bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Isaiah 5
Isaiah 5
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 6 →
1
මාගේ ප්‍රේමවන්තයාගේ මිදිවත්ත ගැන ඔහුගේ ගීතිකාව මාගේ ප්‍රේමවන්තයා උදෙසා ගීතිකාකරන්නෙමි. මාගේ ප්‍රේමවන්තයාට ඉතා සාරවත් කන්දක මිදිවත්තක් තිබුණේය.
2
ඔහු ඒක වටකොට අගළක් කපා, ගල් අහක්කොට, ඉතා හොඳ මිදිවැල් හිටුවා, එහි මැද මුරකොටුවක් ගොඩනගා එහි මිදි යන්ත්‍රයක් සාදා, හොඳ මුද්‍රික ඵල හටගන්නවා ඇත කියා බලාසිටියේය. නුමුත් හටගත්තේ වල් මිදි ඵලය.
3
ඉතින්, යෙරුසලමේ වැසියෙනි, යූදාහි මනුෂ්‍යයෙනි, මා සහ මාගේ මිදිවත්ත අතරේ විනිශ්චයකරන්න.
4
මාගේ මිදිවත්ත උදෙසා මා විසින් නොකළාවූ වෙන කුමක් කරන්ට පුළුවන්ව තිබුණේද? එහි හොඳ මුද්‍රික ඵල හටගන්නවා මා බලාසිටි විට වල් මුද්‍රික ඵල හටගත්තේ මක්නිසාද?
5
ඉතින් මාගේ මිදිවත්තට කරන්ට යන දෙය ඔබ සැමට කියමි. මම එහි වැට පහකරන්නෙමි, එවිට ඒක පාගාදමනු ලබන්නේය. එහි තාප්පය බිඳ දමන්නෙමි, එවිට එය මඩිනු ලබන්නේය.
6
මම ඒක පාළුවට අරින්නෙමි; එහි අතු පාහිනු ලබන්නේවත් එය කොටනු ලබන්නේවත් නැත. නුමුත් කටු ගස් සහ ගොකටු එහි හටගන්නවා ඇත. එහි වැසි නොවසින හැටියට වලාකුල්වලට අණකරන්නෙමි.
7
මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ ගේ මිදිවත්ත නම් ඉශ්රායෙල් වංශයය, උන්වහන්සේගේ ප්‍රිය පැළෑටිය නම් යූදා මනුෂ්‍යයෝය. උන්වහන්සේ යුක්තිය දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ අයුක්තියය; ධර්මිෂ්ඨකම දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ විලාපයය.
8
දේශ මැද තමුන්ම පමණක් වාසය කරන පිණිස, ඉඩ නැතිවෙන තරම්, ගෙයකට ගෙයක් එකතුකරගන්නාවූ, කෙතකට කෙතක් වැඩිකරගන්නාවූ අයට දුක් වේ!
9
සැබවින්ම මහත්වූ අලංකාරවූ බොහෝ ගෙවල් වැසියන් නැතුව පාළුවන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ මාගේ කන්වලට කියනසේක.
10
අක්කර දසයක මිදිවත්තෙන් බාත් එකක්ද බුසල් දසයක බීජවලින් බුසලක්ද අස්වැන්න ලැබෙන්නේය.
11
මද්‍යපානය පස්සේ යන පිණිස උදෑසනම නැගිටින්නාවූ, මුද්‍රිකපානයෙන් ඇවිළෙන ලෙස රෑවෙන තුරු ප්‍රමාද වෙන්නාවූ අයට දුක් වේ!
12
ඔවුන්ගේ මංගල්‍යවල වීණාව සහ කුඩා වීණාවත් රබානත් නළාවත් මුද්‍රිකපානයත් ඇත. නුමුත් ඔවුන් ස්වාමීන්වහන්සේ ගේ ක්‍රියාව සලකන්නේවත් උන්වහන්සේගේ අත්වල ක්‍රියාව කල්පනාකළේවත් නැත.
13
එබැවින් මාගේ සෙනඟ දැනුම නැතුවායින් වහල්කමට ගියෝය. ඔවුන්ගේ උත්තමයෝද බඩගිනි විඳිති, ඔවුන්ගේ සමූහයාද පිපාසායෙන් වේළී සිටිති.
14
එබැවින් මිනීවළ ස්වකීය ආශාව අධික කොට, ප්‍රමාණයක් නැතුව කට ඇරගත්තෝය. ඔවුන්ගේ ඉසුරද ඔවුන්ගේ සමූහයාද ඔවුන්ගේ ඝෝෂාවද ඔවුන් අතරේ ප්‍රීතිවන්නාද ඊට බැසයනවා ඇත.
