bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
1 Chronicles 12
1 Chronicles 12
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 13 →
1
කිෂ්ගේ පුත් සාවුල් නිසා දාවිත් සැඟවී ශික්ලග්හි සිටිය දී ඔහු ළඟට පැමිණි මනුෂ්‍යයෝ මොවුහු ය. මොවුහු යුද්ධයේ දී ඔහුට උපකාර වූ බලවන්තයන්ගේ ගණනට අයිති වූ හ.
2
ඔව්හු දකුණතින් ද වමතින් ද ගල්විසි කරන්නත්, දුන්නෙන් ඊ ගස් විදින්නත් පුරුදු දුනුවායන් ව, බෙන්ජමින්ගේ වංශයට අයිති වූ සාවුල්ගේ සහෝදරයන් ව සිටියෝ ය.
3
එනම්, ප්‍රධානියා වූ අහියේසෙර් සහ ජෝවාෂ් ය. ඔව්හු ගිබියාහි ෂෙමායාගේ පුත්‍රයෝ ය. අශ්මාවෙත්ගේ පුත්‍රයන් වූ ජෙසීයෙල් සහ පෙලෙට් ය; බෙරාකා ය; අන්තෝතිය ජේහු ය.
4
බලවන්තයන් තිස්දෙනාගෙන් එක් කෙනෙකු ව, තිස්දෙනාගේ ප්‍රධානියා ව සිටි ගිබියොන්හි ඉෂ්මයියා ය; ජෙරමියා ය; ජහසියෙල් ය; ජෝහානාන් ය; ගෙදේරාතිය ජොසාබාද් ය;
5
එල්යුශයි ය; ජෙරිමොත් ය; බෙයාලියා ය; ෂෙමරියා ය; හරුපිය ෂෙපතියා ය;
6
එල්කානා සහ ඉෂ්ෂියා ද අශරියෙල් ද ජෝවෙශෙර් ද ජෂොබෙයාම් ද යන කොරාවරු ය.
7
ගෙදෝර්හි ජෙරොහාම්ගේ පුත්‍රයන් වූ ජොයේලා සහ සෙබදියා ය.
8
ගාද්වරුන්ගෙනුත් බලවන්ත මනුෂ්‍යයෝ වෙන් ව ගොස් දාවිත් වෙත පාළුකරයේ බලකොටුවට එක් වූවෝ ය. ඔව්හු යුද්ධයට පුහුණු වූ, පලිහත් හෙල්ලයත් දරන්න සමර්ථ වූ, සිංහ මුහුණු වැනි මුහුණු ඇති වේගවත්කමින් කඳුවල තිත් මුවන්ට සමාන වූ මනුෂ්‍යයෝ ය.
9
ප්‍රධානියා එශෙර් ය; දෙවැනියා ඔබදියා ය; තුන්වැනියා එලියාබ් ය;
10
සතරවැනියා මිෂ්මන්නා ය; පස්වැනියා ජෙරමියා ය;
11
හයවැනියා අත්තයි ය; හත්වැනියා එලියෙල් ය;
12
අටවැනියා ජෝහානාන් ය; නවවැනියා එල්ශාබාද් ය;
13
දසවැනියා ජෙරෙමියා ය; එකොළොස්වැනියා මක්බන්නයි ය.
14
ගාද්ගේ පුත්‍රයන් වූ මොවුහු සේනාවට මුලාදෑනියන් ව සිටියෝ ය. මොවුන්ගෙන් කුඩා තැනැත්තා සියයකටත්, ලොකු තැනැත්තා දහසකටත් සෙන්පතියෝ වූ හ.
15
මොවුහු පළමු වන මාසයේ, ජොර්දාන් ගඟේ වතුර එහි සියලු ඉවුරු තළා ගලා තිබිය දී, එගොඩ වී නැගෙනහිරෙත් බස්නාහිරෙත් මිටියාවත්වල වාසය කළ සියල්ලන් එළවා දැමූහ.
16
බෙන්ජමින්ගේ ද ජුදාගේ ද සෙනඟගෙනුත් සමහරෙක් දාවිත් වෙත බලකොටුවට ආවෝ ය.
