bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Isaiah 1
Isaiah 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 2 →
1
යූදාහි රජවරුන්වූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වලදී යූදා සහ යෙරුසලම ගැන ආමොස්ගේ පුත්‍රවූ යෙසායා දුටුදර්ශනයය.
2
ස්වර්ගයෙනි, අසන්න, පෘථිවිය, කන් දෙන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ කථාකරනසේක: මම දරුවන් පෝෂණය කොට ඇතිදැඩිකෙළෙමි, එහෙත් ඔව්හු මට විරුද්ධව කැරළිගැසුවෝය.
3
ගොනා උගේ අයිතිකාරයාද කොටළුවා උගේ ස්වාමියාගේ පට්ටියද දනියි. එහෙත් ඉශ්රායෙල් දන්නේ නැත, මාගේ සෙනඟ කල්පනාකරන්නේ නැතැයි කියනසේක.
4
අනේ පාපිෂ්ඨ ජාතියක්ය, අයුතුකමෙන් බරවූ සෙනඟක්ය, නපුරුකම්කරන වංශයක්ය, දූෂ්‍යලෙස ක්‍රියාකරන දරුවෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ අත්හැර, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ එපාකොට, වෙන්වී පස්සට හැරී ගියෝය.
5
ඔබ සැම වඩ වඩා කැරළිගසා තව පහර ලබන්නේ මක්නිසාද? මුළු හිස රෝගාතුරව, මුළු සිත දුර්වලව තිබේ.
6
පතුලේ සිට හිස දක්වා කොයි තැනකවත් කිසි සනීපයක් නැතුව තුවාලද කැලල්ද පැසවන වණද තිබේ. ඒවා මිරිකා ඇරියේවත් බැන්දේවත් තෙල් ගා මොළොක්කළේවත් නැත.
7
ඔබ සැමගේ දේශය පාළුවී තිබේ; ඔබ සැමගේ නුවරවල් ගින්නෙන් දවා දමා තිබේ; ඔබ සැමගේ භූමිය ඔබ සැම ඉදිරියේදී විදේශියෝ නාස්තිකෙරෙති, ඒක විදේශීන්ගේ වැනසීමක් ලෙස පාළුවක් වී තිබේ.
8
සියොන් දුව මිදිවත්තක මඩුවක් මෙන්ද කැකිරි වත්තක පැලක් මෙන්ද වටලනලද නුවරක් මෙන්ද අත්හරිනු ලැබුවාය.
9
සේනාවල ස්වාමීන්වහන්සේ අපට ස්වල්ප දෙනෙක් ඉතුරුකර නුදුන්සේක් නම් අපි සොදොම මෙන් වී ගොමොරාවටද සමානවන්නෙමුව.
10
සොදොමේ ආණ්ඩුකාරයෙනි, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න; ගොමොරාවේ සෙනඟෙනි, අපේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කන්දෙන්න.
11
ඔබ සැමගේ පූජා රාශියෙන් මට කම් කිම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මුළු බැටළු පූජාවලින්ද තරකළ සතුන්ගේ තෙලින්ද පිරී සිටිමි; ගොනුන්ගෙත් බැටළුවස්සන්ගෙත් එළුවන්ගෙත් ලෙයට මම ප්‍රසන්න නොවෙමි.
12
ඔබ සැම මා ඉදිරියෙහි පෙනෙන්ට එන කල එසේ මාගේ මිදුල් පාගන්ට කියා ඔබ සැමගෙන් ඉල්ලුවේ කව්ද?
13
නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජාව මට පිළිකුලක්ය; අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය.
14
ඔබ සැමගේ අමාවක්වලටද නියම මංගල්‍යවලටද මාගේ ආත්මය ද්වේෂකරයි. ඒවා මට බරක්ය; ඒවා උසුලා වෙහෙසව සිටිමි.
