bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
John 13
John 13
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 14 →
1
ඒ, පාස්කු මංගල්‍යයට මදකට කලින් ය. මෙලොවින් බැහැරව පියාණන්වහන්සේ වෙත යෑමේ තම පැය පැමිණ ඇති වග යේසුස්වහන්සේ දැනගත් සේක. මෙලොව සිටි ස්වකීයයන්ට ප්‍රේම කළ උන්වහන්සේ, අන්තිමය දක්වා ඔවුන්ට ප්‍රේම කළ සේක.
2
රාත්‍රි භෝජනය අතරේ, උන්වහන්සේ පාවා දීමට සීමොන් ඉස්කාරියොත්ගේ පුත් යූදස්ගේ සිත යක්ෂයා විසින් ඒ වන විටත් පොලඹවා තිබිණි.
3
පියාණන්වහන්සේ සියලු දේ තම අත්වලට දී ඇති වගත්, තමන් දෙවියන්වහන්සේ වෙතින් පැමිණි වගත්, දෙවියන්වහන්සේ වෙත ආපසු යන වගත් දත් යේසුස්වහන්සේ,
4
භෝජනයෙන් නැගිට, උඩු කබාය ගලවා, තුවායක් ගෙන, එය තම ඉඟ දවටා,
5
ඉන්පසු බඳුනකට ජලය වත්කර, තම ගෝලයින්ගේ පා සෝදමින්, ඉඟ බැඳි තුවායෙන් පිසදමන්නට වන් සේක.
6
උන්වහන්සේ සීමොන් පේතෘස් වෙත ආ කල, “ස්වාමිනි, ඔබතුමා මගේත් පා සෝදනවාදැ?” යි ඔහු ඇසුවේ ය.
7
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා කරන දේ ඔබට දැන් නො වැටහුණත්, පසුව ඔබ වටහා ගනු ඇතැ” යි කී සේක.
8
එවිට පේතෘස්, “කවදාවත් ඔබ මගේ පාද සෝදන්නේ නෑ” යි උන්වහන්සේට කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබ නො සේදුවොත්, මා සමඟ පංගුකාරකමක් ඔබට නැතැ” යි කී සේක.
9
“මගේ පා පමණක් නො වෙයි ස්වාමිනි, මගේ අත් හා හිසත් සෝදන්නැ” යි සීමොන් පේතෘස් කීවේ ය.
10
යේසුස්වහන්සේ ඔහු අමතමින්, “නා ගත් කෙනකුට ඕනෑ කරන්නේ, පා සේදීම පමණයි; ඔහු මුළුමනින් පවිත්‍රයි; ඔබත් පවිත්‍රයි. එනමුත් ඔබ හැම කෙනෙක්ම නො වේ” යි කී සේක.
11
මන්ද තමා පාවා දෙන්නා කවුරුදැයි උන්වහන්සේ දැන සිටි සේක. “ඔබ හැම කෙනෙක්ම පවිත්‍ර නැතැ” යි උන්වහන්සේ කීවේ එබැවිනි.
12
ඔවුන්ගේ පා සේදූ පසු, උන්වහන්සේ තම කබාය යළි ඇඟ ලා, තම අසුනේ හිඳ, ඔවුන්ට මෙසේ පැවසූ සේක. “මා දැන් ඔබට කළ දේ කුමක්දැයි ඔබට වැටහෙනවා ද?
13
ඔබ මා අමතන්නේ, ‘ගුරුතුමනි, ස්වාමිනි’ කියායි. එය නිවැරදියි; මන්ද මා එහෙමයි.
14
ඔබේ ගුරුවරයාත්, ස්වාමියාත් වන මා ඔබේ පා සේදුවා නම්, ඔබත් එකිනෙකාගේ පා සේදිය යුතුයි.
15
මා කළේ, මා කළ ලෙස ඔබත් කළ යුතු බවට ආදර්ශයක් දීමයි.
16
සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නො වේ; පණිවුඩකරුවෙක් ඔහු යැවූ තැනැත්තාට වඩා උතුම් නො වේ;
17
දැන් ඔබ මේවා දන්නා නිසා, ඔබ ඒවා පිළිපදිනවා නම් ඔබ භාග්‍යවන්තයි.
18
“මා කතා කරන්නේ ඔබ හැම කෙනකු ගැන නො වෙයි. මා තෝරාගත් අය කවුරුදැයි මා දන්නවා. එනමුත් ‘මා හා එක පතේ කෑ තැනැත්තා මට ද්‍රෝහී වී යැ’ යි ලියා ඇති ශුද්ධ ලියවිල්ල සැබෑ විය යුතුයි.
19
“සිදුවන්නට කලින් මා ඔබට කියන්නේ, එය සිදු වූ කල, උන්වහන්සේ මා වග ඔබ විශ්වාස කරන පිණිසයි.
