bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
John 5
John 5
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 6 →
1
පසුව, යුදෙව්වන්ගේ මංගල්‍යයක් වූයෙන්, යේසුස්වහන්සේ යෙරුසලමට ගිය සේක.
2
යෙරුසලම්හි බැටළු දොරටුව ළඟ හෙබ්‍රෙව් බසින්, “බෙතෙස්දා” නමින් පොකුණක් ද ඒ පොකුණ වටා ආවරණ සහිත ආරුක්කු පහක් ද වෙයි.
3
කොර, අන්ධ, අංසබාග ආදී ආබාධිත සමූහයක් ඒවායේ වැතිර, රැඳී වුන්හ.
4
ඔවුන් එසේ සිටියේ දේව දූතයෙක් පැමිණ, කලින් කල පොකුණ කලඹතැයි ද එසේ කැළැතූ දියට මුලින්ම බට කවර රෝගියකු වුව සුව වෙතැයි ද යන විශ්වාසයට අනුව දිය කැළතෙන තෙක් ය.
5
තිස්අට වසරක් ගිලන්ව සිටි මිනිහෙක් ද එහි වූයේ ය.
6
යේසුස්වහන්සේ ඔහු දැක, දිගු කලක් ඔහු එසේ වැතිර සිටි වග දැන, “ඔබ සුවය ලබන්නට කැමති දැ?” යි ඇසූ සේක.
7
ගිලාන මිනිසා, “අනේ මහත්මයා, වතුර කැලඹෙද්දී පොකුණට බස්වන්නට අත්-උදව්කාරයෙක් මට නැහැ; හැම විට මා බහින්න හදද්දී කවුරු හරි මට කලින් බැහැලා ඉවරයැ” යි පැවසී ය.
8
එවිට යේසුස්වහන්සේ “නැගිටින්න; ඔබේ යහන උසුලාගෙන ඇවිද යන්නැ” යි පැවසූ සේක.
9
එකෙණෙහිම සුවය ලද ඒ මිනිසා තම යහන ද උසුලාගෙන, ඇවිද ගියේ ය. ඒ දවස සබතක් ය.
10
එබැවින් යුදෙව්වෝ, “අද සබතයි; යහන උසුලා යෑම දහම් නීතියට පටහැනියැ” යි සුවය ලද මිනිසාට දොස් කීහ.
11
ඔහු පිළිතුරු දෙමින්, “මා සුවපත් කළ මිනිසායි මට කීවේ, ‘ඔබේ යහන උසුලා, ඇවිද යන්න කියා’ යි” කීවේ ය.
12
“යහන උසුලන් යන්නැයි ඔබට කීවේ කොයි මිනිහා දැ?” යි ඔවුහු ප්‍රශ්න කළහ.
13
ජන සමූහයාට මැදි වී යේසුස්වහන්සේ එතැනින් ඉවත්ව ගොස් සිටි නිසා, ඒ කවුරුදැයි සුවය ලද මිනිසා දැන සිටියේ නැත.
14
පසුව දේව මාලිගයේදී යේසුස්වහන්සේ ඔහු මුණ ගැසී, “බලන්න, ඔබ දැන් සුවයෙන්; මීට වඩා නපුරක් ඔබට සිදු නො වන පිණිස, මින් මතු පව් නො කරන්නැ” කී සේක.
15
එවිට යුදෙව්වන් වෙත ගිය ඔහු, තමා සුවපත් කළේ යේසුස්වහන්සේ වග සැල කළේ ය.
16
යේසුස්වහන්සේ ඒ දෑ කළේ සබතේදී බැවින්, යුදෙව්වෝ උන්වහන්සේට හිරිහැර කළහ.
17
යේසුස්වහන්සේ කතා කරමින්, “මගේ පියාණන්වහන්සේ තවමත් වැඩ කරන සේක; මමත් වැඩ කරන්නෙමි” යි පැවසූ සේක.
18
උන්වහන්සේ මරා දැමීමට යුදෙව්වන් වඩාත් වෙර දැරුවේ මේ නිසා ය; ඒ, උන්වහන්සේ සබත් නීති කඩ කළා පමණක් නො ව, දෙවියන්වහන්සේ ස්වකීය පියාණන් ය කියා ගනිමින්, දෙවියන්වහන්සේ හා සම තත්වයක් පවරා ගත් බැවිනි.
19
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, පියාණන්වහන්සේ යම් සේ ක්‍රියා කරනවා පුත්‍රයා දකිනවා ද, ඒ දේම කරනවා මිස, තනිව කිසිවක් කරන්නට පුත්‍රයාට නුපුළුවන් බවයි. පුත්‍රයා කරන්නේ, ඒ සැටියෙන්ම පියාණන්වහන්සේ කරන දේ කිරීමයි.
20
පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන නිසා, තමන් කරන හැම දෙයක්ම පුත්‍රයාට පෙන්වන සේක. ඔබ මවිත කරවන මීට වඩා විශිෂ්ට දෑ මතු පෙන්වනු ඇත.
21
පියාණන්වහන්සේ මළවුන් නැගිටුවා ඔවුන්ට ජීවනය දෙන්නා සේ, පුත්‍රයා ද තමන් කැමති අයකුට ජීවනය දෙන්නේ ය.
22
තවද පියාණන්වහන්සේ කිසිවකුත් විනිශ්චය නො කර, විනිශ්චය මුළුමනින්ම පුත්‍රයාණන් අතට බාර දී ඇත.
23
එසේ කර ඇත්තේ, සියලු දෙනා වෙතින් පියාණන් ලබන ගෞරවයම පුත්‍රයාත් ලබන පිණිස ය. පුත්‍රයාණන්ට ගෞරව නො කරන්නා, ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව කරන්නේ නැත.
