bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Romans 16
Romans 16
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
1
කෙන්ක්‍රයා සභාවේ සේවිකා ෆීබී අප සහෝදරිය මම ඔබට බාර කරමි.
2
ශුද්ධවතුනට ඔබින ලෙස ස්වාමින්වහන්සේ තුළ ඇය පිළිගන්නා ලෙසත්, අවශ්‍ය වන හැම විටෙක ඇයට උපකාර කරන ලෙසත් ඉල්ලමි. මන්ද ඇය මටත්, තව බොහෝ දෙනකුටත් උදවු උපකාර කළ තැනැත්තියකි.
3
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මගේ හවුල් සේවකයින් වූ ප්‍රිස්කා හා අකිලාට ආචාර කරන්න.
4
මාගේ ජීවිතය උදෙසා තම ගෙල පරදුවට තැබූ ඔවුන්ට මා පමණක් නො ව, අන්‍ය-ජාතික සියලු සභා කෘතඥ වෙති.
5
ඔවුන්ගේ නිවසේ රැස්වන සභාවටත් ආචාර කරන්න. ආසියාවෙන් ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරුණු ප්‍රථමයා වන මා ප්‍රේමණීය එපිනතස්ට ආචාර කරන්න;
6
ඔබ උදෙසා වෙහෙසී වැඩ කළ මරියාට ආචාර කරන්න;
7
මගේ සහෝදර සිරකරුවන් හා මාගේ නෑයින් වන අන්ද්‍රොනිකස් හා ජුනියාටත් ආචාර කරන්න; අපෝස්තුලුවරුන් අතර සුප්‍රසිද්ධ ඔවුන් මට පෙරාතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නවුන් ය.
8
ස්වාමින්වහන්සේ තුළ මා ප්‍රේමණීය අම්ප්ලියාතස්ට ආචාර කරන්න;
9
ක්‍රිස්තුස්වහන්සේ තුළ මගේ හවුල් වැඩකරුවා වූ උර්බානස්ටත්, මා ප්‍රේමණීය ස්ටාකිස්ටත් ආචාර කරන්න!
10
ක්‍රිස්තුස්වහන්සේ තුළ අනුමත අපොල්ලොස්ට ආචාර කරන්න; අරිස්තොබුලස්ගේ පවුලට අයත් වූවන්ට ආචාර කරන්න!
11
මාගේ නෑයකු වූ හෙරෝදියන්ටත්, ස්වාමින්වහන්සේ තුළ නාර්කිසස්ගේ පවුලේ අයටත් ආචාර කරන්න!
12
ස්වාමින්වහන්සේ තුළ වැඩ කරන තෘපේනාට හා තෘපෝසාට ද ආචාර කරන්න. ඉතා වෙහෙසී ස්වාමින්වහන්සේ තුළ වැඩ කළ ප්‍රේමණීය පර්සිස්ට ද ආචාර කරන්න.
13
ස්වාමින්වහන්සේ තුළ තෝරා ගන්නා ලද රූෆස්ටත්, මට ද මවක වූ ඔහුගේ මවටත් ආචාර කරන්න;
14
අසින්ක්‍රිතස්, ප්ලේගොන්, හෙර්මෙස්, පත්‍රොබස්, හෙර්මාස් හා ඔවුන් සමඟ සිටින සහෝදරයින්ට ආචාර කරන්න.
15
පිලොලොගස්, ජූලියා, නේරියස් හා ඔහුගේ සොයුරියටත්, ඔලිම්පස් හා ඔවුන් සමඟ සිටින සියලු ශුද්ධවතුනටත් ආචාර කරන්න.
16
ශුද්ධ සිපාචාරයකින් එකිනෙකාට සමාචාර දක්වන්න. ක්‍රිස්තුස්වහන්සේගේ සියලු සභාවෝ ඔබට ආචාර කරති.
17
සහෝදරයිනි, ඔබට උගන්වන ලද දහමට පටහැනිව බෙදීම් හා බාධා ඇති කරන්නන් ගැන අවධානයෙන් සිටින ලෙස උදක්ම ඔබෙන් ඉල්ලමි. ඔවුන් මගහරින්න.
18
එවැනි පුද්ගලයින් සේවය කරන්නේ ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නො ව, තමන්ගේම උදරයට ය. ඔවුහු ප්‍රිය තෙපුලින් හා ඉච්චා බසින් අවංකයින් මුළා කරති.
19
ඔබගේ කීකරුකමේ කීර්තිය හැමටම දැනගන්නට ලැබී ඇත, එබැවින් ඔබ ගැන මම ප්‍රීති වෙමි. එහෙත් ඔබ, හොඳ දෑ ගැන ප්‍රඥාවන්තයින් වී, නපුර ගැන අහිංසකයින් වීම මගේ කැමැත්තයි.
20
සාමයේ දෙවියන්වහන්සේ ඉතා ඉක්මනින්ම ඔබගේ පා යට සාතන් පොඩිකර දමනු ඇත. යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ කරුණා-අනුග්‍රහය ඔබ සමඟ වේවා!
21
මගේ හවුල් වැඩකරුවා වූ තිමෝතියස් ඔබට ආචාර කරයි. එසේම ලුසියස්, ජේසන් හා සොසිපාතර් යන මගේ නෑයෝ ඔබට ආචාර කරති.
22
මෙම ලිපිය ලියන තෙර්තියස් වන මම ද ස්වාමින්වහන්සේ තුළ ඔබට ආචාර කරමි.
23
මා ඇතුළු මුළු සභාවට නවාතැන් දෙන ගායස් ඔබට ආචාර කරයි. නගර භාණ්ඩාගාරික එරස්තස් හා අප සහෝදර ක්වාටස් ද ඔබට ආචාර කරති.
24
යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ හැම සමඟ වේවා! ආමෙන්.
25
කාලාන්තරයක් තිස්සේ සැඟවී තිබී, දැන් එළිදරවු වී ඇති අබිරහස ලෙස මාගේ ශුභාරංචිය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ප්‍රකාශ කිරීමට අනුව ඔබ ශක්තිමත් කිරීමට සමත් තැනැන්වහන්සේට,
26
ඇදහිල්ලේ කීකරුකමට පැමිණෙන පිණිස, සදාතන දෙවියන්වහන්සේගේ ආඥාවට අනුව දිවැස් වැකි ලියවිලි මඟින් සියලු ජාතීන්ගේ ඒ අබිරහස දැන් එළිදරවු කළ
27
අසමසම ප්‍රඥාවෙන් හෙබි එකම දෙවියන්වහන්සේට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් සදහට ම තේජෝ මහිම වේවා! ආමෙන්.
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16