bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
1 Chronicles 29
1 Chronicles 29
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 28
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
1
දාවිත් රජ මුළු සභාවට කතා කොට, “දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ එක ම තැනැත්තා වන මාගේ පුත් සලමොන් තව ම ළා බාල ය; කාර්යය නම් බරපතල ය. මන්ද, මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවි සමිඳාණන් වහන්සේට ය.
2
එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන රන් වැඩට රන් ද රිදී වැඩට රිදී ද ලෝකඩ වැඩට ලෝකඩ ද යකඩ වැඩට යකඩ ද ලී වැඩට ලී ද නඛමාණික්‍ය ද බැඳීමට ගල් ද ඔබ්බනු පිණිස ගල් ද විසිතුරු ගල් ද සියලු ආකාර මැණික් ගල් ද කිරිගරුඬ ගල් ද බොහෝ සෙයින් ම සූදානම් කෙළෙමි.
3
තවද, ශුද්ධ මාලිගාවට මා විසින් සපයනු ලැබ තිබෙන සියල්ලට අමතර ව මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව කෙරෙහි ඇති මාගේ ළැදිකම නිසා මාගේ ම සම්පත වන රන් ද රිදී ද මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දුන්නෙමි.
4
එනම්, මාලිගාවේ බිත්ති වසාලන පිණිස ද රන් වැඩවලටත්, රිදී වැඩවලටත්, කාර්මිකයන්ගේ සියලු වැඩවලටත් පාවිච්චි කරන පිණිස ද ඕපීර්හි රන් මෙට්‍රික් ටොන් සියයකුත්, පවිත්‍ර කළ රිදී මෙට්‍රික් ටොන් දෙසිය සතළිසකුත් දුන්නෙමි. ඉතින් අද සේවය සඳහා කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේට පූජා කරන්නේ වෙන කවරෙක් දැ”යි කීවේ ය.
6
එවිට පිය වංශවල අධිපතීහු ද ඉශ්රායෙල් ගෝත්‍රවල අධිපතීහු ද සහශ්‍රාධිපතීහු ද ශතාධිපතීහු ද රාජකාරියේ අධිපතීහු ද කැමැත්තෙන් ම පඬුරු ඔප්පු කරමින්
7
දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට රන් මෙට්‍රික් ටොන් එකසිය හැත්තෑවට වැඩි ගණනකුත්, රිදී මෙට්‍රික් ටොන් තුන්සිය සතළිසකට වැඩි ගණනකුත්, ලෝකඩ මෙට්‍රික් ටොන් හයසිය විස්සක් පමණකුත්, යකඩ මෙට්‍රික් ටොන් තුන්දාස් හාරසියයකට වැඩි ගණනකුත් දුන්නෝ ය.
8
අනර්ඝ මැණික් ගල් ඇත්තෝ ද ගේර්ෂොනීය ජෙහීයෙල් අතින් ඒවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවට දුන්නෝ ය.
9
සෙනඟ එසේ කැමැත්තෙන් ම ඒවා ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීති වුණෝ ය. මන්ද, ඔවුන් අවංක සිතකින් සමිඳාණන් වහන්සේට ඒවා පූජා කළ බැවිනි. දාවිත් රජු ද ඉමහත් ප්‍රීතියකට පත් විය.
10
දාවිත් මුළු සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින් කතා කොට, මෙසේ කීවේ ය: “අපේ පිය වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට සදහට ම ප්‍රශංසා වේවා.
11
සමිඳාණන් වහන්ස, ශ්‍රේෂ්ඨත්වය ද බලපරාක්‍රමය ද තේජස ද වික්‍රමය ද මහිමය ද අයත් ඔබට ය. මන්ද, ස්වර්ගයෙහිත්, පොළොවෙහිත් ඇති සියල්ල ඔබේ ය. සමිඳාණන් වහන්ස, රාජ්‍යයත් ඔබට අයිති ය. ඔබ සියල්ල කෙරෙහි විශිෂ්ට ලෙස උසස් ව සිටින සේක.
12
වස්තුව ද ගෞරවය ද පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබ සියල්ල පාලනය කරන සේක. බලය ද පරාක්‍රමය ද ඔබ අතෙහි ය. සියල්ලන් උසස් කරන්නටත්, ශක්තිමත් කරන්නටත්, බලය තිබෙන්නේ ඔබ අතෙහි ය.
13
එබැවින් අපේ දෙවියන් වහන්ස, අපි ඔබට ස්තුති කරමින් ඔබේ තේජාන්විත නාමය වර්ණනා කරමු.
14
“එහෙත්, මේ ආකාරයෙන් ඔබට මේවා ඔප්පු කිරීමට පොහොසත් වූ මමත්, මාගේ සෙනඟත් කවුරු ද? මන්ද, සියල්ල ම පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබේ ම දෙයින් අපි ඔබට දුනිමු.
