bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Isaiah 30
Isaiah 30
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 31 →
1
පාපයට පාපය එකතුකරන ලෙස මාගෙන් නොව අන්‍යයන්ගෙන් මන්ත්‍රණය සොයන්නාවූද, මාගේ ආත්මය නැතුව ගිවිසුමක් කරගන්නාවූද,
2
ඵාරාවෝගේ ශක්තියෙන් ශක්තිමත් වෙන්ටත් මිසරයේ සෙවණ කෙරෙහි විශ්වාසකරන්ටත් මාගේ මුඛයෙන් නොවිචාරා මිසරයට යාමට පිටත්වෙන්නාවූද, කැරළිකාර දරුවන්ට දුක් වේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
3
එබැවින් ඵාරාවෝගේ ශක්තිය ඔබ සැමට ලජ්ජාවක්ද මිසරයේ සෙවණ කෙරෙහි විශ්වාසකිරීම ඔබ සැමට වියවුලක්ද වන්නේය.
4
මක්නිසාද ඔහුගේ අධිපතීහු ශොවන්හි සිටිති, ඔහුගේ තානාපතීහුද හානේස්ට ඇවිත් සිටිති.
5
ඔවුන් සියල්ලෝම තමුන්ට ප්‍රයෝජන නොවන්නාවූ, ලජ්ජාවක් සහ නින්දාවක් පමුණුවනවා මිස පිහිටක් හෝ උපකාරයක් නොවන්නාවූ සෙනඟක් ගැන ලජ්ජාවන්නෝය.
6
දකුණු දිසාවේ මෘගයන් ගැන දිව්‍ය ප්‍රකාශනයය. සිංහධේනුවද සිංහයාද පොළඟාද ඉගිලෙන ගිනි සර්පයාද සිටින්නාවූ, විපතද තද දුෂ්කරයද ඇත්තාවූ දේශය මැදින් ඔව්හු තමුන්ගේ සම්පත් තරුණ කොටළුවන්ගේ කර පිටද තමුන්ගේ වස්තු ඔටුවන්ගේ මොල්ලි පිටද තබා තමුන්ට ප්‍රයෝජන නොවන සෙනඟක් ළඟට ගෙනයති.
7
මිසරයේ උදව්ව නිෂ්ඵලය, නිරර්ථකය. එබැවින් නිකම් ඉන්න රාහබ්යයි ඈට නම් තැබුවෙමි.
8
ඉතින් මතු සදාකාලේටම තිබෙන පිණිස ඔබ ගොස් ඔවුන් ඉදිරියෙහි ඒක ලෑල්ලක ලියා පොතක සටහන්කර තබන්න.
9
මක්නිසාද ඔව්හු කැරළිකාර සෙනඟක්ය, බොරුකාර දරුවෝය, ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථාව අසන්ට කැමති නැති දරුවෝය.
10
ඔව්හු දිවස් ඇත්තන්ට: ඔබ සැම දර්ශන නොදකින්නය කියාද, ප්‍රොපේතවරුන්ට: ඔබ සැම හරිවූ දිවස්වාක්‍ය අපට නොපවසා, මෘදු වචන කථාකොට, රැවටිලි වාක්‍ය අපට පවසන්නය කියාද:
11
ඔබ සැම මාර්ගයෙන් පහවී මාවතින් අහක්ව යන්න, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ අප ඉදිරියෙන් පහකරන්නය කියාද කියති.
12
එබැවින් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම මේ වචනය සුළුකර, බලාත්කාරකම සහ වංකකම කෙරෙහි විශ්වාසකොට,
13
ඒ කෙරෙහි පිහිටා සිටින බැවින්, මේ අපරාධය උස්වූ බිත්තියක පිපිරී වැටෙන්ට තිබෙන කැඩුමක් මෙන් ඔබ සැමට වන්නේය. ඒකේ කැඩීම ඇසිල්ලකින්ම පැමිණෙන්නේය.
14
ලිපෙන් ගින්දර ගන්ටවත් පොකුණෙන් වතුර ගන්ටවත් කබලක් සම්බ නොවන ලෙස, ඉතුරු නොකර පොඩිකරන කුම්භකාරයෙකුගේ භාජනයක් බිඳින්නාක්මෙන් උන්වහන්සේ ඒක බිඳිනසේක.
15
මක්නිසාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක්: හැරී නිශ්චලව සිටීම කරණකොටගෙන ඔබ සැම ගැළවෙන්නහුය; නොකැලඹී විශ්වාසකිරීමෙන් ඔබ සැමට බලය ලැබෙන්නේයයි කීසේක. නුමුත් ඔබ සැම අකමැතිවී කථාකොට:
16
එසේ නොව අපි අසුන් පිට නැගී පලායන්නෙමුයයි කීවහුය; එබැවින් ඔබ සැම පලායනවාම ඇත. අපි ශීඝ්‍ර සතුන් පිට නැගී යන්නෙමුයයි ඔබ සැම කීවහුය; එබැවින් ඔබ සැම ලුහුබැඳ එන්නෝ ශීඝ්‍රවන්නෝය.
17
ඔබ සැම කන්ද මුදුනේ රිටක් මෙන්ද හෙලක් පිට කොඩි ගහක් මෙන්ද ඉතිරිවෙන තුරු, එකදාහක් එක්කෙනෙකුගේ තර්ජනයටද ඔබ සැම පස්දෙනෙකුගේ තර්ජනයටද පලායනවා ඇත.
