bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Isaiah 58
Isaiah 58
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 57
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 59 →
1
නොනැවතී හයියෙන් මොරගසා, හොරණෑවක් මෙන් ඔබේ හඬ නගා, මාගේ සෙනඟට ඔවුන්ගේ වරදවල්ද යාකොබ්ගේ වංශයට ඔවුන්ගේ පව්ද දන්වන්න.
2
ඔව්හු දවස් පතා මා සොයති, මාගේ මාර්ගයන් දැනගන්ට ප්‍රසන්නවෙති. ධර්මිෂ්ඨකම්කොට තමුන්ගේ දෙවියන්වහන්සේගේ නියෝගය අත්නෑර සිටින ජාතියක්මෙන් ඔව්හු ධර්මිෂ්ඨ නියෝග මාගෙන් ඉල්ලති, දෙවියන්වහන්සේ වෙතට ළංවීමට ප්‍රසන්නවෙති.
3
අප නිරාහාරයෙන් සිටිය නුමුත් ඔබ නොබැලුවෙත් අපේ ප්‍රාණවලට පීඩාකරගත් නුමුත් ඔබ නොසලකා සිටින්නෙත් මක්නිසාදැයි කියති. බලව, ඔබ සැමගේ උපවාස දවසේදී ඔබ සැම සැප ගනිති, ඔබ සැමගේ සියලුම වැඩද කරවාගනිති.
4
ඔබ සැම නිරාහාරව සිටින්නේ විවාදයටත් තරඟයටත් දුෂ්ටකමේ මිටින් ගසන්ටත්ය. ඔබ සැමගේ හඬ උසස්ථානයේ ඇසෙන්ට සැලසෙන පරිද්දෙන් ඔබ සැම අද නිරාහාරව සිටින්නේ නැත.
5
මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රාණය යටත්කරගන්න දවසක් වන මා විසින් තෝරාගත් උපවාසය එයාකාරද? එය තමාගේ හිස පන් ගසක් මෙන් නමාගෙන, ගෝණිරෙදි සහ අළු අතුරාගන හිදීමද? මීට උපවාසයක් සහ ස්වාමීන්වහන්සේ ට ප්‍රසන්නවූ දවසක්යයි ඔබ කියනවාද?
6
මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් ඔබ සැම විසින් කඩාදැමීමත් නොවේද?
7
බඩගිනි ඇත්තන්ට ඔබේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් නැති අසරණයන් ඔබ විසින් ඔබේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටුවිට ඔහුට ඇඳුම් දීමත්, ඔබේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද?
8
එවිට ඔබේ එළිය පහන්වේලාව මෙන් උදාවන්නේය, ඔබේ සුවයද ඉක්මනින් හටගන්නේය. ඔබේ ධර්මිෂ්ඨකම ඔබට පෙරටුවෙන් යන්නේය; ස්වාමීන්වහන්සේ ගේ තේජසද ඔබට පස්සෙන් එන්නේය.
9
එවිට ඔබ යාච්ඤාකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ උත්තරදෙනසේක; ඔබ මොරගසන කල්හි: මම මෙහියයි උන්වහන්සේ කියනසේක. ඔබ වියගහද ඇඟිල්ල දික්කිරීමද දුෂ්ටලෙස කථා කිරීමද ඔබ වෙතින් පහකරන්නෙහි නම්,
10
බඩගිනි ඇත්තා කෙරෙහි කරුණාව පෙන්වා, අසරණ ප්‍රාණය තෘප්තියට පමුණුවන්නෙහි නම්, අඳුරේදී ඔබේ එළිය නැගී එන්නේය, ඔබේ කළුවරකම ඉරමුදුන් වේලාව මෙන් වන්නේය.
11
ස්වාමීන්වහන්සේ නිතරම ඔබට මගපෙන්වා, වියළි තැන්වලදී ඔබේ ප්‍රාණය තෘප්තියට පමුණුවා, ඔබේ ඇටද ශක්තිමත්කරනසේක; ඔබ වතුර ඇති උයනක් මෙන්ද දිය සිදී නොයන උල්පතක් මෙන්ද වන්නෙහිය.
12
ඔබෙන් පැවතඑන්නෝ පරණ නටබුන් තැන් ගොඩනගන්නෝය. ඔබ බොහෝ පරම්පරාවල අත්තිවාරම් ගොඩනගන්නෙහිය; කැඩුම් හරිගස්සන්නාය, වාසය පිණිස මාවත් අලුත්වැඩියාකරන්නායයි ඔබට කියනු ලැබේ
13
ඔබ මාගේ ශුද්ධ දවසේදී ඔබේම කැමැත්ත නොකරන හැටියට ඔබේ පාද සබත් දවසේදී නවත්වාගන, සබත් දවස ප්‍රිය එකක්ය කියාද ස්වාමීන්වහන්සේ ගේ ශුද්ධ දවස ගෞරවණීය එකක්ය කියාද කියන්නෙහි නම්, ඔබේම මාර්ගවල නොහැසිර ඔබේම කැමැත්ත නොසොයා, හිස් වචන කථා නොකර, ඊට ගෞරවකරන්නෙහි නම්,
14
ඔබ ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙහිය; මමද පොළොවේ උසස්ථාන මතුයෙහි නැගීයන්ට ඔබට සලස්වා, ඔබේ පියවූ යාකොබ්ගේ උරුමයෙන් ඔබ පෝෂණයකරන්නෙමි. මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ මුඛය ඒක වදාළේය.
← Chapter 57
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 59 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66