bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Romans 7
Romans 7
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 8 →
1
සහෝදරයිනි, මා කතා කරන්නේ නීතිය දන්නා අයට ය; නීතිය කෙනකුට බලපවත්වන්නේ ඔහු ජීවත්ව සිටින තෙක් පමණක් වග ඔබ දන්නේ නැති ද?
2
එපරිදි විවාහක ස්ත්‍රියක් ඇගේ ස්වාමි පුරුෂයා ජීවත්ව සිටින තුරු, නීතියෙන් ඔහුට බැඳී සිටින්නී ය. එහෙත් ඇගේ ස්වාමි පුරුෂයා මළහොත්, ඔහුට බැඳුණු විවාහ නීතියෙන් ඈ නිදහස් වන්නී ය.
3
තවද ඇගේ ස්වාමි පුරුෂයා ජීවත්ව සිටියදී, ඇය වෙනත් මිනිසකු හා ජීවත්වුණොත්, ඇය පරදාරිකාවකැයි කියනු ලබයි. එහෙත් ඇගේ ස්වාමි පුරුෂයා මළහොත්, ඔහු හා බැඳි විවාහ බැම්මෙන් ඇය නිදහස් වන බැවින්, ඉන්පසු වෙනත් පුරුෂයකු හා විවාහ වුවත්, ඇය පරදාරිකාවක් වන්නේ නැත.
4
මා සහෝදරයිනි, එපරිදිම ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය හේතු කොට ඔබත් දහම් නීතියට මැරුණහ; එසේව ඇත්තේ දෙවියන්වහන්සේට අප පල දරන පිණිස, මළවුන්ගෙන් නැගිටුවන ලද කෙනකු වන වෙනත් කෙනකුට ඔබ බැඳී සිටින පිණිස ය.
5
මාංසයෙහි අප ජීවත් වූ කාලයේ දහම් නීතියෙන් පොලඹවනු ලැබූ අපගේ පාප තෘෂ්ණා, අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක වූයේ, මරණයට පල උපද්දවමිනි.
6
එහෙත්, අප බැඳ තිබූ බැඳීමට මැරී, දැන් අපි දහම් නීතියෙන් නිදහස්ව සිටින්නෙමු. එසේව ඇත්තේ, ලිඛිත පැරණි නීති මාලාවක් යටතේ නො ව, ආත්මයාණන්ගේ නව ජීවනයක් තුළ සේවය කරන පිණිස ය.
7
එසේ නම් කුමක් කියමු ද? දහම් නීතිය පාපය ද? කොහෙත්ම නැත! මන්ද දහම් නීතිය නො වන්නට පාපය කුමක්දැයි මා නො දැන සිටින්නට තිබිණි. “තණ්හා නො වනු” යි දහම් නීතියෙන් නො කියැවිණි නම්, තණ්හාව කුමක්දැයි මා නො දැන සිටින්නට තිබිණි.
8
එහෙත් දහම් නීතිය මඟින් ඉඩ ප්රස්ථා අල්ලාගත් පාපය, සියලු ආකාර තණ්හා-ආශා මා තුළ උපැද්ද වීය. දහම් නීතිය නැති තැන, පාපය මළ එකකි.
9
වරෙක මම දහම් නීතියෙන් තොරව ජීවත්ව සිටියෙමි. එහෙත්, ආඥා පැමිණි කල, පාපය පණ ගැන්විණි; මම මැරුණෙමි.
10
ජීවනය පොරොන්දු වූ ආඥාවෙන්ම මට මරණය ගෙනාවේ ය.
11
මන්ද ආඥාව මඟින් ප්‍රස්තාව අල්ලාගත් පාපය, මා රවටා, එමඟින් මා මරා දැමී ය.
12
එබැවින් දහම් නීතිය ශුද්ධ ය; ආඥාව ශුද්ධ ය; ධර්මිෂ්ඨ ය; යහපත් ය.
13
එසේ නම්, මට මරණය ගෙනාවේ ඒ යහපත් දේ ද? කොහෙත්ම නැත! පාපය, පාපයම වග පෙන්වීමට හා මනින්නට බැරි තරම් වූ පාපිෂ්ඨත්වය, ආඥාව මඟින් පෙන්වීමට ඒ යහපත් දේ මඟින් මා තුළ මරණය නිපදවූයේ පාපයයි.
14
මන්ද දහම් නීතිය ආත්මික වග අපි දනිමු. එහෙත් මම, පාපය යටතේ විකුණන ලද මාංසිකයෙක්මි.
15
මගේම හැසිරීම ගැන මටම නො තේරේ. මන්ද මා කරන්නේ, කරන්නට මට ඕනෑ වූ දේ නො ව, කරන්නට මා අකමැති දේ ය.
16
මා කරන්නේ, කරන්නට මා අකමැති දේ නම්, දහම් නීතිය යහපත් වගට මම එකඟ වෙමි.
17
එබැවින් තවදුරටත් එය කරන්නේ මා නො වේ; මා තුළ වෙසෙන පාපයයි.
18
මන්ද මා තුළ, මාගේ මාංසය තුළ කිසි යහපතක් වෙසෙන්නේ නැති වග මම දනිමි. මන්ද හරි දේ කිරීමේ ආශාව මට ඇතත්, ඒ දේ කිරීමේ හැකියාව මට නැත.
19
මන්ද මා දිගටම කරන්නේ, මා කරන්නට කැමති යහපත නො ව, කරන්නට අකමැති නපුරයි.
20
මෙසේ මා කරන්නේ, කරන්නට මා අකමැති දෙයම නම්, තවදුරටත් එසේ කරන්නේ, මා නො ව, මා තුළ වෙසෙන පාපයයි.
21
මෙසේ, යහපත කරන්නට මට ඕනෑ කරන හැම විට, නපුර අත ළඟම ලැග සිටීමේ නීතියක් ක්‍රියාත්මක බැව් මට පෙනේ.
22
මන්ද මගේ ඇතුළාන්ත මිනිසාගෙන් මම දෙවියන්වහන්සේගේ දහම් නීතියෙහි ප්‍රමෝද වන්නෙමි.
23
එහෙත් මගේ මනසේ නීතියට එරෙහිව මගේ ඉන්ද්රියයන් තුළ වෙනත් නීතියක් යුද වැද, මගේ ඉන්ද්රියයන් තුළ වෙසෙන පාපයේ නීතියට මා වසඟ කරවනු මට පෙනේ.
24
අහෝ මා වැනි අභාග්‍යවත් මිනිහෙක්! මරණීය වූ මේ සිරුරින් මා මුදාලන්නේ කවුරු ද?
25
යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් දෙවියන්වහන්සේට ස්තුති වේවා! මෙසේ මම, මගේ මනසින් සේවය කරන්නේ දෙවියන්වහන්සේගේ දහම් නීතියට ය; එහෙත් මාගේ මාංසයෙන් මා සේවය කරන්නේ පාපයේ නීතියට ය.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16