17
දාවිත් ඔවුන් සම්බ වන්න පිටතට ගොස්, ඔවුන්ට කතා කොට, “ඔබ හැම මට උපකාර කරන්න සාමදානයෙන් මා ළඟට ආවහු නම්, මාගේ සිත ඔබ කෙරෙහි ඇළුම් වන්නේ ය. එහෙත්, මා අත වරදක් නැති ව තිබෙද්දී, මාගේ එදිරිකාරයන්ට මා පාවා දෙන පිණිස ආවහු නම්, අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ එය බලා යුක්තිය ඉටු කරන සේක් වා!”යි කීවේ ය.
18
එවිට තිස්දෙනාගේ ප්‍රධානියා වූ අමාසයි පිට ආත්මයක් ආවේශ වී ඔහු කතා කරමින්, “දාවිත් රජතුමෙනි, අපි ඔබේ පක්ෂයට ද ජෙස්සේගේ පුත්‍රය, අපි ඔබ සමඟ ද සිටින්නෙමු. සාමදානය, සාමදානය ම ඔබට වේ වා! ඔබට උපකාර කරන්නන්ටත් සාමදානය වේ වා! මන්ද, ඔබේ දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන සේකැ”යි කීවේ ය. එවිට දාවිත් ඔවුන් පිළිගෙන ඔවුන් හමුදාවේ ප්‍රධානීන් කෙළේ ය.
19
තවද දාවිත්, පිලිස්තිවරුන් සමඟ සාවුල්ට විරුද්ධ ව සටනට ගිය විට මනස්සේවරුන්ගෙන් සමහරෙක් ද ඔහුට එකතු වුණෝ ය. එහෙත්, ඔව්හු පිලිස්තිවරුන්ට උපකාර නොකළෝ ය. මන්ද, පිලිස්තිවරුන්ගේ අධිපතීහු මන්ත්‍රණය කොට, “ඔහු අප අන්තරායට පමුණුවන ලෙස තම ස්වාමියා වූ සාවුල්ට එකතුවනු ඇතැ”යි ඔහු යන්න හැරියෝ ය.
20
එසේ ඔහු ශික්ලග් නම් ස්ථානයට යද්දී මනස්සේවරුන්ගෙන් සහශ්‍රාධිපතියන් වූ අද්නා ද ජොශාබාද් ද ජෙදීයයෙල් ද මිකායෙල් ද ජෝශාබාද් ද එලීහු ද ශිල්ලෙතයි ද ඔහුට එකතු වූ හ.
21
ඔව්හු කොල්ලකාර හමුදාවට විරුද්ධ ව දාවිත්ට උපකාර කළෝ ය. මන්ද, ඔව්හු සියල්ලෝ ම බලවන්තයන් ව ද සේනාවේ අධිපතියන් ව ද සිටියෝ ය.
22
එසේ දෙවියන් වහන්සේගේ සේනාව වැනි මහත් සේනාවක් වන තෙක් දාවිත්ට උපකාර කරන පිණිස මිනිස්සු දවසින් දවස ඔහු ළඟට පැමිණියහ.
23
සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාරයට සාවුල්ගේ රජකම දාවිත්ට හරවා දෙන පිණිස යුද්ධයට සන්නද්ධ ව දාවිත් වෙත හෙබ්‍රොන්ට පැමිණි මනුෂ්‍යයන්ගේ ගණන මෙසේ ය:
24
ජුදා ගෝත්‍රයෙන් පලිහ ද හෙල්ලය ද දරන, යුද්ධයට සන්නද්ධ වූ හයදාස් අටසිය දෙනෙක් ය.
25
සිමියොන්ගේ ගෝත්‍රයෙන් යුද්ධයට බලවන්ත මනුෂ්‍යයෝ හත්දාස් එකසියයක් ය.
26
ලෙවීගේ ගෝත්‍රයෙන් හාරදාස් හයසියයක් ය.
27
ආරොන්ගේ වංශයේ අධිපතියා වූ ජෙහෝයාදා සහ ඔහු සමඟ තුන්දාස් හත්සියයක් ය.
