bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
1 Chronicles 9
1 Chronicles 9
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 10 →
1
මෙසේ සියලු ඉශ්රායෙල්වරු පෙළපත් වශයෙන් ලියවුණෝ ය. ඒවා ඉශ්රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. ජුදාවරු තමන්ගේ ද්‍රෝහිකම් නිසා බබිලෝනියට ගෙන යන ලද්දෝ ය.
2
ආපසු අවුත් තමන්ගේ උරුම කොටස්වල ද නගරවල ද වාසය කළ අය නම්: ඉශ්රායෙල්වරුන්ගේ පුජකයෝත්, ලෙවීවරුත්, දේව මාලිගාවේ මෙහෙකරුවන් වන නෙතිනීම්වරුත් ය.
3
ජුදා ගෝත්‍රයෙනුත්, බෙන්ජමින් ගෝත්‍රයෙනුත්, එප්‍රායිම් සහ මනස්සේ ගෝත්‍රයෙනුත් ජෙරුසලමෙහි වාසය කළ අය නම්:
4
ජුදාගේ පුත්‍රයා වන පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් බානිගේ පුත් ඉම්රිගේ පුත්‍රයා වන ඔම්රීගේ පුත් අම්මිහුද්ගේ පුත්‍රයා වන ඌතයි ය.
5
ෂිලෝනිවරුන්ගෙන් කුලුඳුලා වූ අසායා සහ ඔහුගේ පුත්‍රයෝ ය.
6
ශෙරාගේ පුත්‍රයන්ගෙන් ජෙවුයෙල් සහ ඔවුන්ගේ සහෝදරයෝ හයසිය අනූදෙනෙක් ය.
7
බෙන්ජමින් ගෝත්‍රයෙනුත් හස්සෙනුවාගේ පුත්‍රයා වන හෝදවියාගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන සල්ලු ද
8
ජෙරොහාම්ගේ පුත් ඉබ්නෙයා ද මික්රීගේ පුත්‍රයා වන උශ්ශිගේ පුත් ඒලා ද ඉබ්නියාගේ පුත්‍රයා වන රෙවුයෙල්ගේ පුත් ෂෙපටියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් ද;
9
ඔවුන්ගේ පරම්පරාවල හැටියට ඔවුන්ගේ සහෝදරයෝ නවසිය පනස්හයදෙනෙක් ද යන අය ය. මේ සියලු මනුෂ්‍යයෝ තම තමන්ගේ පිය වංශ ලෙස පිය වංශවල ප්‍රධානියෝ වූ හ.
10
පූජකයන්ගෙන් ජෙදායා ද ජෙහෝයාරීබ් ද ජාකීන් ද;
11
දෙවියන් වහන්සේගේ මාලිගාවට අධිපතියා වූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත් ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් හිල්කියාගේ පුත්‍රයා වන අශරියා ද;
12
මල්කියාගේ පුත්‍රයා වන පෂ්හුර්ගේ පුත් ජෙරොහාම්ගේ පුත්‍රයා වන අදායා ද ඉම්මේර්ගේ පුත් මෙෂිල්ලේමිත්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් ජාසේරාගේ පුත්‍රයා වන අදීයෙල්ගේ පුත් මයසයි ද;
13
තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් වූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථ වූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක් ද යන අය වෙත්.
14
ලෙවීවරු නම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අශ්රිකාම්ගේ පුත් හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායා ය;
15
බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල් සහ ආසාප්ගේ පුත් ශික්රීගේ පුත්‍රයා වන මීකාගේ පුත් මත්තනියා ය;
16
ජෙදූතුන්ගේ පුත්‍රයා වන ගාලාල්ගේ පුත් ෂෙමෙයියාගේ පුත්‍රයා වන ඔබදියා ය; නෙටෝපාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්‍රයා වන ආසාගේ පුත් බෙරෙකියා ය.
17
දොරටු පාලකයන් වූ ෂල්ලුම්, අක්කුබ්, ටල්මොන්, අහිමාන් සහ ඔවුන්ගේ සහෝදරයෝත් ය. ෂල්ලුම් ප්‍රධානියා ය.
18
මේ දක්වා මොවුහු ලෙවීගේ පුත්‍රයන්ගේ කඳවුරු උදෙසා නැගෙනහිරට තිබෙන රජුගේ දොරටුවේ දොරටු පාලකයෝ වූ හ.
19
කෝරාගේ පුත් එබියාසාප්ගේ පුත්‍රයා වන කෝරේගේ පුත් වූ ෂල්ලුම් ද ඔහුගේ පිය වංශයට අයිති ඔහුගේ සහෝදරයන් වන කොරහිවරු ද සේවයේ කටයුතුවලට පත් වී සභා මණ්ඩප දොරටුවල රැකවල්ලු වූ හ. ඔවුන්ගේ පියවරු සමිඳාණන් වහන්සේගේ කඳවුරට ඇතුල් වන තැන රැකවලුන් ලෙස සිටියෝ ය.
20
එලෙයාසර්ගේ පුත් පිනෙහාස් පළමු ව ඔවුන් කෙරෙහි අධිපතියා ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි සේක.
21
මෙෂෙලෙමියාගේ පුත් ශෙකරියා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දොරටු පාලකයා ව සිටියේ ය.
