bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Isaiah 19
Isaiah 19
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 20 →
1
මිසරය ගැන දිව්‍ය ප්‍රකාශනයය. බලව, ස්වාමීන්වහන්සේ ශීඝ්‍ර වලාකුළක් පිට නැගී මිසරයට එනසේක. මිසරයේ පිළිම උන්වහන්සේ ඉදිරියෙහි චංචලවන්නෝය, මිසරවරුන්ගේ සිත්ද ඔවුන් තුළ දියවෙනවා ඇත.
2
එකිනෙකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ යහළුවාටත් විරුද්ධවද නුවරක් නුවරකටත් රාජ්‍යයක් රාජ්‍යයකටත් විරුද්ධවද යුද්ධකරන ලෙස මම මිසරය මිසරයටම විරුද්ධව පොළඹවන්නෙමි.
3
මිසරවරුන්ගේ ආත්මයද ඔවුන් තුළ හිස්වන්නේය; මම ඔවුන්ගේ මන්ත්‍රණය නිෂ්ඵලකරන්නෙමි. ඔවුන් පිළිමවලින්ද මතුරන්නන්ගෙන්ද ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරනවා ඇත.
4
මම මිසරවරුන් කෲර ස්වාමියෙකුගේ අතට භාරදෙන්නෙමි; බලාත්කාරවූ රජෙක් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක.
5
මුහුදෙන් ජලය පහවන්නේය, ගංගාවද හිදී වියළෙන්නේය.
6
ගංගා ගඳගසයි; මිසරයේ ඔයවල් හිස්වී සිඳීයයි. බටගස්ද පන්ද මැළවෙයි.
7
නයිල් ගඟ ළඟත් ගංගාව අසබඩත් තිබෙන පිට්ටනිද ගංගාව ළඟ වපුරන සියල්ලද වේළී පහවී නැතිවන්නේය. මසුන් අල්ලන්නෝ වැලපෙන්නෝය,
8
නයිල් ගඟේ බිළිබාන සියල්ලෝ ශෝකවන්නෝය, ජලය පිට දැල් හෙළන්නෝද මලානිකවන්නෝය.
9
තවද හණ පීරන කර්මාන්තකාරයෝද සුදු රෙදිවියන්නෝද ලජ්ජාවට පත්වන්නෝය.
10
එහි කුලුනු කඩාදමනු ලබන්නේය, කුලියට වැඩකරන සියල්ලෝ ශෝක සිත් ඇති වන්නෝය.
11
ශොවන්හි අධිපතීහු මහා අඥානයෝය; ඵාරාවෝගේ ඉතා ප්‍රඥාවන්ත මන්ත්‍රීන්ගේ මන්ත්‍රණය මෝඩවී තිබේ. මම ප්‍රඥාවන්තයන්ගේ පුත්රයෙක්ව පුරාතන රජවරුන්ගේ පුත්රයෙක්ව සිටිමියි ඔබ සැම ඵාරාවෝට කියන්නේ කොහොමද?
12
ඉතින් ඔබේ ප්‍රඥාවන්තයෝ කොතැනද? සේනාවල ස්වාමීන්වහන්සේ මිසරය ගැන නියම කළේ කුමක්ද කියා ඔව්හු ඔබට දන්වත්වා; නොහොත් තුමූම දැනගනිත්වා.
13
ශොවන්හි අධිපතීහු අඥානයෝ වුණෝය, නොප්හි අධිපතීහු රැවටුණෝය; මිසරවරුන්ගේ ගෝත්‍රවල මූලිකයෝ ඔවුන් මුළාකෙරෙවුවෝය.
14
ස්වාමීන්වහන්සේ එහි මැද විකල් ආත්මයක් ආරූඪ කළසේක. ඔව්හුද බේබද්දෙක් තමාගේ වමනයකිරීමේදී මුළාවෙන්නාක්මෙන් මිසරවරුන් ඔවුන්ගේ සියලු ක්‍රියාවලදී මුළාකෙරෙවුවෝය.
15
හිසටවත් වල්ගයටවත් තල්අත්තටවත් පන්ගහටවත් මිසරය උදෙසා කළ හැකි කිසිවැඩක් නොවන්නේය.
16
ඒ දවසේ මිසරවරු ස්ත්‍රීන් මෙන් වී, සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන්ට විරුද්ධව සොලවන උන්වහන්සේගේ, අතේ සෙලවීමට භයපත්වී, වෙවුලන්නෝය.
17
යූදා දේශය මිසරවරුන්ට භීතියක් වන්නේය, එය සඳහන්කරනවා අසන සියල්ලෝම සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන්ට විරුද්ධව නියමකර තිබෙන නියමයට වෙවුලන්නෝය.
18
ඒ දවසෙහි කානාන් භාෂාව කථාකරන්නාවූ, සේනාවල ස්වාමීන්වහන්සේ ට දිවුරුම් දෙන්නාවූ නුවරවල් පහක් මිසර දේශයෙහි වන්නේය; එකකට විනාශයේ නුවරයයි කියනු ලබන්නේය.
19
ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ ට මිසර දේශය මැද පූජාසනයකුත් එහි සීමාව ළඟ ස්වාමීන්වහන්සේ ට කණුවකුත් වන්නේය.
20
තවද ඔවුන් පීඩාකාරයින් නිසා ස්වාමීන්වහන්සේ ට යාච්ඤා කරන විට උන්වහන්සේ බලවත් ගැළවුම්කාරයෙකු ඔවුන් වෙතට යවා ඔවුන් ගළවනවා ඇත. සේනාවල ස්වාමීන්වහන්සේ උදෙසා එය මිසර දේශයෙහි ලකුණක්ද සාක්ෂියක්ද වන්නේය.
21
ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට ප්‍රකාශවනසේක, මිසරවරු ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ඇඳිනගන යාගවලින්ද ආහාර පූජාවලින්ද නමස්කාරකරන්නෝය, ස්වාමීන්වහන්සේ ට භාරයක් වී එය ඉෂ්ටකරන්නෝය.
22
මෙසේ ස්වාමීන්වහන්සේ මිසරයට පහරදෙනසේක, පහරදී සුවකරනසේක; ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හැරෙනවා ඇත, උන්වහන්සේද ඔවුන්ගේ කන්නලව්ව පිළිගෙන, ඔවුන් සුවපත්කරනවා ඇත.
23
ඒ දවසෙහි මිසරයේ සිට අෂූර්ට මහ මාවතක් වන්නේය, අෂූරියයා මිසරයටත් මිසරයා අෂූර්ටත් පැමිණෙනවා ඇත; මිසරවරුද අෂූර්වරුන් සමඟ නමස්කාර කරන්නෝය.
24
ඒ දවසෙහි ඉශ්රායෙල් මිසරයද අෂූර්ද සමඟ තුන්වෙනිව සිට පොළාව මැද ආශීර්වාදයක් වන්නේය. මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: මාගේ සෙනඟවූ මිසරයටත් මාගේ හස්තකර්මාන්තයවූ අෂූර්ටත් මාගේ උරුමයවූ ඉශ්රායෙල්ටත් ආශීර්වාදවේවයි කියා ඔවුන්ට ආශීර්වාදකළසේක.
← Chapter 18
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 20 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66