bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
1 Chronicles 27
1 Chronicles 27
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 28 →
1
අවුරුද්දේ සියලු මාසවල මාසයෙන් මාසයට තමන්ගේ නිල සේවාවන් මාරුවෙන් මාරුවට ඉටු කළා වූ ද කාණ්ඩවල සියලු කාරණා ගැන රජුට සේවය කළා වූ ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශවල ප්රධානීන්ගේත්, සහශ්‍රාධිපතීන්ගේත්, ශතාධිපතීන්ගේත්, ඔවුන්ගේ මුලාදෑනීන්ගේත් ගණන නම්, එක එක කාණ්ඩයට විසිහතරදහසක් ය.
2
පළමු වැනි මාසයට කාණ්ඩය කෙරෙහි ශබ්දියෙල්ගේ පුත් ජාෂොබෙයාම් පත් ව සිටියේ ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.
3
ඔහු පෙරෙශ්වරුන්ගෙන් එක් කෙනෙකු ව පළමු වැනි මාසයේ සේනාවල සියලු අධිපතීන්ගේ ප්‍රධානියා ව සිටියේ ය.
4
දෙ වැනි මාසයට කාණ්ඩය කෙරෙහි අහෝහිය දෝදයි පත් ව සිටියේ ය. ඔහුගේ කාණ්ඩයේ මුලාදෑනියා මික්ලොත් ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් ය.
5
තුන් වැනි මාසයට තුන් වැනි සේනාවේ අධිපතියා නම්, පූජක වූ ජෙහෝයාදාගේ පුත්‍රයා වන ප්‍රධානියා වූ බෙනායා ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.
6
බෙනායා වනාහි ඒ තිස්දෙනාගෙන් බලවන්තයා ව, තිස්දෙනා කෙරෙහි අධිපතියා ව සිටියේ ය. ඔහුගේ පුත් අම්මිසාබාද් ඔහුගේ කාණ්ඩයේ සිටියේ ය.
7
හතර වැනි මාසයට හතර වැනි අධිපතියා නම්, ජෝවාබ්ගේ සහෝදර වූ අසාහෙල් ය. ඔහුට පසු ව ඔහුගේ පුත් සෙබදියා ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.
8
පස් වැනි මාසයට පස් වැනි අධිපතියා නම්, ඉශ්රාහී ෂම්හුත් ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.
9
හය වැනි මාසයට හය වැනි අධිපතියා නම්, තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.
10
හත් වැනි මාසයට හත් වැනි අධිපතියා නම්, එප්‍රායිම්වරුන්ගෙන් එක් කෙනෙකු වූ පෙලෝනීය හෙලෙශ් ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.
11
අට වැනි මාසයට අට වැනි අධිපතියා නම්, ශෙරාහිවරුන්ගෙන් එක් කෙනෙකු වූ හුෂාතීය සිබ්බෙකයි ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.
12
නව වැනි මාසයට නව වැනි අධිපතියා නම්, බෙන්ජමින් වංශයට අයිති වූ අනාතෝතිය අබියෙශෙර් ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.
13
දස වැනි මාසයට දස වැනි අධිපතියා නම්, ශෙරාහිවරුන්ගෙන් එක් කෙනෙකු වූ නෙටෝපාතිය මහරයි ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.
14
එකොළොස් වැනි මාසයට එකොළොස් වැනි අධිපතියා නම්, එප්‍රායිම්වරුන්ගෙන් එක් කෙනෙකු වූ පීරාතෝනිය බෙනායා ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.
15
දොළොස් වැනි මාසයට දොළොස් වැනි අධිපතියා නම්, ඔත්නියෙල්ගේ වංශයට අයිති නෙටෝපාතිය හෙල්දයි ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.
16
තවද, ඉශ්රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ නම් මොවුහු ය. රූබන්වරුන්ට ආණ්ඩුකාරයා ව සිටියේ ශික්රීගේ පුත් එලියෙසර් ය. සිමියොන්වරුන්ට මයකාගේ පුත් ෂෙපටියා ය.
17
ලෙවීවරුන්ට කෙමුවෙල්ගේ පුත් හෂබියා ය. ආරොන් වංශයට ශාදොක් ය.
18
ජුදාවරුන්ට දාවිත්ගේ සහෝදරයෙකු වූ එලිහු ය. ඉස්සාකර්වරුන්ට මිකායෙල්ගේ පුත් ඔම්රී ය.