22
දොරකඩවල දොරටු පාලකයන් කොට තෝරාගන්න ලද ඒ සියල්ලෝ දෙසිය දොළොස්දෙනෙක් ය. ඔවුන්ගේ ගම්වල හැටියට ඔව්හු ලියාපදිංචි වූ හ. දාවිත් සහ දිවැසිවරයා වූ සාමුවෙල් ද ඔවුන්ගේ නිලවලට ඔවුන් පත් කළෝ ය.
23
ඔව්හු ද ඔවුන්ගේ පුත්‍රයෝ ද ගෘහ මණ්ඩපය වන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටු මාරුවෙන් මාරුවට මුර කළහ.
24
නැගෙනහිර ද බස්නාහිර ද උතුර ද දකුණ ද යන සතර පැතිවල දොරටු පාලකයෝ සිටියෝ ය.
25
ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ සහෝදරයෝ ද සත් දවසකට වරක් ඔවුන් සමඟ මාරුවෙන් මාරුවට ආවෝ ය.
26
මන්ද, ඒ ලෙවීවරුන් වන ප්‍රධාන දොරටු පාලකයන් සතරදෙනා නියම නිලයෙහි සිට දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඇතුළු ගෙවල් ද ගබඩාවල් ද බලාගත්හ.
27
දෙවියන් වහන්සේගේ මාලිගාව රැකවල් කිරීම ඔවුන්ගේ යුතුකම ව තිබුණු නිසා ඔව්හු ඒ මාලිගාව වටකර නැවතී සිටියෝ ය. උදයෙන් උදය එහි දොරවල් ඇරීම ඔවුන්ගේ බාරේ තිබුණේ ය.
28
ලෙවීවරුන්ගෙන් සමහරෙක් මෙහෙයට අයිති භාජන බලාගත්හ. මන්ද, ඒවා ඇතුළට ගන්නටත්, පිටතට ගන්නටත් යෙදුණේ ගණන් කළ පසු ව ය.
29
ඔවුන්ගෙන් සමහරෙක් බඩු බාහිරාදිය ද ශුද්ධස්ථානයේ සියලු භාජන ද සිහින් පිටි ද මුද්‍රික පානය ද තෙල් ද තුවරලා ද සුවඳ ද්‍රව්‍ය ද බලාගන්නට පත් කරන ලද්දෝ ය.
30
පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් සුවඳ ද්‍රව්‍යවලින් තෛලය සෑදුවෝ ය.
31
ලෙවීවරුන් අතරෙන් කොරහි ෂල්ලුම්ගේ කුලුඳුලා වූ මත්තිතියා ඇතිළිවල පිසූ දේ බලාගැනීමට පත් ව සිටියේ ය.
32
ඔවුන්ගේ සහෝදරයන් වන කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එක එක සබත් දවසේ පිදීමේ පූප සූදානම් කිරීමට පත් ව සිටියෝ ය.
33
මොවුහු ගීතිකාකාරයන් ව ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව ඇතුළු ගෙවල වාසය කළෝ ය. රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොවුහු අනික් මෙහෙයන්වලින් නිදහස් ව සිටියෝ ය.
34
මොවුහු තමන්ගේ පරම්පරාවල ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව ජෙරුසලමෙහි වාසය කළෝ ය.
35
ගිබියොන්ගේ පියා වූ ජෙයීයෙල් ගිබියොන්හි විසුවේ ය. ඔහුගේ භාර්යාවගේ නම මයකා ය.
36
ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දොන් ය; අනික් පුත්‍රයෝ ශුර්, කිෂ්, බාල්, නේර්, නාදාබ්,
37
ගෙදෝර්, අහියෝ, ශෙකරියා සහ මික්ලොත් ය.
38
මික්ලොත්ට දාව ෂිමෙයාම් උපන්නේ ය. මොවුහු තමන්ගේ සහෝදරයන් සමඟ තමන්ගේ සහෝදරයන් ඉදිරිපිට ජෙරුසලමෙහි වාසය කළෝ ය.
39
නේර්ට දාව කිෂ් ද කිෂ්ට දාව සාවුල් ද සාවුල්ට දාව ජොනතන් ද මල්කී-ෂුවා ද අබිනාදාබ් ද එෂ්බාල් ද උපන්නෝ ය.
40
මෙරිබ්-බාල් ජොනතන්ගේ පුත්‍රයා ය. මෙරිබ්-බාල්ට දාව මීකා උපන්නේ ය.
41
මීකාගේ පුත්‍රයෝ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහාස් ය.
42
ආහාස්ට දාව ජයිරා උපන්නේ ය. ජයිරාට දාව අල්ලෙමෙත් ද අශ්මාවෙත් ද සිම්රි ද උපන්නෝ ය. සිම්රිට දාව මෝශා ද,
43
මෝශාට දාව බිනෙයා ද උපන්නෝ ය. ඔහුගේ පුත්‍රයා රෙපායා ය; ඔහුගේ පුත්‍රයා එලියාසා ය; ඔහුගේ පුත්‍රයා ආශෙල් ය.
44
ආශෙල්ට පුත්‍රයෝ හයදෙනෙක් සිටියෝ ය. ඔවුන්ගේ නාම නම්: අශ්රීකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන් ය. ආශෙල්ගේ පුත්‍රයෝ මොවුහු ය.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29