bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
1 Chronicles 5
1 Chronicles 5
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 6 →
1
ඉශ්‍රායෙල්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ මොවුහු ය. ඔහු කුලුඳුලා ව සිටි නමුත්, තම පියාගේ උපභාර්යාවන් සමඟ සේවනයෙහි යෙදුණු නිසා, ඔහුගේ කුලුඳුල්කම ඉශ්‍රායෙල්ගේ පුත් ජෝසෙප්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය; කුලුඳුල්කමේ හැටියට පෙළපත ගණන් නොගන්නා ලද්දේ ය.
2
ජුදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත් වුණේ ය. ඔහුගෙන් අධිපතියා පැවත ආයේ ය. එහෙත්, කුලුඳුල්කම ජෝසෙප්ට අයිති ය.
3
ඉශ්‍රායෙල්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ නම්: හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී ය.
4
ජෝවෙල්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රයා ෂෙමායා ය; ඔහුගේ පුත්‍රයා ගොග් ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයි ය;
5
ඔහුගේ පුත්‍රයා මීකා ය; ඔහුගේ පුත්‍රයා රෙයායා ය; ඔහුගේ පුත්‍රයා බාල් ය;
6
ඔහුගේ පුත්‍රයා බෙයේරා ය; ඔහු අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලෙසෙර් විසින් වහල්කමට ගෙනයනු ලැබුවේ ය. ඔහු රූබන්වරුන්ගේ අධිපතියා ය.
7
තමන්ගේ පරම්පරා ලේඛනයෙහි ලියා තිබෙන තමන්ගේ පවුල් අනුව ඔහුගේ සහෝදරයෝ නම්: ප්‍රධානියා වූ ජෙයීයෙල් සහ ශෙකරියා ය,
8
ජෝවෙල්ගේ පුත්‍ර වූ ෂෙමාගේ පුත්‍රයා වන ආශාශ්ගේ පුත් බෙලා ය. ඔහු අරෝයෙර්හි ද නෙබෝ සහ බාල්-මෙයොන් දක්වා ද වාසය කෙළේ ය.
9
නැගෙනහිරට ඔව්හු යුප්‍රටීස් ගංගාවේ පටන් පාළුකරයට ඇතුළු වන තැන දක්වා වාසය කළෝ ය. මන්ද, ඔවුන්ගේ සිවුපාවෝ ගිලියද් දේශයෙහි බහුල ව සිටියෝ ය.
10
ඔව්හු සාවුල්ගේ දවස්වල දී හග්රීවරුන් සමඟ යුද්ධ කොට ඔවුන් නැතිකර, ගිලියද්ට නැගෙනහිරෙන් තිබෙන දේශය මුළුල්ලෙහි ඔවුන්ගේ කූඩාරම්වල වාසය කළෝ ය.
11
ගාද්ගේ පුත්‍රයෝ ඔවුන්ට ඉදිරිපිටින් බාෂාන් දේශයේ සලෙකා දක්වා වාසය කළෝ ය.
12
ඔව්හු නම්: ප්‍රධානියා වූ ජෝවෙල්, දෙවැනියා වූ ෂාපාම්, ජානයි සහ ෂාපාත් ය. ඔව්හු බාෂාන්හි සිටියෝ ය.
13
තමන්ගේ පිය වංශ ප්‍රකාරයට ඔවුන්ගේ සහෝදරයෝ නම්: මිකායෙල් ද මෙෂුල්ලාම් ද ෂෙබා ද ජෝරයි ද ජාකාන් ද ෂිය ද ඒබෙර් ද යන සත්දෙනා ය.
14
මොවුහු බුශ්ගේ පුත්‍රයා වන ජාඩෝගේ පුත් ජෙෂිෂයිගේ පුත්‍රයා වන මිකායෙල්ගේ පුත් ගිලියද්ගේ පුත්‍රයා වන ජාරොවාගේ පුත් හුරීගේ පුත්‍රයා වන අබිහයිල්ගේ පුත්‍රයෝ ය.
15
ගුනීගේ පුත් අබ්දියෙල්ගේ පුත්‍රයා වන අහී ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියා ය.
16
ඔව්හු ගිලියද්හි ද බාෂාන්හි ද එහි නුවරවල ද ෂාරොන්හි සියලු තණ බිම්වල ද තමන්ගේ සීමා දක්වා වාසය කළෝ ය.
17
මේ සියල්ලෝ ම ජුදාහි රජ වූ ජෝතාම්ගේ දවස්වල දී ද ඉශ්රායෙල් රජ වූ ජෙරොබෝවම්ගේ දවස්වල දී ද පෙළපත් වශයෙන් ලියවුණෝ ය.
18
රූබන්වරුන්ගෙන් ද ගාද්වරුන්ගෙන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද පලිහත්, කඩුවත් පාවිච්චි කරන දුන්නෙන් විදින යුද්ධයට දක්ෂ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හතළිස්හාරදාස් හත්සිය හැටක් වූවෝ ය. ඔව්හු යුද්ධයට යන්න පුළුවන් අය වෙත්.
19
ඔව්හු හග්රීවරුන් ද ජෙටුර් ද නාපීෂ් ද නෝදාබ් ද සමඟ යුද්ධ කළෝ ය.
20
ඒ අයට විරුද්ධ ව ඔවුන්ට පිහිට ලැබුණු බැවින් හග්රීවරු ද ඔවුන් සමඟ සිටි සියල්ලෝ ද ඔවුන් අතට පාවා දෙන ලද්දෝ ය. මන්ද, සටනේ දී ඔව්හු දෙවියන් වහන්සේට යාච්ඤා කළෝ ය. ඔවුන් උන් වහන්සේ කෙරෙහි විශ්වාස කළ බැවින් උන් වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන් සේක.
21
ඔව්හු ඔවුන්ගේ සිව්පාවුන් වන ඔවුන්ගේ ඔටුවන් පනස්දහසක් ද බැටළුවන් දෙලක්ෂ පනස්දහසක් ද කොටළුවන් දෙදහසක් ද මිනිසුන් ලක්ෂයක් ද අල්ලාගෙන ගියෝ ය.
22
යුද්ධය දෙවියන් වහන්සේ කෙරෙන් වූ නිසා බොහෝ දෙනෙක් ම මැරුම්කා වැටුණෝ ය. වහල්කමට ගෙන යාම දක්වා ඔව්හු මොවුන්ගේ දේශයෙහි වාසය කළෝ ය.
23
මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ ජනයා බාෂාන් පටන් බාල්-හෙර්මොන් ද සෙනීර් ද හෙර්මොන් කන්ද ද දක්වා දේශයෙහි වාසය කළෝ ය. ඔව්හු ගණනින් වැඩි වූවෝ ය.
24
ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොවුහු ය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අශ්රියෙල්, ජෙරමියා, හෝදවියා සහ ජාදියෙල් ය. ඔව්හු බලවන්තයන් ව, කීර්තිමත් මනුෂ්‍යයන් ව, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය.
25
එහෙත්, ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත වී උන් වහන්සේ ඔවුන් ඉදිරියෙන් විනාශ කළ රට වැසියන්ගේ දෙවිවරුන් වැළඳ ගත්තෝ ය.
26
ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ ද අසිරියාවේ රජ වූ පූල්ගේ සිතත් අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම්, රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද ගෙන ගොස්, හලාටත්, හාබෝර්ටත්, හාරාටත්, ගෝශාන්හි ගංගාව ළඟටත් පැමිණෙවු සේක. ඔව්හු අද දක්වා එහි සිටිති.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29