bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Romans 11
Romans 11
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 12 →
1
එසේ නම් මා අසන්නේ, දෙවියන්වහන්සේ ස්වකීය ජනයා අත්හැරිය සේක් ද? කොහෙත්ම නැත! මමත් ඉශ්‍රායෙලයෙක්මි. ආබ්‍රහම්ගේ පෙළපතින් පැවතෙන බෙන්ජමින් ගෝත්‍ර වාංශිකයෙක්මි.
2
දෙවියන්වහන්සේ තමන් පෙර-දැන සිටි තම ජනයා අත් නො හළ සේක. එලියා ගැන ශුද්ධ ලියවිල්ලේ කියන දේ, ඔහු ඉශ්රායෙල්ට එරෙහිව දෙවියන්වහන්සේට ආයාචනා කළ හැටි, ඔබ දන්නේ නැති ද?
3
“ස්වාමිනි, ඔවුන් ඔබගේ දිවැසිවරුන් මැරුවා. ඔබගේ පූජාසනය බිඳ දැමුවා. ඉතිරිව සිටින්නේ මා පමණයි; දැන් ඔවුන් මගේ ජීවිතය ගන්නටත් සොයනවා” යි කී විට,
4
කුමක් ද ඔහුට දෙවියන්වහන්සේගේ පිළිතුර? “බාල්ට දණ නො නැමූ මිනිසුන් හත්දහසක් මම මට ඉතිරි කරගෙන සිටිමි” යනුයි.
5
එසේම මේ වත්මනේදී ද අනුග්‍රහයෙන් තෝරා ගන්නා ලද ඉතිරි ස්වල්ප දෙනකු ඇත.
6
එය අනුග්‍රහයෙන් නම්, තවදුරටත් ක්‍රියා මඟින් නො වේ. නැතහොත් අනුග්‍රහය, අනුග්‍රහයක් වන්නේ නැත.
7
එසේ නම් කුමක් ද? ඉශ්රායෙල් සොයා ගිය දේ අත්කර ගැනීමට එයට නො හැකි විය. එහෙත් තෝරාගනු ලැබූ අය එය අත්කර ගත්හ. සෙසු අයගේ සිත් දැඩි කරන ලද්දේ,
8
මෙසේ ලියා ඇති පරිද්දෙනි: “දෙවියන්වහන්සේ ඔවුනට සිහිමුළා ආත්මයක් ද නො පෙනෙන ඇස් ද නෑසෙන කන් ද මේ අද දවස දක්වාම දුන් සේක.”
9
තවද දාවිත් මෙසේ කියයි: “ඔවුන්ගේ භෝජන මේසය, ඔවුන්ට මලපතක් හා උගුලක් ද බාධක කඩුල්ලක් හා දුර්විපාකයක් ද වේවා.
10
නො පෙනෙන පිණිස ඔවුන්ගේ ඇස් අඳුරු වේවා. ඔවුන්ගේ පිටකොන්ද සදහට ම නැමී යේවා” යනුවෙනි.
11
දැන් මා අසන්නේ, ඔවුන් පැකුළුණේ වැටී යන පිණිස ද? කොහෙත්ම නැත! එසේ ඉශ්රායෙල් ඊර්ෂ්‍යාවට පත් කරන පිණිස, ඔවුන්ගේ වරද හේතු කොට අන්‍ය-ජාතීන්ට ගැලවීම පැමිණවීමට ය.
12
මෙසේ ඔවුන්ගේ වරද, ලෝකයාට සමෘද්ධිය වී නම්, ඔවුන්ගේ පිරිහීම, අන්‍ය-ජාතීන්ට සමෘද්ධිය වී නම්, ඔවුන්ගේ පූර්ණත්වය, කොයි තරම් ඉමහත් සමෘද්ධියකට හේතු වේ ද?
13
මා දැන් කතා කරන්නේ අන්‍ය-ජාතිකයින් වූ ඔබට ය. මා අන්‍ය-ජාතිකයින්ගේ අපෝස්තුලුවරයා බැවින්, මම මගේ මෙහෙයය උතුම් කොට සලකමි.
14
හේතුව, කෙලෙස හෝ මගේම ජනයා ඊර්ෂ්‍යා ගන්වා, එමඟින් ඔවුන් කීප දෙනකු හෝ ගැලවීමයි.
15
මන්ද ඔවුන් ඉවතලීම සෙසු ලෝකයා සමඟි කිරීම වී නම්, ඔවුන් පිළිගැනීම මළවුන් කෙරෙන් ජීවනය මිස අන් කවරේ ද?
16
නාඹුල් පල වශයෙන් ඔප්පු කරන පිටි ස්වල්පය පවිත්‍ර නම්, ඇනූ පිටි ගුලියම පවිත්‍ර ය. ගසේ මුල පවිත්‍ර නම් එහි අතුත් පවිත්‍ර ය.
17
එහෙත් අතු සමහරක් කඩා දමනු ලදුව, වල් ඔලීව රිකිල්ලක් වන ඔබ අනෙක් අතු අතරේ ගසට බද්ධ කරනු ලැබ, ඔබ ඒ ඔලීව මුලේ පෝෂණ සාරයට කොටස්කරුවකු වී නම්,
18
අතුවලට එරෙහිව උදාරම් නො වන්න. උදාරම් වේ නම් මෙය සිතට ගන්න: මුල ඔබෙන් නඩත්තු වෙනවා නො වේ; මුලෙන් නඩත්තු වන්නේ ඔබයි.
