්වහන්සේ, කෙළවලින් මඩ සාදා ගත් සේක; ඉන්පසු ඒ මිනිසාගේ ඇස්වල ඒ මඩ ආලේප කර,
7
“ගොසින්, සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැ” යි පැවසූ සේක. (සිලෝවම් යන්න “එවන ලද්දේ ය” යනුයි) එබැවින් ඔහු ගොස්, සෝදා, පෙනීම ඇතුව, ආපසු ආවේ ය.
8
එකල අසල්වාසීහු ද ඔහු සිඟමන් ඉල්ලනු දැක තිබූ අය ද, “හිඳගෙන සිඟා කෑ මිනිසා මොහු නො වේ දැ?” යි කීහ.
9
ඇතැම්හු “මේ ඔහුම යැ” යි කී අතර, අන් සමහරු, “නෑ මොහු හරියට ඔහු වගේ” යි කීහ. “ඒ මම” යැයි ඒ මිනිසා ප්‍රකාශ කළේ ය.
10
එවිට ඔවුහු, “එහෙම නම්, ඔබේ ඇස් පෑදුණේ කොහොම දැ?” යි ඔහුගෙන් ඇසූහ.
11
ඔහු පිළිතුරු දෙමින්, “අර යේසුස් කියන තැනැත්තා මඩ සාදා, මගේ ඇස්වල ගා, සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැයි මට කීවා. මා ගොස්, සෝදා ගත් විට, මට පෙනීම ලැබුණා” යි කීවේ ය.
12
එවිට ඔවුහු “කෝ, ඔහු කොහේ දැ?” යි ඇසූහ. “මා දන්නේ නැහැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
13
එවිට ඔවුහු කලින් අන්ධව සිටි ඒ මිනිසා පරිසිවරුන් වෙත ගෙන ගියහ.
14
යේසුස්වහන්සේ මඩ සාදා, ඔහුගේ ඇස් පෑදූ දවස සබතක් ය.
15
එබැවින් පරිසිවරු ඔහුට පෙනීම ලැබුණේ කෙසේදැයි නැවතත් ඔහුගෙන් ඇසූහ. ඔහු පිළිතුරු දෙමින්, “ඔහු මගේ ඇස්වල මඩ තැවරුවා, මා සෝදා ගත්තා. දැන් මට පෙනෙනවා” යි කීවේ ය.
16
පරිසීන්ගෙන් ඇතමෙක් කතා කරමින්, “මේ මිනිසා දෙවියන්වහන්සේගෙන් ආවා නො වේ. මන්ද ඔහු සබත් පවත්වන්නේ නැතැ” යි කීහ. සෙසු අය “පව්කාර මනුෂ්‍යයකු මෙබඳු අනුහස් ලකුණු කරන්නේ කෙසේ දැ?” යි කීහ. මෙසේ ඔවුන් අතර බෙදීමක් විය.
17
එබැවින් අන්ධ මිනිසා යළි ඇමතූ ඔවුහු, “ඔහු ගැන නුඹට කියන්න ඇත්තේ මොනවා ද? මන්ද ඔහු විවර කළේ නුඹේ ඇස්” යයි කීහ. ඔහු පිළිතුරු දෙමින් “එතුමා දිවැසිවරයෙකැ” යි කීවේ ය.
18
එහෙත් පෙනීම ලැබ සිටි මිනිසාගේ දෙමවුපියන් ගෙන්වන තුරු, ඔහු අන්ධව සිටි වග හා පෙනීම ලද වග යුදෙව්වන් විශ්වාස කළේ නැත.
19
ඔවුන් ඇමතූ ඔවුහු, “අන්ධව උපන්නැයි නුඹලා කියන නුඹලාගේ පුත්‍රයා මොහු ද? එහෙම නම්, දැන් ඔහුට පෙනෙන්නේ කොහොම දැ?” යි ඇසූහ.
20
ඔහුගේ දෙමවුපියෝ පිළිතුරු දෙමින්, “මේ අපේ පුතා වග අප දන්නවා; ඔහු අන්ධව උපන් වගත් අප දන්නවා.
21
එනමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොම ද කියා අප දන්නේ නැහැ; ඔහුගේ ඇස් විවර කළේ කවුරු ද කියාත් අප දන්නේ නැහැ. ඔහු වයස් පිරුණු කෙනෙක්; ඔහුගෙන්ම අසන්න; තමන් ගැන ඔහුම කතා කරාවි” යි කීහ.
22
ඔහුගේ දෙමවුපියන් එසේ කීවේ, යුදෙව්වන්ට වූ බය නිසා ය. මන්ද යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ යයි පවසන කවරකු වුවත්, සිනගෝගයෙන් නෙරපා දැමීමට ඒ වන විටත් යුදෙව්වන් එකඟව සිටි බැවිනි.