18
එබැවින් ස්වාමීන්වහන්සේ ඔබ සැමට කරුණාකරන්ට බලා සිටිනසේක. ඔබ සැමට අනුකම්පාකරන්ට නැගිටිනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ විනිශ්චයේ දෙවිකෙනෙක්ය; උන්වහන්සේ ගැන බලාසිටින සියල්ලෝම වාසනාවන්තයෝය.
19
මක්නිසාද සෙනඟ සියොන්හි යෙරුසලමේ වාසයකරන්නෝය. ඔබ තවත් අඬන්නේ නැත; උන්වහන්සේ ඔබේ මොරගැසීමේ හඬට ඔබට දයාවෙනවාම ඇත; ඇසුණු කෙණෙහිම උන්වහන්සේ ඔබට උත්තරදෙනවා ඇත.
20
ස්වාමීන්වහන්සේ විපත නැමති කෑමද පීඩාව නැමති වතුරද ඔබ සැමට දෙන නුමුත්, ඔබේ ගුරුවරයා තවත් සැඟවී නොසිටින්නේය, ඔබේ ඇස්වලින් ඔබේ ගුරුවරයා දකින්ටත්,
21
ඔබ සැම දකුණට හැරෙන විටද ඔබ සැම වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි ඔබට පස්සෙන් කියන හඬක් ඔබේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.
22
ඔබේ කැපූ රූපවල රිදී වැස්මත් ඔබේ වාත්තු රූපවල රන් වැස්මත් ඔබ සැම අපවිත්‍රකරන්නහුය. ඔබ ඒවා කිලුටුකමක් කොට විසුරුවා දමා: අහක්වෙවයි ඊට කියන්නෙහිය.
23
උන්වහන්සේද ඔබ පොළොවෙහි වපුරන ඔබේ බීජවලට වර්ෂාවද බිමේ අස්වැන්නෙන් කෑමද දෙනසේක, එය සාරවත්ව වර්ධනයවන්නේය. ඒ දවසෙහි ඔබේ සිව්පාවෝ විශාල ගොදුරු බිම්වල තෘණ කන්නෝය.
24
එසේම බිම හාන ගවයෝද තරුණ කොටළුවෝද ස්කෝප්පයෙන් හා කුල්ලෙන් හෙළූ ලුණු මිශ්‍රවූ ගොදුරු කන්නෝය.
25
බලකොටු වැටෙන මහත් මරාදැමීමේ දවසේ සියලු උස්කඳු පිටත් සියලු උස් හෙල් පිටත් ඔයවල් සහ වතුර දොළවල් වන්නේය.
26
තවද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ තුවාලය බැඳ ඔවුන්ට ලැබුණු පහරේ තුවාලය සුවකරන දවසේදී හඳේ එළිය ඉරේ එළිය මෙන්ද ඉරේ එළිය සත් ගුණයක් වැඩිවී සත් දවසක එළිය මෙන්ද වන්නේය.
27
ස්වාමීන්වහන්සේ ගේ නාමය උන්වහන්සේගේ ඇවිළෙන කෝපයද නගින්නාවූ ඝන දුම් කඳක්ද ඇතුව දුර සිට එන්නේය. උන්වහන්සේගේ තොල් උදහසින් පිරී තිබේ, උන්වහන්සේගේ දිවද දවා දමන ගින්නක් මෙන්ය.
28
උන්වහන්සේගේ හුස්මද උතුරා කුළල දක්වා ගලන ඔයක් මෙන් විනාශය නැමති කුල්ලෙන් ජාතීන් පොළන පිණිසත්, මුළාකරවන කටකලියාවක් ජනයන්ගේ හකුවල දමන පිණිසත් පැමිණෙන්නේය.
29
ශුද්ධ මංගල්‍යයක් පවත්වන රාත්රියේදී මෙන් ගීතිකාවක්ද ස්වාමීන්වහන්සේ ගේ කන්දටත් ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් වෙතටත් පැමිණෙන්ට නළාවක් පිඹිමින් යන අයගේ ප්‍රීතිය මෙන් සිතේ ප්‍රීතියද ඔබ සැමට වන්නේය.
30
ස්වාමීන්වහන්සේ ද තමන්ගේ මහිමාන්විත හඬ අස්වනසේක, උන්වහන්සේ තමන් කෝපයේ උදහසත් දවා දමන ගිනිදළුවත් වාතවේගයත් කුණාටුවත් ගල් වර්ෂාවත් ඇතිව තමන් හස්තයේ පහළවීම පෙන්වනසේක.
31
මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ හඬින් අෂූරියයා පොඩිකරනු ලබන්නේය, උන්වහන්සේ තමන් යෂ්ටියෙන් ඔහුට පහරදෙනසේක.
32
ස්වාමීන්වහන්සේ විසින් ඔහු පිටට පමුණුවන්නාවූ නියමකළ සැරයටියේ සියලු පහරවල් සමඟ රබන් ගැසීමත් වීණා ගෑමත් වන්නේය. කලඹන සුලු යුද්ධවලින්ද උන්වහන්සේ ඔහු සමඟ යුද්ධකරනවා ඇත.
33
මක්නිසාද පුරාණයේ සිට තෝපෙත් ගින්න පිළියෙළකර තිබේ; එසේය, රජුට ඒක සූදානම්කොට ගැඹුරුකර පළල්කර තිබේ. ඒ ගොඩ වනාහි ගිනි සහ දර සෑයක්ය; ගෙන්දගම් ඔයක් වැනි ස්වාමීන්වහන්සේ ගේ හුස්මට එය ඇවිළීයයි.
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 31 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66