15
මන්ද, අපේ සියලු පියවරුන් මෙන් අපි ඔබ ඉදිරියෙහි ආගන්තුකයන් ව හා කලක් නේවාසිකයන් ව සිටිමු. පොළොවේ අපේ ආයු කාලය සෙවණැල්ලක් මෙන් ගෙවී යයි. බලාපොරොත්තුවක් ද අපට නැත්තේ ය.
16
අපේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ ශුද්ධ නාමය උදෙසා ඔබට දේව මාලිගාවක් ගොඩනැඟීමට අප විසින් සූදානම් කරන ලද මේ මහත් ද්‍රව්‍ය රාශිය පැමිණෙන්නේ ඔබ අතින් ය. සියල්ල ම ඔබේ ය.
17
මාගේ දෙවියන් වහන්ස, ඔබ සිත සෝදිසි කරන බවත්, අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන් ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබේ සෙනඟ ද සතුටු සිතින් ඔබට පඬුරු පූජා කරන බව ප්‍රීතියෙන් දිටිමි.
18
අපේ පියවරුන් වූ ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්‍රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස, මේ අදහස් හා කල්පනා ඔබේ සෙනඟගේ සිත්වල සදහට ම පිහිටුවා, ඔවුන්ගේ සිත් ඔබ වෙත ම නමාගත මැනව.
19
ඔබේ ආඥා ද ශික්ෂා ද පනත් ද පිළිපදින්නටත්, මේ සියල්ල ම ඉෂ්ට කරන්නටත්, මා සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනඟන්නටත් මාගේ පුත් සලමොන්ට ස්ථිර සිතක් දුන මැනව.”
20
එවිට දාවිත් මුළු සභාවට කතා කොට, “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කී ය. මුළු සභාව ද තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින්, හිස නමා සමිඳාණන් වහන්සේටත්, රජුටත් වැන්දෝ ය.
21
ඒ දවසට පසු දා ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කරමින්, ගොනුන් දහසකුත්, බැටළුවන් දහසකුත්, බැටළු වස්සන් දහසකුත් දවන පූජා කොට ද ඒවා සමඟ පානීය පූජා ද වෙනත් පූජා ද බොහෝ සෙයින් ම සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා සමිඳාණන් වහන්සේට ඔප්පු කළෝ ය.
22
ඔව්හු ඒ දවසේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉමහත් සන්තෝෂයෙන් ආහාර පාන භුක්ති වින්දාහ. ඉන්පසු දෙ වන වර දාවිත්ගේ පුත් සලමොන් රජකමට පත් කළෝ ය. තවද, ඔව්හු සමිඳාණන් වහන්සේ උදෙසා ඔහු ප්‍රධානාධිපතියා කොට ද ශාදොක් පූජකයා කොට ද ආලේප කළෝ ය.
23
එවිට සලමොන් තමාගේ පිය වූ දාවිත් වෙනුවට රජ ව සමිඳාණන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳ සමෘද්ධිමත් විය. සියලු ඉශ්රායෙල්වරු ඔහුට කීකරු වූ හ.
24
සියලු අධිපතීහු ද බලවන්තයෝ ද දාවිත් රජුගේ සියලු පුත්‍රයෝ ද සලමොන් රජුට පක්ෂපාතී ව සිටින්න පොරොන්දු වූ හ.
25
සමිඳාණන් වහන්සේ ද මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි සලමොන් ඉතා උසස් කොට, ඉශ්රායෙල්හි ඔහුට පළමුවෙන් සිටි කිසි රජෙකුට නොතිබුණු පරිද්දෙන් ඔහුට රාජෛශ්වර්යය දුන් සේක.
26
ජෙස්සේගේ පුත් දාවිත් රජු මුළු ඉශ්රායෙල් ජනයා පාලනය කෙළේ ය.
27
ඔහු ඉශ්රායෙල්වරුන් පාලනය කළ කාලය සතළිස් අවුරුද්දකි. ඔහු හෙබ්‍රොන්හි සත් අවුරුද්දක් ද ජෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් ද රජකම් කෙළේ ය.
28
ඔහු වයසෙන් ද වස්තුවෙන් ද ගෞරවයෙන් ද පූර්ණ ව දිගායු වළඳා මරණයට පත් විය. ඔහුගේ පුත් සලමොන් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.
29
මුල පටන් අන්තිම දක්වා දාවිත් රජුගේ පුවත් එනම්, ඔහුගේ රාජ්‍ය පාලනය ද බලවන්තකම් ද ඔහුටත්, ඉශ්රායෙල්වරුන්ටත්,
30
දේශවල සියලු රාජ්‍යවලටත් සිදු වූ කාරණා ද යන සියල්ල දිවැසිවර සාමුවෙල්ගේ ද දිවැසිවර නාතාන්ගේ ද දිවැසිවර ගාද්ගේ ද පුරාවෘත්ත ග්‍රන්ථවල ලියා තිබේ.
← Chapter 28
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29