23
“ඔහු වයස් පිරුණු කෙනෙක්, ඔහුගෙන් අසන්නැ” යි ඔහුගේ මව්පියන් කීවේ එබැවිනි.
24
එබැවින් අන්ධව සිටි මිනිසා දෙවන වතාවට ද කැඳවූ ඔවුහු, “දෙවියන්වහන්සේට මහිමය දෙන්න; මේ මිනිසා පව්කරුවකු වග අප දන්නවා” යි කීහ.
25
ඔහු පිළිතුරු දෙමින්, “ඔහු පව්කරුවකුද නැද්ද කියා මා දන්නේ නෑ. එනමුත් මා එකක් දන්නවා. මා අන්ධව සිටියා. දැන් මට පෙනෙනවා” යි කීවේ ය.
26
එවිට ඔවුහු ඔහු අමතා, “මොනවද ඔහු නුඹට කළේ? ඔහු නුඹේ ඇස් පෑදුවේ කොහොම දැ?” යි ඇසූහ.
27
ඔහු පිළිතුරු දෙමින්, “වතාවක් මා ඔබට කීවා; ඔබ සවන් දෙන්නේ නෑ. ආයෙත් එය අහන්නට ඔබට වුවමනා මොකද? ඔබටත් එතුමාගේ ගෝලයින් වෙන්නට ඕනෑ දැ?” යි ඇසී ය.
28
එවිට ඔවුහු ඔහුට අපහාස කරමින්, “නුඹයි ඔහුගේ ගෝලයා, අපි මෝසෙස්ගේ ගෝලයෝයි.
29
දෙවියන්වහන්සේ මෝසෙස්ට කතා කළ වග අප දන්නවා. එනමුත් මේ මිනිසා කොහෙන් ආවා ද කියලවත් අප දන්නේ නැතැ” යි කීහ.
30
ඒ මිනිසා පිළිතුරු දෙමින්, “ඇයි, ඒක හරි පුදුමයක්! ඔහු එන්නේ කොහෙන් ද කියා ඔබ දන්නේ නෑ! ඒත් එතුමා මගේ ඇස් විවර කළා.
31
දෙවියන්වහන්සේ පව්කරුවන්ට කන් දෙන්නේ නැති වග අප දන්නවා. එහෙත් දෙවියන්වහන්සේට නමස්කාර කරන කෙනෙක් උන්වහන්සේගේ කැමැත්ත කරනවා ද, දෙවියන්වහන්සේ ඔහුට සවන් දෙන වග අප දන්නවා.
32
අන්ධව උපන් මිනිසකුගේ ඇස් විවර කිරීමක් ගැන ලෝකය පටන්ගැන්මේ සිට කිසි දා නෑසූ දෙයක්.
33
මෙතුමා දෙවියන්වහන්සේගෙන් නො වේ නම්, ඔහුට කළ හැකි දෙයක් නැතැ” යි කීවේ ය.
34
ඔවුහු ඊට පිළිතුරු දෙමින්, “නුඹ අන්ත පාපයේ උපන් කෙනෙක්; නුඹ එනවා ද අපට උගන්වන්නැ” යි කියා, ඔහු පිටතට පන්නා දැමූහ.
35
ඔවුන් ඔහු නෙරපා දැමූ වග යේසුස්වහන්සේට සැල වූ කල ඔහු හමු වූ උන්වහන්සේ, “ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන් තුළ විශ්වාස කරනවා දැ” යි ඇසූ සේක.
36
“මා එතුමාණන් තුළ විශ්වාස කරන්නට එතුමාණන් කවුරු ද මහත්මයා?” යි එවිට ඔහු ඇසුවේ ය.
37
එවිට යේසුස්වහන්සේ, “ඔබ එතුමාණන් දැක තියෙනවා. දැන් ඔබ හා කතා කරන්නේත් එතුමාණන් යැ” යි කී සේක.
38
“ස්වාමිනි, මම විශ්වාස කරමි” යි කියූ ඔහු උන්වහන්සේට නමස්කාර කළේ ය.
39
යේසුස්වහන්සේ කතා කරමින්, “අන්ධ අයට පෙනෙන පිණිසත්, පෙනෙන අය අන්ධ වන පිණිසත් මා මෙලොවට ආවේ විනිශ්චයට යැ” යි පැවසූ සේක.
40
උන්වහන්සේ අසල සිටි පරිසිවරු ඇතැම් දෙනෙක් ඒ අසා, “අපත් අන්ධයින් දැ?” යි ඇසූහ.
41
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ අන්ධව සිටියා නම් ඔබ වරදකරුවන් නො වන්නට තිබුණා. එහෙත් ‘අපට පෙනෙනවා’ යි ඔබ කියන නිසා, ඔබගේ වරදකාරකම එසේම පවතී” යි පැවසූ සේක.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21