19
“ගසට මා බද්ධ කරනු පිණිස, අතු කඩා දමන ලදැ” යි ඔබ කියනු ඇත.
20
එය ඇත්තයි, ඒවා කඩා දමන ලද්දේ ඔවුන්ගේ නො ඇදහිල්ල හේතුවෙනි. ඔබ සිට ගත්තේ ඇදහිල්ල නිසාවෙනි. එබැවින් අහංකාර නො වී, එහෙත් බයින් සිටින්න.
21
මන්ද දෙවියන්වහන්සේ ස්වාභාවික අතු ඉතිරි නො කළ සේක් නම්, ඔබත් ඉතිරි නො කරනු ඇත.
22
එබැවින්, දෙවියන්වහන්සේගේ කාරුණික භාවයත්, දැඩි භාවයත් කල්පනාවට ගන්න. වැටී ගියවුන් වෙත දැඩි භාවය ය; උන්වහන්සේගේ කරුණාවෙහි ඔබ පැවත සිටින්නේ නම්, ඔබට දෙවියන්වහන්සේගේ කාරුණික භාවය ය. එසේ නො වුවහොත්, ඔබ ද කපා දැමේ.
23
එසේම ඔවුහු තම නො ඇදහිලිවත්කමෙහි දිගටම නො රැඳේ නම්, යළි බද්ධ කරනු ලබති. මන්ද ඔවුන් යළි බද්ධ කිරීමට දෙවියන්වහන්සේට බලය ඇත.
24
ස්වභාවයෙන් වල් ඔලීව ගසකින් කැපූ අතු වූ ඔබ, සිටුවන ලද හොඳ ඔලීව ගසට ස්වභාව ධර්මයට පටහැනිව බද්ධ කරන ලද්දේ වී නම්, ඊට වඩා කොපමණ පහසුවෙන් ඒ ස්වාභාවික අතු ඔවුන්ගේම ඔලීව ගසට බද්ධ කරනු නො ලැබේ ද!
25
සහෝදරයිනි, ඔබ නැණවත් යයි ඔබ උඩඟු නො වන පිණිස මේ අබිරහස දැන ගන්නවාට කැමැත්තෙමි. ඉශ්රායෙල් වෙත තරමක දැඩිකමක් පැමිණ ඇත්තේ, අන්‍ය-ජාතිකයින්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තෙක් ය.
26
ඒ අයුරින් මුළු ඉශ්රායෙල් ගලවනු ලබන්නෝ ය. ලියා ඇති ලෙස, “ගැලවුම්කරුවාණෝ සියොන්හි සිට එන සේක. එතුමාණෝ යාකොබ් වෙතින් අභක්තිය පහ කරන සේක.
27
මා ඔවුන්ගේ පාප දුරලන කල, මා ඔවුන්ට දෙන ගිවිසුම මෙය වන්නේ ය.”
28
ශුභාරංචියට අදාළව ඔවුන් ඔබ උදෙසා දෙවියන්වහන්සේගේ සතුරන් ය; එහෙත් තෝරාගැනුමට අදාළව ඔවුන්ගේ ආදි පියවරුන් උදෙසා ඔවුන් ප්‍රේමණීයයන් ය.
29
මන්ද දෙවියන්වහන්සේගේ දීමනා හා උන්වහන්සේගේ කැඳවීම අවලංගු කළ නො හැකි ය.
30
කලක් දෙවියන්වහන්සේට අකීකරුව සිටි ඔබ, ඔවුන්ගේ අකීකරුවීම හේතුවෙන් දැන් දයාව ලැබූ අයුරින්,
31
ඔවුන් ද දැන් අකීකරුකමෙහි සිටින්නේ, ඔබ ලද දයාව මඟින් දැන් ඔවුන් ද දයාව ලබන පිණිස ය.
32
මන්ද සියල්ලන් වෙතම දයාව පානා පිණිස දෙවියන්වහන්සේ ඔවුන් හැම අකීකරුකමෙහි සිර අඩස්සි කළ සේක.
33
බලන්න, දෙවියන්වහන්සේගේ සමෘද්ධියේත්, ප්‍රඥාවෙත්, දැනගැන්මෙත් ගැඹුර කොතරම් ද! උන්වහන්සේගේ විනිශ්චයන් කෙසේවත් සොයා දැනගත හැකි ද! උන්වහන්සේගේ මාර්ග කොතරම් ගුප්ත ද!
34
“ස්වාමින්වහන්සේගේ සිත දැන ගත්තේ කවුරු ද? උන්වහන්සේට උපදේශක වූයේ කවුරු ද?”
35
“උන්වහන්සේ ආපසු ගෙවන පිණිස උන්වහන්සේට ත්‍යාගයක් දුන්නේ කවුරු ද?”
36
මන්ද සියලු දේම උන්වහන්සේගෙනි. උන්වහන්සේ මඟිනි. සියලු දේ උන්වහන්සේ උදෙසා ය. උන්වහන්සේට සදහට ම මහිමය වේවා! ආමෙන්.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
Recommended Reading
Commentary
Romans Commentaries
→
Devotional
Romans Devotional Guide
→
Get This Bible
SCV Study Bible
→