bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Romans 3
Romans 3
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 4 →
1
එසේ නම් යුදෙව්වකු වීමේ වාසිය කුමක් ද? චර්ම-ඡේදනයේ ඇති වටිනාකම කුමක් ද?
2
හැම අතින්ම බොහෝ ය. මුලින්ම, දෙවියන්වහන්සේගේ කියමන් බාර දෙනු ලැබ ඇත්තේ, යුදෙව්වන්ට ය.
3
ඇතමකු අවිශ්වාසවන්ත වූවා නම් කිමෙක් ද? ඔවුන්ගේ විශ්වාසය නොමැතිකමින් දෙවියන්වහන්සේගේ විශ්වාසී භාවය අහෝසි වේ ද?
4
කොහොමටවත් නැත! ලියා ඇති පරිදි හැම කෙනකුම බොරුකරුවකු වුවත්, දෙවියන්වහන්සේ සත්‍යවාදී වග පෙනේවා: “ඔබ පවසන වදනින්, ඔබේ දමිටුකම ප්‍රකාශ වේ. ඔබ විනිශ්චය කරනු ලබන කල, ජය ඔබට අත් වේ.”
5
අපගේ අධර්මිෂ්ඨකම මඟින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රදර්ශන කෙරේ නම්, අපට කිව හැක්කේ කුමක් ද? (මානව තර්කයෙන් කිවහොත්) උදහසේ දඬුවම පැමිණවීමට දෙවියන්වහන්සේ අසාධාරණ ද?
6
කොහෙත්ම නැත. එසේ වුවහොත්, දෙවියන්වහන්සේ ලෝකය විනිශ්චය කරන්නේ කෙසේ ද?
7
මාගේ අසත්‍ය තුළින් දෙවියන්වහන්සේගේ සත්‍යය, වඩා ඉස්මතු වී, එය උන්වහන්සේගේ තේජෝමහිමයට හේතු වේ නම්, මා පව්කරුවෙකැයි තවමත් තීන්දු කරන්නේ මන්ද?
8
එසේ කීම, “යහපත පැමිණෙන පිණිස නපුර කරමු” යි කීම වැනි ය. (අප එසේ කියතැයි සමහරු අප ගැන අපහාසාත්මක කතා පතුරුවා තිබේ.) ඔවුන්ගේ දඬුවම සාධාරණ ය.
9
එසේ නම් කුමක් ද? යුදෙව් අපට වාසියක් වේ ද? නැත; කොහෙත්ම නැත. සියලු යුදෙව්වන් සේ ම, ග්‍රීකයින් ද යන දෙගොල්ලම පාපය යටතේ බැව් දැනටමත් අප ඔබට පෙන්වා දී තිබේ.
10
ඒ ගැන ලියා තිබෙන ලෙස, “ධර්මිෂ්ඨ කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත.
11
වටහා ගන්නා කෙනෙක් නැත. දෙවියන්වහන්සේ සොයන කෙනෙක් නැත.
12
සැවොම ඉවත හැරී, ඔවුන් එක්ව නිෂ්ඵල බවට පත්ව ඇත; හොඳක් කරන කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත.”
13
“ඔවුන්ගේ උගුරු, කට ඇරගත් මිනීවළකි. රැවටීමට ඔවුහු තම දිව් යොදා ගනිති.” “ඔවුන්ගේ තොල් යට පොළොං විස ය.”
14
“ඔවුන්ගේ මුව, ශාපවලින් හා තික්තකමින් පිරිලා ය.”
15
“ඔවුන්ගේ පා, ලේ හැලුමට යුහු යුහුව යයි;
16
ඔවුන්ගේ මාවත්වල ඇත්තේ විනාශය හා විපත්තියයි;
17
සාමයේ මාර්ගය ඔවුන් දන්නේ නැත.”
18
“ඔවුන්ගේ ඇස් හමුවේ දෙවියන්වහන්සේට බයක් නැත.”
19
දැන් අප දන්නා පරිදි, හැම කටක්ම වහන පිණිස හා මුළු ලෝකයම දෙවියන්වහන්සේට ගණන් දිය යුතු වන පිණිස, දහම් නීතියේ යම් දෙයක් කියයි ද ඒ දෑ කියන්නේ, ඒ නීතිය යටතේ සිටින්නන්ට ය.
20
මන්ද දහම් නීතියේ ක්‍රියා මඟින් කිසි මිනිසකු උන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරනු ලබන්නේ නැත. දහම් නීතිය මඟින් කෙරෙන්නේ පාප අවබෝධය ගෙන ඒම ය.
21
එහෙත් දැන් දහම් නීතියෙන් තොරව දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම එළිදරවු කර තිබේ. දහම් නීතිය හා දිවැසිවරුන් ඊට සාක්ෂි දරන නමුදු,
22
දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මඟින් අදහා ගන්නා සියල්ලන්ට ය. කිසි විශේෂත්වයක් නැත.
23
මන්ද සියල්ලෝම පව් කොට, දෙවියන්වහන්සේගේ මහිමයෙන් පිරිහී සිටිති,
24
දෙවියන්වහන්සේගේ අනුග්රහයේ ත්‍යාගයක් වශයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති මිදීම මඟින් ධර්මිෂ්ඨ කරනු ලබති.
25
උන්වහන්සේගේ ලේ තුළ ඇදහීම මඟින්, පාප වන්දි නිවාරණය ලබා ගැනීමට සලසා දුන්නේ දෙවියන්වහන්සේ ය. එසේ කර ඇත්තේ, තමන්වහන්සේගේ දිව්‍ය ඉවසිලිවත්කම හේතු කොට, පෙර කල්හි කළ පාප නො සලකා හැරීමෙන්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වීමට ය.
26
තවද එසේ කර ඇත්තේ, තමන්වහන්සේ සාධාරණ වන හැටියට හා යේසුස්වහන්සේ තුළ අදහාගන්නන් නිර්දෝෂකරන්නා වන හැටියට මේ වත්මනේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වීමට ය.
27
එසේ නම් අපගේ පුරසාරම කොහේ ද? එය ඉවත් කරනු ලැබ ඇත. ඒ කවර නීතියකින් ද? ක්‍රියාවල නීතියකින් ද? නැත! ඇදහිල්ලේ නීතියෙනි.
28
මන්ද අපේ පිළිගැනීම නම්, කෙනකු ධර්මිෂ්ඨ කරනු ලබන්නේ, දහම් නීති ක්‍රියාවලින් තොරව, ඇදහිල්ල මඟින් බවයි.
29
දෙවියන්වහන්සේ යුදෙව්වන්ගේ පමණක් දෙවියන්වහන්සේ ද? උන්වහන්සේ අන්‍ය-ජාතිකයින්ගේත් දෙවියන්වහන්සේ නො වන සේක් ද? සත්තකින්ම අන්‍ය-ජාතීන්ගේත් ය.
30
දෙවියන්වහන්සේ එකම තැනැත්තාණන් කෙනෙක් වන සේක. උන්වහන්සේ චර්ම-ඡේදිතයන් ඇදහිල්ල මඟින් ද චර්ම-අඡේදිතයන් ඇදහිල්ල තුළින් ද ධර්මිෂ්ඨ කරන සේක.
31
එසේ නම්, අපි මෙම ඇදහිල්ල මඟින් දහම් නීතිය අවලංගු කරන්නෙමු ද? කොහෙත්ම නැත! සැබවින් ම අපි එය තහවුරු කරන්නෙමු.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16