bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
Romans 4
Romans 4
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 5 →
1
එසේ නම්, මාංසාකාරයෙන් අපගේ ආදි පිය වූ ආබ්‍රහම් කුමක් ලබා ගත්තේ යයි කිව හැකි ද?
2
මන්ද ආබ්‍රහම් ධර්මිෂ්ඨ කරන ලද්දේ ක්‍රියා මඟින් නම් පාරට්ටු කර ගැනීමට හේතුවක් ඔහුට තිබිණ. එහෙත් දෙවියන්වහන්සේ ඉදිරියේ නො වේ.
3
ශුද්ධ ලියවිල්ල කුමක් පවසයි ද? “ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කළේ ය; එය ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබී ය” යනුවෙනි.
4
ඉදින් වැඩක් කිරීමෙන් කෙනකු ලබන වැටුප, ඔහුට හිමි ගාස්තුව වශයෙන් විනා, තෑග්ගක් ලෙස සලකනු නො ලැබේ.
5
එහෙත් වැඩක් නො කරන නමුදු, අභක්තිකයකු නිර්දෝෂ කරන තැනැන්වහන්සේ කෙරේ විශ්වාසය තබන්නාගේ ඇදහිල්ල, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබේ.
6
ක්‍රියාවලින් තොරව, දෙවියන්වහන්සේ විසින් ධර්මිෂ්ඨයෙකැයි සලකනු ලැබූ මිනිසාගේ භාග්‍යවත්කම ගැන සඳහන් කරමින්, දාවිත් ද එයම පවසයි.
7
“තමන්ගේ නොපනත්කම්වලට කමාව ලැබූවෝ ද තමන්ගේ පාප වසා දමනු ලැබූවෝ ද භාග්‍යවත් ය.
8
ස්වාමින්වහන්සේ යමකුගේ පාප, ඔහුට එරෙහිව ගණන් නො ගන්නා සේක් ද, ඒ තැනැත්තා භාග්‍යවත් ය.”
9
මෙම භාග්‍යය චර්මඡේදිතයින්ට පමණක් ද? නැතහොත් චර්මඡේද නො වූවන්ටත් ද? අප කියන්නේ, ආබ්‍රහම්ට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබුවේ ඇදහිල්ල බවයි.
10
ඔහුට අදාළව එසේ ගණන් ගනු ලැබුවේ කෙසේ ද? ඒ ඔහු චර්මඡේද වන්නට කලින් ද? ඊට පසුව ද? එසේ වූයේ ඔහු චර්මඡේද වූවාට පසුව නො වේ; ඊට කලින් ය.
11
ඔහු චර්මඡේද ලකුණ ලද්දේ, ඔහු තවමත් චර්මඡේද නො වී සිටියදී, ඇදහිල්ල මඟින් ලද ධර්මිෂ්ඨකමේ මුද්‍රාවක් වශයෙනි. එහි අරමුණ, චර්මඡේද වීමෙන් තොරව, විශ්වාස කරන සියල්ලන් ධර්මිෂ්ඨයින් වශයෙන් ගණන් ගැනෙන පිණිස, ඔහු ඔවුන්ගේ පියාණන් බවට පත් වීමටත්,
12
චර්මඡේද වීමෙන් පමණක් නො ව, චර්මඡේද වන්නට පෙර අපගේ පිය වූ ආබ්‍රහම්ගේ ඇදහිල්ලේ පියමං ඔස්සේ ගමන් කරන චර්මඡේදිතයින්ගේ ද පියාණන් බවට ඔහු පත් වීමටත් ය.
13
මන්ද ආබ්‍රහම්ටත්, ඔහුගේ පෙළපතටත් ලෝකය උරුම වන්නේ ය යන පොරොන්දුව ඔහු ලද්දේ, දහම් නීතිය මඟින් නො ව, ඇදහිල්ල කරණකොටගෙන පැමිණෙන ධර්මිෂ්ඨකම මඟිනි.
14
මන්ද උරුමකරුවන් වන්නේ, දහම් නීතියේ පිහිටා සිටින්නවුන් නම්, ඇදහිල්ල නිෂ්ඵල ය; පොරොන්දුව හිස් ය.
15
මන්ද දහම් නීතිය උදහස ගෙන එයි. නීතියක් නැති තැන, නීති කැඩීමක් ද නැත.
16
පොරොන්දුව ඇදහිල්ල මත රඳා පවත්නේ එබැවිනි; එසේ වන්නේ, එය අනුග්‍රහයෙන් පිහිටන පිණිසත්, ඔහුගේ මුළු පෙළපතට එය ඇපයක් වන පිණිසත් ය. ඒ පෙළපත දහම් නීතියට බැඳුණවුන්ගේ පමණක් නො වේ; ආබ්‍රහම්ගේ ඇදහිල්ලට පංගුකාර වූ අයගේත් ය; අප හැමගේ පියා ආබ්‍රහම් ය.
17
ඒ, “මම බොහෝ ජාතීන්ට ඔබ පියාණන් කළෙමි” යි ලියා ඇති පරිදි, ආබ්‍රහම් තමා විශ්වාසය තැබූ දෙවියන්වහන්සේ ඉදිරියේ ය; උන්වහන්සේ මළවුන්ට ජීවනය දෙන, නැති දේ ඇති දේ වන්නට අණ කරන තැනැන්වහන්සේ ය.
18
“ඔබේ පෙළපත එසේ වන්නේ යැ” යි ඔහුට පවසා තිබූ ලෙස තමා බොහෝ ජාතීනට පියා වෙතැයි ඔහු බලාපොරොත්තුවෙන් විශ්වාස කළේ බලාපොරොත්තු තබන්නට ඉඩ නැති තැන ය.
19
අවුරුදු සියයක් වයස් ගතව, තම ශරීරය මැරී ගිය එකක් වැනියයි කල්පනා වුව ද, සාරාගේ ගර්භය වඳ වග කල්පනා වුව ද, ඔහු ඇදහිල්ලේ දුර්වල වූයේ නැත.
20
දෙවියන්වහන්සේගේ පොරොන්දුව ගැන අවිශ්වාසයකින්, ඔහු තමා තුළ දෙගිඩියාවක් ඇති කර නො ගෙන, තම ඇදහිල්ලෙහි බලවත් වෙමින්, දෙවියන්වහන්සේට මහිමය දුන්නේ,
21
පොරොන්දු වූ දේ ඉටු කරන්නට උන්වහන්සේට පුළුවනැයි සහතිකයෙන්ම ඒත්තු ගැනීමෙනි.
22
ඔහුගේ ඇදහිල්ල, ඔහුට ධර්මිෂ්ඨකම ලෙසින් ගණන් ගනු ලැබුවේ එබැවිනි.
23
“ඔහුට එය ගණන් ගනු ලැබී ය” යන වචන ලියනු ලැබ ඇත්තේ, ඔහු උදෙසා පමණක්ම නො වේ;
24
අප උදෙසාත් ය. යේසුස් අප ස්වාමින්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේ තුළ විශ්වාස කරන අප උදෙසා ද එසේ ගණන් ගනු ලබන්නේ ය.
25
උන්වහන්සේ පාවා දෙනු ලැබුවේ, අපගේ පාප උදෙසා ය; නැගිටුවනු ලැබුවේ අප නිර්දෝෂ කොට ගණන් ගැනීම සඳහා ය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16