19
සාබුලොන්වරුන්ට ඔබදියාගේ පුත් ඉෂ්මායා ය. නප්තලීවරුන්ට අස්රියෙල්ගේ පුත් ජෙරිමොත් ය.
20
එප්‍රායිම්වරුන්ට අශශියාගේ පුත් හෝෂෙයා ය. මනස්සේගේ අර්ධ ගෝත්‍රයට පෙදායාගේ පුත් ජෝවෙල් ය.
21
ගිලියද්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ශෙකරියාගේ පුත් ඉද්දෝ ය. බෙන්ජමින්වරුන්ට අබිනේර්ගේ පුත් ජයසීයෙල් ය.
22
දාන්වරුන්ට ජෙරොහාම්ගේ පුත් අශරියෙල් ය. ඉශ්රායෙල් ගෝත්‍රවල අධිපතියෝ මොවුහු ය.
23
එහෙත්, “අහසේ තාරකා මෙන් ඉශ්රායෙල්වරුන් වැඩි කරන්නෙමි”යි සමිඳාණන් වහන්සේ කියා තිබුණ නිසා විසි අවුරුදු වයසේ පටන් ඊට බාල වූ තැනැත්තන් දාවිත් ගණන් කෙළේ නැත.
24
ශෙරුයාගේ පුත් ජෝවාබ් සෙනඟ ගණන් කරන්න පටන්ගත් නමුත්, එය අවසාන කෙළේ නැත. තවද, ඒ ගැන ඉශ්රායෙල් පිට උදහස පැමිණියේ ය. ඒ ගණන ද දාවිත් රජුගේ වාර්තා පොතේ ඇතුළත් නොකරන ලද්දේ ය.
25
රජුගේ ගබඩා කෙරෙහි අදීයෙල්ගේ පුත් අශ්මාවෙත් පත් ව සිටියේ ය. පිටිසර පළාත්වල ද නුවරවල ද ගම්වල ද බලකොටුවල ද පිහිටි ගබඩා කෙරෙහි උශ්ශියාගේ පුත් ජොනතන් පත් ව සිටියේ ය.
26
ගොවිතැන් කිරීමට කෙත්වල වැඩ කළවුන් කෙරෙහි කෙලුබ්ගේ පුත් එස්රී පත් ව සිටියේ ය.
27
මිදි වතු කෙරෙහි රාමාතීය ෂිමෙයි පත් ව සිටියේ ය. මිදි වතුවල තිබුණු මුද්‍රික ගබඩා කෙරෙහි ෂිප්මිය ශබ්දී පත් ව සිටියේ ය.
28
පාත රටේ තිබුණු ඔලීව ගස් ද අත්තික්කා ගස් ද කෙරෙහි ගෙදේරිය බාල්-හානාන් පත් ව සිටියේ ය. තෙල් ගබඩා කෙරෙහි ජෝවාෂ් පත් ව සිටියේ ය.
29
ෂාරොන්හි තණ බිම්වල සිටි ගවයන් කෙරෙහි ෂාරෝනීය ෂිත්රයි ද මිටියාවත්වල සිටි ගවයන් කෙරෙහි අද්දයිගේ පුත් ෂාපාත් ද පත් ව සිටියෝ ය.
30
ඔටුවන් කෙරෙහි ඉෂ්මායෙලීය ඕබිල් ද, කොටළුවන් කෙරෙහි මෙරොනොතිය ජේදෙයා ද,
31
එළු බැටළු පට්ටි කෙරෙහි හග්රිය ජාසිස් ද පත් ව සිටියෝ ය. මේ සියල්ලෝ දාවිත් රජුගේ සම්පත්වල අධිපතියන් ව සිටියෝ ය.
32
දාවිත්ගේ මාමා වූ ජොනතන් මන්ත්‍රීවරයෙකු ව, තේරුම් ඇති මනුෂ්‍යයෙකු ව, ලේකම් කෙනෙකු ව සිටියේ ය. හක්මෝනිගේ පුත් ජෙහීයෙල් රජුගේ පුත්‍රයන් සමඟ සිටියේ ය.
33
අහිතොපෙල් වනාහි රජුගේ මන්ත්‍රීවරයා ව සිටියේ ය. අර්කීය හූෂයි රජුගේ මිත්‍රයා විය.
34
අහිතොපෙල් ළඟට බෙනායාගේ පුත් ජෙහෝයාදා සහ අබියාතර් ද මන්ත්‍රීවරයන් ව සිටියෝ ය. රජුගේ සේනාපතියා ජෝවාබ් ය.
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 28 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29