28
බලවන්ත යෞවනයෙකු වූ ශාදොක් සහ ඔහුගේ පිය වංශයේ අධිපතිවරු විසිදෙදෙනෙක් ය.
29
සාවුල්ගේ සහෝදරයන් වූ බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් තුන්දහසක් ය. ඔවුන්ගෙන් වැඩි කොටස මේ වන තුරු සාවුල්ගේ වංශයට පක්ෂ ව සිටියෝ ය.
30
එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් බලවන්තයන් ව, තමන්ගේ පිය වංශවල කීර්තිමත් මනුෂ්‍යයන් ව සිටි විසිදාස් අටසියදෙනෙක් ය.
31
දාවිත් රජකමට පත් කිරීමට එන පිණිස මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් නම් සඳහන් කරනු ලැබූ දහඅටදාහක් ය.
32
ඉශ්රායෙල්වරුන් විසින් කරනු ලැබිය යුතු දේ කිමෙක් දැ යි දැනෙන හැටියට සටනට පිවිසෙන වකවානු තේරුම් ඇති ඉස්සාකර්ගේ ගෝත්‍රවල ප්‍රධානියෝ දෙසියදෙනෙක් ය; ඔවුන්ගේ සියලු සහෝදරයෝ ද ඔවුන්ගේ අණට යටත් ව සිටියෝ ය.
33
සාබුලොන්වරුන්ගෙන් සියලු ආකාර යුද්ධායුධ ඇති ව, යුද්ධ පිළිවෙළට පැමිණ තිර සිත් ඇති ව පිළිවෙළින් සිටින්න පුළුවන් වූ අය පණස්දහසක් ය.
34
නප්තලීවරුන්ගෙන් අධිපතිවරු දහසක් සහ ඔවුන් සමඟ පලිහ ද හෙල්ලය ද ඇති අය තිස්හත්දහසක් ය.
35
දාන්වරුන්ගෙන් සටනට සැරසී පැමිණෙන අය විසිඅටදාස් හයසියයක් ය.
36
ආෂෙර්වරුන්ගෙන් සටනට ගොස් සටනට සැරසී සිටින්න පුළුවන් අය සතළිස්දහසක් ය.
37
ජොර්දානෙන් එගොඩ රූබන්වරුන්ගෙන් ද ගාද්වරුන්ගෙන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද සටනට සියලු ආකාර යුද්ධායුධ ඇති අය එක්ලක්ෂ විසිදහසක් ය.
38
යුද්ධ පිළිවෙළට පැමිණෙන්න පුළුවන් වූ මේ සියලු යුද්ධ භටයෝ සියලු ඉශ්රායෙල්වරුන් පාලනය කිරීම සඳහා දාවිත් රජකමට පත් කිරීමට සම්පූර්ණ සිතින් හෙබ්‍රොන්ට ආවෝ ය. අනික් සියලු ඉශ්රායෙල්වරුත් දාවිත් රජකමට පත් කිරීමට එක් සිත් ව සිටියෝ ය.
39
ඔව්හු ආහාර පාන වළඳමින් දාවිත් ළඟ තුන්දවසක් සිටියෝ ය. මන්ද, ඔවුන්ගේ සහෝදරයන් ඔවුන්ට එසේ පිළියෙළ කර තිබිණි.
40
තවද, ඉස්සාකර්ගේ ද සාබුලොන්ගේ ද නප්තලීගේ ද දේශ දක්වා ඔවුන් අසල සිටි අය කොටළුවන් ද ඔටුවන් ද අශ්වතරයන් ද ගොනුන් ද පිට රොටි සහ පිටි කෑමත්, වියළි අත්තික්කා කැටි සහ මිදි පොකුරුත්, මුද්‍රික පානයත්, තෙලුත්, ගොනුන් සහ බැටළුවනුත් බොහෝ සෙයින් ගෙන ආවෝ ය. මන්ද, ඉශ්රායෙල්වරුන් අතරෙහි ප්‍රීතිය ඇති වූයේ ය.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29