15
මෙසේ පහත් මනුෂ්‍යයා යටත්කරනු ලැබේ, උසස් මනුෂ්‍යයාද පහත් කරනු ලැබේ, උඩඟු අයගේ ඇස්ද පහත්කරනු ලැබේ.
16
නුමුත් සේනාවල ස්වාමීන්වහන්සේ විනිශ්චය කරණකොටගෙන උසස්වනසේක. ශුද්ධ තැනන්වහන්සේ වන දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම කරණකොටගෙන ශුද්ධ බව ප්රකාශවෙයි.
17
එකල බැටළු පැටව් උන්ගේ පිට්ටනිවල මෙන් තෘණ කන්නෝය, ධනවතුන්ගේ පාළු තැන්ද විදේශියෝ භුක්තිවිඳින්නෝය.
18
නිෂ්ඵලකම නැමති ලනුවලින් අයුතුකමත් ගැල් රැහැණකින් මෙන් පාපයත් අදින්නාවූ,
19
අපට පෙනෙන පිණිස උන්වහන්සේ ඉක්මන්වී තමන්ගේ ක්‍රියාව කඩිනම්කරනසේක්වා, අප විසින් දැනගන්ට ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ මන්ත්‍රණය ළංව ඒවයි කියන්නාවූ අයට දුක් වේ!
20
නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද කියන්නාවූ, එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියත් තබන්නාවූ, මිහිර වෙනුවට තික්තත් තික්ත වෙනුවට මිහිරත් තබන්නාවූ අයට දුක් වේ!
21
තුමූ ප්‍රඥාවන්තයෝයයි සිතන්නාවූද තුමූ නුවණැත්තෝයයි කල්පනාකරන්නාවූද අයට දුක් වේ!
22
මුද්‍රිකපානය බීමට සමර්ථවූ, සුරා මිශ්‍ර කිරීමට ධෛර්යමත් මනුෂ්‍යයෝවූ,
23
අල්ලසකට දුෂ්ටයා නිදොස්කර ධර්මිෂ්ඨයාගේ යුක්තිය ඔවුන්ගෙන් පහකරන්නාවූ අයින්ට දුක් වේ!
24
එබැවින් ගිනි දැල්ලට ඉපනැල්ල දාලායන්නාක්මෙන්ද වියළි තෘණ ගින්නට වැටීයන්නාක්මෙන්ද ඔවුන්ගේ මුල දිරුම මෙන් වන්නේය, ඔවුන්ගේ මල ධූලි මෙන් නැගීයන්නේය. මක්නිසාද ඔව්හු සේනාවල ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථාව එපාකර, ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ වචනය සුළුකළෝය.
25
එබැවින් ස්වාමීන්වහන්සේ ගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිඟුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
26
තවද උන්වහන්සේ දුර සිටින ජාතීන්ට කොඩියක් ඔසවා, පොළොවේ කෙළවර සිටින ඔවුන්ට සංඥාකර අඬගසනසේක. බලව, ඔව්හු ඉක්මන්වී වේගයෙන් එන්නෝය.
27
ඔවුන් අතරෙන් කිසිවෙක් ක්ලාන්තවෙන්නේවත් පැකිලෙන්නේවත් නැත; කිසිවෙක් නිදිමත නොවන්නේය, නිදා නොගන්නේය; ඔවුන්ගේ ඉඟපටි නොලිහෙන්නේය, මිරිවැඩි පටිය නොකැඩෙන්නේය.
28
ඔවුන්ගේ ඊගස් තියුණුකර තිබේ, ඔවුන්ගේ සියලු දුනු තැත්කවා තිබේ; ඔවුන්ගේ අසුන්ගේ කුර ගිනිගල්ද ඔවුන්ගේ රථචක්‍ර සුළිහුළඟද කොට ගණන්ගනු ලැබේ.
29
ඔවුන්ගේ ගෙරවීම සිංහ නාදයකට සමානය, ඔව්හු තරුණ සිංහයන් මෙන් ගොරවන්නෝය. එසේය, ඔව්හු ගර්ජනාකොට, ගොදුර අල්ලා සුරැකිව ගෙනයන්නෝය, ගළවන්ට කිසිවෙක්ද නොවන්නේය.
30
ඔව්හු ඒ දවසේ මුහුදේ ගර්ජනාව මෙන් මොවුන්ට විරුද්ධව ගර්ජනාකරන්නෝය. එවිට දේශය දෙස යමෙක් බැලුවොත් අන්ධකාරයත් විපතත් පෙනෙයි, එහි වලාකුල්වල එළිය අඳුරුවී තිබේ.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66