20
සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මවිසින් එවන කවරකු හෝ පිළිගන්නා, මා පිළිගනියි; මා පිළිගන්නා, මා එවූ තැනැන්වහන්සේ පිළිගනී යැ” යි පැවසූ සේක.
21
එසේ පැවසූ පසු, යේසුස්වහන්සේ ආත්මයෙන් කැලඹී, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබගෙන් කෙනෙක් මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක.
22
උන්වහන්සේ කීවේ කවුරුන් ගැනදැයි සැකයෙන් ගෝලයෝ එකිනෙකා දෙස බලන්නට වූහ.
23
ගෝලයන්ගෙන් කෙනකු වූ යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා මේසයෙහි උන්වහන්සේගේ ළයට ළංව හේත්තු වී සිටියේ ය.
24
සීමොන් පේතෘස් ඔහුට සංඥා කොට, උන්වහන්සේ අදහස් කළේ කවරකු ගැනදැයි අසන්නට කීවේ ය.
25
එබැවින් ඔහු යේසුස්වහන්සේගේ ළයට හේත්තු වී, “ස්වාමිනි ඒ කවුරුන් දැ?” යි ඇසී ය.
26
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා මේ රොටි කැබැල්ල පොඟවා දෙන්නේ කවරකුට ද, ඒ ඔහු යැ” යි කියා, උන්වහන්සේ රොටි කැබැල්ල පොඟවා, සීමොන් ඉස්කාරියොත්ගේ පුත් යූදස්ට එය දුන් සේක.
27
ඔහු රොටි කැබැල්ල ගත් විගස, සාතන් ඔහුට ඇතුළු විය. එවිට යේසුස්වහන්සේ ඔහු අමතා, “ඔබ කරන්නට යන දේ විගසින් කරන්නැ” යි කී සේක.
28
උන්වහන්සේ එසේ කීවේ මන්දැයි මේසයට හිඳ සිටි කිසිවකුත් දැන සිටියේ නැත.
29
මුදල් පසුම්බිය භාරව සිටියේ යූදස් බැවින්, මංගල්‍යය සඳහා යමක් මිලට ගැනීමට හෝ දිළිඳුන්ට යමක් දීමට හෝ යේසුස්වහන්සේ ඔහුට කියන්නට ඇතැයි සමහරු සිතූහ.
30
රොටි කැබැල්ල ගත් විගස යූදස් පිටතට ගියේ ය. එය රාත්‍රිය විය.
31
ඔහු ගිය පසු යේසුස්වහන්සේ කතා කොට, “දැන් මනුෂ්‍ය පුත්‍රයාණන් තේජසට පමුණුවන ලද්දේ ය; දෙවියන්වහන්සේ එතුමන් තුළ තේජසට පත් වූ සේක.
32
එතුමන් තුළ දෙවියන්වහන්සේ තේජසට පැමිණි සේක් නම්, උන්වහන්සේ තමන් තුළ පුත්‍රයාණන් ද තේජසට පමුණුවන සේක; වහාම එතුමාණන් තේජසට පත් කරන සේක.
33
“මගේ දරුවනි, තව ටික වේලාවක් මම ඔබ සමඟ සිටින්නෙමි. ඉන්පසු ඔබ මා සොයන නමුත්, මා යුදෙව්වන්ට කී ලෙස, දැන් ඔබටත් කියන්නේ, මා යන තැනට එන්නට ඔබට නුපුළුවන් බවයි.
34
“අලුත් ආඥාවක් මම ඔබට දෙන්නෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න; මා ඔබට ප්‍රේම කළා සේ, ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.
35
එකිනෙකාට ඔබ ප්‍රේම කරන්නේ නම් එයින්ම, ඔබ මගේ ගෝලයින් වග සියලු දෙනා දැනගනු ඇතැ” යි පැවසූ සේක.
36
“ස්වාමිනි, ඔබතුමා යන්නේ කොහේ දැ?” යි සීමොන් පේතෘස් ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා යන තැනට මා අනුව ඒමට දැන්ම ඔබට බැරි ය. එහෙත් පසුව ඔබ එනු ඇතැ” යි කී සේක.
37
පේතෘස් උන්වහන්සේ යළි අමතමින්, “ස්වාමිනි, දැන්ම ඔබ අනුව එන්නට මට බැරි ඇයි? ඔබ උදෙසා මා ජීවිතය වුවත් දෙනවා” යි කීවේ ය.
38
යේසුස්වහන්සේ එවිට, “මා උදෙසා ඔබේ ජීවිතය දෙනවා ද? සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, කුකුළා හඬලන්නට පළමු මා හඳුනන්නේ නැතැයි ඔබ තුන් වතාවක්ම කියනු ඇත කියා” යි කී සේක.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21