bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Romans 6
Romans 6
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 7 →
1
එසේ නම් කුමක් කියන්නෙමු ද? අනුග්‍රහය බහුල වන පිණිස, අප දිගටම පවෙහි ගැලෙනවා ද?
2
කොහෙත්ම නැත! පාපයට මැරුණ අප, තවදුරටත් එහි ජීවත් වන්නේ කෙසේ ද?
3
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ අප සැවොම, උන්වහන්සේගේ මරණයට බව්තීස්ම කරනු ලැබ ඇති වග ඔබ දන්නේ නැති ද?
4
එබැවින් අපි උන්වහන්සේ සමඟ බව්තීස්මය මඟින් මරණයට පත්ව, වළලනු ලැබීමු. එසේ වූයේ පියාණන්වහන්සේගේ තේජෝ බලයෙන් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ සේ ම, අපත් ජීවිතය අලුත්කමකින් ගත කරන පිණිස ය.
5
උන්වහන්සේගේ මරණයෙන් මෙලෙස අප උන්වහන්සේ සමඟ එක් කරනු ලැබුවා නම්, නිසැකයෙන්ම උන්වහන්සේගේ මරණින් නැගිටීමෙන් ද අපි උන්වහන්සේ සමඟ එක් කරනු ලබන්නෙමු.
6
තවදුරටත් පාපයේ වහල් බවට පත් නො වන්නට, පාපයේ ශරීරය නැති වන පිණිස, අපගේ පැරණි මනුෂ්‍යයා, උන්වහන්සේ සමඟ කුරුසිපත් කරන ලද බැව් අපි දනිමු.
7
මන්ද මළ තැනැත්තා පාපයෙන් නිදහස් කරනු ලැබ ඇත.
8
ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපි මැරුණෙමු නම්, උන්වහන්සේ සමඟ අප ද ජීවත් වන වග, අපි විශ්වාස කරන්නෙමු.
9
ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබ සිටින බැවින්, කිසි කල යළි මැරෙන්නේ නැති වග අපි දනිමු. මරණයට තවදුරටත් උන්වහන්සේ කෙරේ බලයක් නැත.
10
උන්වහන්සේ මැරුණ මරණයෙන්, උන්වහන්සේ එකම වරක් පාපයට මළ සේක; එහෙත් උන්වහන්සේ ජීවත් වන ජීවිතයෙන්, දෙවියන්වහන්සේට ජීවත් වන සේක.
11
එලෙසම ඔබත්, පාපයට මැරී, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්වන්නන් වග කල්පනාවට ගන්න.
12
එබැවින් පාපී ආශාවනට ඔබ අවනත නො වන පිණිස මැරෙන සුළු වූ ඔබේ සිරුර තුළ රජකම් කිරීමට පාපයට ඉඩ නො දෙන්න.
13
ඔබගේ අවයව දුෂ්ටකමට උපකරණ සේ යෙදවීමට, පාපයේ කැමැත්තට බාර නො දී, මරණයෙන් ජීවනයට පැමිණියකු සේ ඔබ දෙවියන්වහන්සේට බාර වී, ඔබේ අවයව ධර්මිෂ්ඨකමට උපකරණ සේ දෙවියන්වහන්සේට බාර දෙන්න.
14
මන්ද ඔබ දහම් නීතිය යටතේ නො ව, අනුග්‍රහය යටතේ සිටින බැවින්, පාපයට ඔබ කෙරේ ස්වාමිකත්වයක් නැත.
15
එසේ නම් කිමෙක් ද? අප දහම් නීතිය යටතේ නො ව, අනුග්‍රහය යටතේ වන බැවින් පවෙහි ගැලෙමු ද? කොහෙත්ම නැත!
16
යමකුට වහලුන් සේ අවනත වීමට ඔබ ඉදිරිපත් වේ නම්, එය මරණයට ගෙන යන පාපය හෝ ධර්මිෂ්ඨකමට ගෙන යන කීකරුකමට හෝ එසේ අවනත වන දේට, ඔබ වහලකු වන බව දන්නේ නැති ද?
17
එහෙත් දෙවියන්වහන්සේට ස්තුති වේවා, කලක් පාපයේ වහලුන්ව සිටි ඔබ, දැන් ඔබට බාර දෙන ලද ඉගැන්වීම් පිළිවෙතට හදවතින්ම අවනතව,
18
පාපයෙන් නිදහස් කරනු ලැබ, ධර්මිෂ්ඨකමේ වහලුන් බවට පත්ව සිටිති.
19
මානව නිදර්ශනවලින් මා ඔබට කතා කරන්නේ, ඔබගේ ස්වාභාවික දුර්වලතා නිසා ය. මන්ද කලක් ඔබ ඔබගේ අවයව අපවිත්‍රතාවේ වහල්කමටත්, වඩ වඩා නොපනත්කමට දිවෙන නොපනත්කමටත් වහලුන් සේ බාර දී තිබූ සේ, දැන් ඔබේ අවයව ශුද්ධවත් භාවයට දිවෙන ධර්මිෂ්ඨකමේ වහලුන් කොට බාර දෙන්න.
20
පාපයේ වහලුන්ව සිටියදී, ධර්මිෂ්ඨකම සම්බන්ධයෙන් ඔබ සිටියේ නිදහස්ව ය.
21
ඔබ දැන් ලජ්ජා වන දේවලින් එකල ඔබ ලද්දේ කවර පලයක් ද? ඒවායේ කෙළවර මරණයයි.
22
එහෙත් දැන් පාපයෙන් නිදහස් කරනු ලැබ, දෙවියන්වහන්සේගේ වහලුන් බවට ඔබ පත්ව ඇත. ඔබට ඉන් ලැබෙන පලය ශුද්ධවත් භාවයයි. එහි කෙළවර සදාතන ජීවනයයි.
23
මන්ද පාපයේ කුලිය මරණයයි. එහෙත් දෙවියන්වහන්සේගේ තිළිණ දීමනාව, ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේ තුළ සදාතන ජීවනයයි.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16