bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Romans 9
Romans 9
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 10 →
1
ක්‍රිස්තුස්වහන්සේ තුළ මම ඇත්ත කතා කරමි; බොරු නො කියමි. මගේ හෘදය සාක්ෂිය ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ ඒ ගැන සාක්ෂි දරයි.
2
මගේ හදෙහි දැඩි සංතාපයක් ද නො නවතින සංවේගයක් ද තිබේ.
3
මන්ද මාංසයට අනුව මගේ නෑයින් වූ මගේ සහෝදරයින් උදෙසා ශාපලද්දකු වී, ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන් කරනු ලබන්නට වුව, හැකි නම් කැමති වෙමි.
4
ඉශ්රායෙල්වරු ඔවුහු ය. පුත්‍රකමට පිළිගනු ලැබීමත්, තේජසත්, ගිවිසුම් හා දහම් නීතිය දීමත්, නමස්කාරයත්, පොරොන්දුත් ඔවුන්ගේ ය.
5
මුල් පියවරුන් ඔවුන්ගේ ය. මාංසයට අනුව ක්‍රිස්තුස්වහන්සේ ද ඔවුන්ගේ පෙළපතින් ය. සියල්ලටම උතුම් වූ දෙවියන්වහන්සේ වන උන්වහන්සේ සදහට ම ප්‍රශංසනීය ය! ආමෙන්.
6
එහෙත් දෙවියන්වහන්සේගේ වචනය අසමත් වූවා සේ පෙනෙනවා නො වේ; ඉශ්රායෙල් වෙතින් පැවත එන සියල්ලන් ඉශ්රායෙල් නො වේ.
7
ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන නිසාම ඒ සියල්ලෝ ඔහුගේ දරුවන් නො වෙති. මන්ද, “ඔබගේ වංශය නම් කෙරෙන්නේ ඊසාක් මඟිනි.”
8
මෙහි අදහස, දෙවියන්වහන්සේගේ දරුවන් වන්නේ මාංසයේ දරුවන් නො වන බවත්, වංශය වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුවේ දරුවන් බවත් ය.
9
මන්ද පොරොන්දුවේ කියවෙන්නේ මෙයයි: “ඊළඟ වසරේ මේ කාලයට මම ආපසු එන්නෙමි. එකල සාරා පුතකු ලබනු ඇත” කියා ය.
10
එපමණක් නො වේ; රෙබෙකා, එක මිනිසකු මඟින්, අප ආදි පිය ඊසාක් මඟින් දරුවන් පිළිසිඳ ගත් කල,
11
ඔවුන් උපදින්නටත් පෙර, ඔවුන් හොඳක් හෝ නරකක් හෝ කරන්නට පෙර මෙවැන්නක් සිදු විය: දෙවියන්වහන්සේගේ තෝරාගැන්මේ තීරණය රඳා පවත්නේ, උන්වහන්සේගේ කැඳවීම අනුව මිස, ඒ ඒ අයගේ ක්‍රියා මත නො වන වග තහවුරු වන පිණිස,
12
“වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇතැ” යි ඇයට දැනුම් දෙන ලද්දේ,
13
“මම යාකොබ්ට ප්‍රේම කළෙමි; එහෙත් ඒසව්ට ද්වේෂ කළෙමි” යි ලියා ඇති පරිදි ය.
14
එසේ නම් අපි කුමක් කියමු ද? දෙවියන්වහන්සේ අසාධාරණ යැයි කිව හැකි ද? සත්තකින්ම නැත!
15
මන්ද උන්වහන්සේ මෝසෙස්ට කියන්නේ, “දයාව දක්වන්නට මා කැමති කෙනාට, මම දයා වන්නෙමි; අනුකම්පා කරන්නට මා කැමති කෙනාට, මම අනුකම්පා කරන්නෙමි” කියා ය.
16
එබැවින්, දයාව රඳා පවත්නේ මිනිසාගේ කැමැත්ත හෝ ප්රයත්න හෝ මත නො ව, දයාව දක්වන්නා වූ දෙවියන්වහන්සේ මත ය.
17
මන්ද ශුද්ධ ලියවිල්ල පාරාවෝට පවසන්නේ, “මා නුඹ නැගිට වූයේ, මේ අරමුණ උදෙසාම ය; එනම්, නුඹ තුළින් මාගේ බලය පෙන්වා, පොළොව මුළුල්ලේ මාගේ නාමය ප්‍රකාශ වන පිණිස ය” කියා ය.
