bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
1 Chronicles 22
1 Chronicles 22
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 23 →
1
එවිට දාවිත් කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව මේ ය; ඉශ්රායෙල්වරුන්ගේ දවන යාග පූජා ඔප්පු කරන පූජාසනය ද මේ ය”යි කීවේ ය.
2
තවද, දාවිත් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස් කරන්න අණ කොට, දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස හතරැස් හැඩේට ගල් කපන්න ගල් වඩුවන් පත් කෙළේ ය.
3
දොරටුවල ඇණ පිණිසත්, සන්ධි පිණිසත් දාවිත් යකඩ රාශියක් සූදානම් කෙළේ ය. කිරන්න බැරි තරම් බොහෝ ලෝකඩත්, ගණන් නැති කිහිරි ලීත් සූදානම් කෙළේ ය.
4
මන්ද, සීදොන්වරු ද තීර්වරු ද කිහිරි ලී බොහෝ සෙයින් දාවිත් ළඟට ගෙනා හ.
5
එවිට දාවිත් කතා කොට, “මාගේ පුත් සලමොන් ළා බාල ය; සමිඳාණන් වහන්සේට ගොඩනඟන්න තිබෙන මාලිගාවේ කීර්තිය ද තේජස ද සියලු රටවලට පතළ වී යන හැටියට එය අතිශයින් අලංකාර ව තිබිය යුතු ය. එබැවින් මම ඒ කාර්යය පිණිස ඔහු සූදානම් කරන්නෙමි”යි කී ය. මෙසේ දාවිත් තමාගේ මරණයට පළමුවෙන් බොහෝ දේ සූදානම් කෙළේ ය.
6
එවිට ඔහු තම පුත් සලමොන් කැඳවා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන පිණිස ඔහුට අණ කෙළේ ය.
7
දාවිත් තමාගේ පුත් සලමොන්ට කතා කොට, “මාගේ පුත්‍රය, දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්න මම අදහස් කෙළෙමි.
8
එහෙත්, සමිඳාණන් වහන්සේ මට පණිවුඩයක් ප්‍රකාශ කරමින්, ‘නුඹ බොහෝ සේ ලේ වැගිරීමත්, මහා යුද්ධත් කෙළෙහි ය. එලෙස නුඹ මා ඉදිරියෙහි බොහෝ ලේ බිම වැගිරෙවූ නිසා මාගේ නාමයට මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය.
9
එහෙත්, නුඹට උපදින පුත්‍රයෙක් සාමකාමී මනුෂ්‍යයෙක් වන්නේ ය. හාත්පසින් ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට නිදහස දෙන්නෙමි. එසේ ය, ඔහුගේ නාමය සාමය යන අර්ථය ඇති සලමොන් වන්නේ ය. ඔහුගේ දවස්වල දී ඉශ්රායෙල්වරුන්ට සාමය ද සමඟිය ද දෙන්නෙමි.
10
ඔහු ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟනු ඇත. ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහුගේ රාජ සිංහාසනය ඉශ්රායෙල්වරුන් කෙරෙහි සදහට ම ස්ථිර කරන්නෙමි’යි වදාළ සේක.
11
“ඉතින් මාගේ පුත්‍රය, ඔබ සඵල වී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ගැන වදාළ ලෙස උන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක් වා!
12
එසේය, ඔබ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා රක්ෂා කරන පිණිස ඔබට නැණනුවණ සහ බුද්ධි මහිමය දී, ඉශ්රායෙල්වරුන් ගැන වගකීමක් ඔබට දෙන සේක් වා!
13
සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්වරුන්ට අණ කරවූ පනත් හා විනිශ්චයයන් පිළිපදින්නට වග බලාගත්තොත් ඔබ සඵල වන්නෙහි ය. ශක්තිමත් ව, ස්ථිර ව සිටින්න. බිය නොවන්න; තැති නොගන්න.
14
මෙන්න, මා දිළිඳු වුව ද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රන් මෙට්‍රික් ටොන් තුන්දාස් හාරසියයකුත්, රිදී මෙට්‍රික් ටොන් තිස්හතරදහසකුත් ගණන් නැති තරම් ලෝකඩත්, යකඩත් සූදානම් කෙළෙමි. ඒවා අතිශයින් වැඩි ය. ඒ ඇර ලී ද ගල් ද සූදානම් කෙළෙමි. ඒවාට තව එකතු කරන්න ඔබට පුළුවන.
15
තවද, ශිල්පීන් වන ගල්වඩුවෝ ද ගල් හා ලී වැඩ කරන්නෝ ද සියලු ආකාර වැඩවලට සියලු ආකාර ප්‍රඥාවන්තයෝ ද බොහෝ දෙනෙක් ම ඔබට සිටිති.
16
ගණන් නැති තරම් රන් ද රිදී ද ලෝකඩ ද යකඩ ද තිබේ. නැඟිට වැඩ පටන් ගන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක්වා”යි කී ය.
17
තවද, දාවිත් තමාගේ පුත් සලමොන්ට උපකාර කරන පිණිස ඉශ්රායෙල්හි සියලු අධිපතීන්ට අණ කරමින්,
18
“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටිනු නොවේ ද? හැම අතින් ම උන් වහන්සේ ඔබට සාමය දී තිබෙනු නොවේ ද? මන්ද, උන් වහන්සේ දේශයේ වැසියන් මා අතට පාවා දී තිබේ. දේශය සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ සෙනඟට ද යටත් කරන ලද්දේ ය.
19
ඉතින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සොයන්න ඔබේ සිතත්, බුද්ධියත් යොමු කරන්න. සමිඳාණන් වහන්සේගේ නාමයට ගොඩනඟන්න තිබෙන මාලිගාව තුළට උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද දෙවියන් වහන්සේගේ ශුද්ධ භාණ්ඩ ද ගෙන යන පිණිස නැඟිට දෙවි සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය ගොඩනඟන්නැ”යි කීවේ ය.
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29