15
ඔබ සැමගේ අත් විදහනකල මාගේ ඇස් ඔබ සැමගෙන් සඟවාගන්නෙමි. එසේය, ඔබ සැම යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. ඔබ සැමගේ අත් ලෙයින් පිරී තිබේ.
16
ඔබ සැම සෝදාගෙන පවිත්‍රවෙන්න; ඔබ සැමගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකෙන්න.
17
යහපත්කම්කරන්ට ඉගෙනගන්න; යුක්තිය සොයා, බලාත්කාරය මැඩපවත්වන්න, මවුපියන් නැත්තාට යුක්තිය කර, වැන්දඹුවගේ නඩුව අසන්න.
18
ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔබ සැමගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය.
19
ඔබ සැම කැමැතිව කීකරුවන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්තිවිඳින්නහුය.
20
ඔබ සැම අකමැතිව කැරළිගසන්නහු නම්, කඩුවෙන් මැරුම්කන්නහුය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ මුඛය එය වදාළසේක.
21
අනේ, විශ්වාස නුවර වේශ්‍යාවක් වූ හැටි! ඒක යුක්තියෙන් පිරී තිබුණේය! එහි වාසයකළේ ධර්මිෂ්ඨකමය, නුමුත් දැන් සිටින්නේ මිනීමරන්නෝය.
22
ඔබේ රිදී බොරවිය, ඔබේ මුද්‍රිකපානයෙහි වතුර මිශ්‍රවී තිබේ.
23
ඔබේ අධිපතීහු කැරළිකාරයෝය, සොරුන්ගේ සමාගම්කාරයෝය, සෑමදෙනම අල්ලසට ඇලුම් වෙති, තෑගි පස්සේ දුවති. මවුපියන් නැත්තන්ට ඔව්හු යුක්තිය නොකෙරෙති, වැන්දඹුවගේ නඩුව ඔවුන් වෙතට පැමිණෙන්නේ නැත.
24
එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ ද ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ කියනසේක්: අහෝ, මාගේ එදිරිකාරයන්ගෙන් මම නිදහස්වී, මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි.
25
මාගේ අත ඔබ පිටට හරවා, ඔබේ බොර සහමුලින්ම ඉවත්කර, ඔබේ තුත්තනාගම් සියල්ලම පහකරන්නෙමි.
26
මම පළමු ලෙස ඔබේ විනිශ්චයකාරයන්ද මුලදී තිබුණු ලෙස ඔබේ මන්ත්‍රීවරුන්ද නැවත පිහිටුවන්නෙමි. ඉන්පසු ඔබ ධර්මිෂ්ඨකමේ නුවරය, විශ්වාස නගරයයයි කියනු ලබන්නීය.
27
සියොන විනිශ්චය කරණකොටගෙනද ඈ තුළ [දෙවියන්වහන්සේ වෙතට] හැරෙන්නෝ ධර්මිෂ්ඨකම කරණකොටගෙනද මුදනු ලබන්නෝය.
28
නුමුත් ද්‍රොහිකම් කරන්නන්ගේද පව්කාරයන්ගේද විනාශය එකවිටම සිදුවන්නේය, ස්වාමීන්වහන්සේ අත්හරින්නෝ විනාශවන්නෝය.
29
මක්නිසාද ඔබ සැම ආශාවූ අලෝන ගස් නිසා ඔව්හු ලජ්ජාවන්නෝය, ඔබ සැම තෝරාගත් උයන් නිසා ඔබ සැම වියවුල්වන්නහුය.
30
මක්නිසාද ඔබ සැම කොල පරවෙන අලෝන ගසක් මෙන්ද දියනැති උයනක් මෙන්ද වෙනවා ඇත.
31
බලවතා හණ මෙන්ද ඔහුගේ වැඩේ ගිනි පුපුරක් මෙන්ද වී, කිසිවෙකු විසින් නිවන්නේ නැතුව, එකට දාලායනවා ඇතැයි කියනසේක.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66