24
“සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ වචන අසා, මා එවූ තැනැන්වහන්සේ විශ්වාස කරන තැනැත්තාට සදාතන ජීවනය ඇත. ඔහු විනිශ්චයට පත් වන්නේ නැත; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටී.
25
සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ කටහඬ මළවුන්ට ඇසෙන පැය උදා වන බවයි; එය දැනටමත් උදාවෙලා. ඊට සවන් දෙන්නෝ ජීවත්වන්නෝ ය.
26
පියාණන්වහන්සේ තුළ ජීවනය ඇතිවා සේ ම, තමන් තුළ ඒ ජීවනය ඇතිව සිටීමට පුත්‍රයාණන්ට ද වර දී තිබේ.
27
තවද පුත්‍රයාණන්, මනුෂ්‍ය පුත්‍රයාණන් බැවින්, විනිශ්චය කිරීමේ අධිකාරිත්වය උන්වහන්සේ පුත්‍රයාණන්ට දී තිබේ.
28
“මේ ගැන පුදුම වන්න එපා. සොහොනේ නිදන මළවුන් උන්වහන්සේගේ කටහඬ අසන පැය උදා වෙයි.
29
එවිට යහපත කළෝ, ජීවනයේ නැවත නැගිටීමටත්, දුෂ්ටකම් කළෝ, දඬුවම් විඳීමේ නැවත නැගිටීමටත් පිටතට එන්නෝ ය.
30
තනි කැමැත්තට කිසිවක් කරන්නට මට නො හැකියි. මා විනිශ්චය කරන්නේ මට ඇසෙන විදියටයි; මගේ විනිශ්චය සාධාරණයි; මන්ද මා මගේ කැමැත්ත නො ව, මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත සොයන නිසයි.
31
“මා, මා ගැනම සාක්ෂි දෙන්නේ නම් ඒ සාක්ෂිය වලංගු නැත.
32
මා උදෙසා සාක්ෂි දෙන කෙනෙක් සිටී; මා ගැන උන්වහන්සේගේ සාක්ෂිය සත්‍යය බව මම දනිමි.
33
“ඔබ යොහන් ළඟට මිනිසුන් යැවූ විට ඔහු සත්‍යයට සාක්ෂි දැරී ය.
34
මා මෙසේ කියන්නේ, මිනිසකුගේ සහතිකයක් ලබන නිසා නො ව, ඔබේ ගැලවීම සඳහායි.
35
යොහන් ඇවිළෙන, බැබළෙන පහනක්ව සිටි සමයේ ඔබත් කලක් ඔහුගේ එළියෙන් ප්‍රමෝද වූවහු ය.
36
“එනමුත් මට තිබෙන්නේ යොහන්ගේ සාක්ෂියට වඩා උතුම් සාක්ෂියකි. ඉෂ්ට කරන පිණිස පියාණන්වහන්සේ මට පැවරූ කාර්ය වන මා දැන් කරගෙන යන වැඩ කොටස, පියාණන්වහන්සේ මා එවූ බවට සාක්ෂි දරයි.
37
මා එවූ පියාණන්වහන්සේ ම මා ගැන සාක්ෂි දරා ඇත. කිසි දින ඔබ උන්වහන්සේගේ කටහඬ ඇසුවේවත්, උන්වහන්සේගේ රූපකාය දුටුවේවත් නැත.
38
උන්වහන්සේගේ වචන ඔබ තුළ රඳන්නේ නැත; මන්ද උන්වහන්සේ විසින් එවන ලද තැනැත්තාණන් ඔබ විශ්වාස කරන්නේ නැත.
39
ඔබ ශුද්ධ ලියවිලි පිරික්සන්නේ සදාතන ජීවනය ඒවායේ ගැබ්ව ඇතැයි යන අදහසින්. මා ගැන සාක්ෂි දරන්නේ ද එම ලියවිලිමයි.
40
එහෙත් ඒ ජීවනය ලැබීමට මා වෙත ඒම, ඔබ ප්‍රතික්ෂේප කරයි.
41
“මිනිස් ගරු පැසසුම් මා පිළිගන්නේ නැත.
42
ඔබේ හදේ දෙවියන්වහන්සේට ප්‍රේමයක් නැති වග මම දනිමි.
43
මා මගේ පියාණන්වහන්සේගේ නාමයෙන් ආ නමුත් ඔබ මා පිළිගන්නේ නැත; එහෙත්, යමෙක් තමාගේම නාමයෙන් ආවොත් ඔබ ඔහු පිළිගනු ඇත.
44
එනිසා එකම දෙවියන්වහන්සේ වෙතින් එන ගෞරවය නො සොයා, තම තමන් අතරේ එකිනෙකා වර්ණනා කරගන්නා ඔබ, විශ්වාස කරන්නේ කොහොම ද?
45
“ඔබට විරුද්ධව පියාණන්වහන්සේ ඉදිරියේ මම පැමිණිලි කරතැයි නො සිතන්න; එහෙත් ඔබට චෝදනා කරන කෙනෙක් සිටී. ඒ, ඔබ බලාපොරොත්තු තබා සිටින මෝසෙස්ම ය.
46
ඔබ මෝසෙස් විශ්වාස කරනවා නම්, මා ද විශ්වාස කරනු ඇති; ඒ, ඔහු මා ගැන ලියූ නිසයි.
47
මෝසෙස්ගේ ලියවිලි විශ්වාස කරන්නේ නැති ඔබ, මගේ වචන විශ්වාස කරන්නේ කොහොම දැ?” යි කී සේක.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21