bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala SNRV (New Revised Version 2018)
/
1 Chronicles 18
1 Chronicles 18
Sinhala SNRV (New Revised Version 2018)
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 19 →
1
මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන් යටත් කරගෙන, ගාත් ද ඊට අයිති නගර ද පිලිස්තිවරුන්ගේ අතින් පැහැර ගත්තේ ය.
2
ඔහු මෝවබ්වරුන්ටත් පහර දුන්නේ ය. මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙනා හ.
3
තවද, ශෝබාහි රජු වූ හදද්-එශෙර් යුප්‍රටීස් ගඟ අද්දර ප්‍රදේශයෙහි තම බලය පිහිටුවන්න යද්දී, දාවිත් හමාත් දක්වා ඔහුට පහර දී,
4
රථ දහසක් ද අසරුවන් සත්දහසක් ද පා බළ සෙනඟ විසිදහසක් ද ඔහුගෙන් අල්ලාගෙන, රථ-අශ්වයන් සියයක් ඉතුරු කරගෙන, අනික් සියලු අශ්වයන්ගේ කුදි කපා අබලම් කෙළේ ය.
5
දමස්කයේ සිරියන්වරු ශෝබාහි රජ වූ හදද්-එශෙර්ට උපකාර කරන්න ආවෝ ය. එවිට දාවිත් සිරියන්වරුන්ගෙන් මනුෂ්‍යයන් විසිදෙදහසකට පහර දී,
6
දමස්කයේ සිරියාවෙහි මුර හමුදාවල් තැබුවේ ය. සිරියන්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙනාවෝ ය. දාවිත් ගිය ගිය තැන සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත්කර දුන් සේක.
7
දාවිත් හදද්-එශෙර්ගේ සේවකයන්ට තිබූ රන් පලිස් රැගෙන ඒවා ජෙරුසලමට ගෙනාවේ ය.
8
තිබ්හත් ද කුන් ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් බොහෝ ලෝකඩ ගත්තේ ය. එයින් සලමොන් ලෝකඩ තටාකයත්, කුළුනුත්, ලෝකඩ භාජනත් සෑදී ය.
9
දාවිත් ශෝබාහි රජ වූ හදද්-එශෙර්ගේ මුළු සේනාවට පහර දුන් බව හමාත්හි රජ වූ තොයු අසා,
10
දාවිත් එසේ හදද්-එශෙර්ට විරුද්ධ ව සටන් කොට ඔහුට පහර දුන් බැවින්, දාවිත්ට ආචාර කරන්නටත්, ඔහුට ආශීර්වාද කරන්නටත් ඔහු වෙත තමාගේ පුත් හදෝරාම් සහ සියලු ආකාර රන් රිදී ලෝකඩ බඩුත් එවී ය. මන්ද, හදද්-එශෙර් සහ තොයු අතරේ යුද්ධ තිබිණි.
11
ඒ බඩුත් දාවිත් රජු සියලු ජාතීන්ගෙන් එනම්, ඒදොම්වරුන්ගෙන් ද මෝවබ්වරුන්ගෙන් ද අම්මොන්වරුන්ගෙන් ද පිලිස්තිවරුන්ගෙන් ද අමලෙක්වරුන්ගෙන් ද ගත් රන් රිදී සමඟ සමිඳාණන් වහන්සේට කැප කෙළේ ය.
12
ඇරත්, ශෙරුයාගේ පුත් අබිෂයි ලුණු මිටියාවතේ දී ඒදොම්වරුන්ගෙන් දහඅටදහසකට පහර දුන්නේ ය.
13
ඔහු ඒදොම්හි මුර හමුදාවල් තැබී ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.
14
දාවිත් මුළු ඉශ්රායෙල් ජාතිය පාලනය කරමින් තමාගේ මුළු සෙනඟට සාධාරණකම ද යුක්තිය ද ඉෂ්ට කෙළේ ය.
15
ශෙරුයාගේ පුත් ජෝවාබ් සේනාධිපතියා ව සිටියේ ය. අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරු ව සිටියේ ය.
16
අහිතුබ්ගේ පුත් ශාදොක් සහ අබියාතර්ගේ පුත් අබිමෙලෙක් පූජකයන් ව සිටියෝ ය. ෂව්ෂා ලේකම් ව සිටියේ ය.
17
ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන්ටත්, පෙලෙතිවරුන්ටත් ප්‍රධානියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ ද රාජ සේවයේ ප්‍රධානියන් ව සිටියහ.
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 19 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29