18
මෙසේ, උන්වහන්සේ දයාවන්නට කැමති කෙනාට, උන්වහන්සේ දයාව පානා සේක; උන්වහන්සේ දැඩි කරන්නට කැමති කෙනාගේ සිත, දැඩි කරන සේක.
19
ඔබ මට මෙසේ පවසනු ඇත: “මන්ද උන්වහන්සේ තවමත් දොස් පවරන්නේ ඇයි? උන්වහන්සේගේ කැමැත්තට එරෙහි වීමට පුළුවන් කවරකුට ද?”
20
එහෙත්, එම්බා මනුෂ්‍යය, දෙවියන්වහන්සේ හා එකට එක කීමට ඔබ කවුරු ද? “ඔබ මේ විදියට මා තැනුවේ මන්දැ?” යි මැටිවලින් තැනූ දෙයක්, එය තැනූ අයට කියයි ද?
21
එකම මැටි පිඩකින් එක් බඳුනක් උසස් කටයුත්තක් සඳහාත්, අනෙකක් නො වැදගත් කටයුත්තක් සඳහාත් හදන්නට කුඹල්කරුට අයිතිය නැද්ද?
22
දෙවියන්වහන්සේ තම උදහස පෙන්වීමටත්, ස්වකීය බලය විදහා පෑමටත් කැමතිව, විනාශයට සූදානම් කරන ලද උදහසේ භාජන ගැන මහත් සේ ඉවසූ සේක් නම් මොකද?
23
එසේ කර ඇත්තේ, තේජෝ මහිමය සඳහා කල්තියා සූදානම් කරන ලද දයාවේ භාජන වෙත උන්වහන්සේගේ තේජෝ මහිමයේ ඉසුර විදහා දක්වන පිණිස ය.
24
එසේ කැඳවනු ලැබ ඇත්තේ, යුදෙව්වන් වෙතින් පමණක් නො ව, අන්‍ය-ජාතීන් වන අප ද වෙතින් ය.
25
හොසියාගේ පොතේ උන්වහන්සේ පවසන්නේ මෙසේ ය: “මගේ ජනයා නො වූවන්ට, ‘මගේ ජනයා’ ය කියා මම අමතමි; ප්‍රේමණීය නො වූ තැනැත්තියට ‘ප්‍රේමණීය ය’ කියා අමතමි.”
26
තවද, “ ‘ඔබ මගේ ජනයා නො වේය’ කියා ඔවුන්ට කියන ලද තැන්හිදීම, ඔවුහු, ‘ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ’ යයි කියනු ලබන්නෝ ය”
27
යෙසායා ඉශ්රායෙල් ජනයා පිළිබඳව මොරගාමින් මෙසේ කීවේ ය. “ඉශ්රායෙල් දරුවන්, ගණනින් මුහුදු වෙරළේ වැලි මෙන් වුව ද, ගලවනු ලබන්නේ ඉන් ඉතිරි ස්වල්ප දෙනකු පමණි.
28
මන්ද ස්වාමින්වහන්සේ ස්වකීය තීන්දුව සම්පූර්ණයෙන් ද නො පමාව ද ක්‍රියාත්මක කරන සේක.”
29
තවද යෙසායා පළමුවෙනුත් කී පරිදි මෙසේ ය: “සියලු බලැති ස්වාමින්වහන්සේ අපටත් පෙළපතක් ඉතිරි නො කළ සේක් නම්, අප සොදොම මෙන් විය හැකිව තිබිණි; ගොමොරාව මෙන් වීමට තිබිණි.”
30
එසේ නම් කුමක් කියමු ද? ධර්මිෂ්ඨකම හඹා ගිය නැති අන්‍ය-ජාතීහු, ධර්මිෂ්ඨකම අත්කර ගත්හ. ඒ, ඇදහිල්ල මඟින් ලැබෙන ධර්මිෂ්ඨකම ය.
31
එහෙත් දහම් නීතියකින් එන ධර්මිෂ්ඨකම හඹා ගිය ඉශ්රායෙල්, ඒ නීතියට ළං වීමට අපොහොසත් වූහ.
32
ඒ ඇයි? ඒ, ඔවුන් ඇදහිල්ල මඟින් නො ව, ක්‍රියා මත පිහිටා කටයුතු කළ බැවිනි. එබැවින් ඔවුහු පැකිළීමේ ගල පිට පැකුළුණහ.
33
එසේ වූයේ, “මෙන්න! මම පැකිළීමේ ගලක් ද බාධක පර්වතයක් ද සියොන්හි තබමි. උන්වහන්සේ තුළ විශ්වාස කරන කවරකු වුව ලජ්ජාවට පත් වන්නේ නැතැ” යි ලියා ඇති පරිද්දෙනි.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16