bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Isaiah 14
Isaiah 14
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 15 →
1
මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ්ට අනුකම්පාකොට, ඉශ්රායෙල් නැවත තෝරාගෙන, ඔවුන්ගේම දේශයෙහි ඔවුන් පිහිටුවනසේක. විදේශියෝ ඔවුන්ට එකතුව යාකොබ්ගේ වංශයට බැඳෙන්නෝය.
2
ජාතීහු ඔවුන් කැඳවාගන ඔවුන්ගේ ස්ථානයට ඔවුන් ගෙනෙන්නෝය. ඉශ්රායෙල් වංශයද ස්වාමීන්වහන්සේ ගේ දේශයේදී ඔවුන් දාසයන්ද දාසීන්ද කොට උරුමකරගන්නෝය. ඔව්හු තමුන්ව වාලට ගත් අය වාලට ගෙන, තමුන්ගේ පීඩාකාරයන් කෙරෙහි ආණ්ඩුකරන්නෝය.
3
ඔබේ දුකෙනුත් ඔබේ කැලඹීමෙනුත් ඔබ ලවා කෙරෙවු බර වැඩෙනුත් ස්වාමීන්වහන්සේ ඔබට නිදහස දෙන දවසේදී,
4
ඔබ බබිලෝනියේ රජුට විරුද්ධව මේ උපමාව කියන්නෙහිය: අහෝ පීඩාකාරයා නැවතුණු හැටි! රන් නුවර නැවතුණු හැටි!
5
ජනයන්ට නිරන්තර පහරකින් කෝපයෙන් ගැසුවාවූද, කිසිවෙකු විසින් නොවැලැක්වූ පීඩාවකින් උදහසින් ජාතීන් ආණ්ඩුකළාවූද
6
දුෂ්ටයන්ගේ මුගුරත් ආණ්ඩුකාරයන්ගේ යෂ්ටියත් ස්වාමීන්වහන්සේ බිඳ දැමූසේක.
7
මුළු පොළොව නිෂ්කලංකව නිශ්චලව තිබේ; මනුෂ්‍යයෝ ගී කියමින් මොරගසති.
8
එසේය, දේවදාර ගස්ද ලෙබනොන්හි කිහිරි ගස්ද කථාකොට: ඔබ හෙළනු ලැබූ තැන් පටන් අප කපාදමන්ට කිසිවෙක් නැගී නායේයයි කියමින් ඔබ ගැන ප්‍රීතිවන්නෝය.
9
යට තිබෙන පාතාලය ඔබේ ඊමේදී පෙරමගට එන්ට ඔබ නිසා චංචලවේ; එම මළවුන්, එනම් පොළොවේ සියලු ප්‍රධානීන්, ඔබ නිසා පුබුදුවයි; එය ජාතීන්ගේ සියලු රජුන්ද ඔවුන්ගේ සිංහාසනවලින් නැගිටෙවුවේය.
10
ඔවුන් සියල්ලෝ ඔබට කථාකොට: ඔබත් අප මෙන් බෙලහීනවූයෙහිද? ඔබ අප හා සමානවූයෙහිදැයි කියන්නෝය.
11
ඔබේ ඓශ්වර්යයද ඔබේ වීණාවල ශබ්දයද පාතාලයට බැසආවේය, ඔබ යට ඇතිරී ඇත්තේ පණුවාය, ඔබ වසාගන්නෙත් පණුවෝය.
12
දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, ඔබ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළාදැමුවාවූ ඔබ බිමට සිඳ දමනු ලැබූ හැටි!
13
ඔබ සිත තුළ සිතාගෙන: මම ස්වර්ගයට නැගී, මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට උඩින් තබා, උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි.
14
මම වලාකුල් මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි; මහෝත්තමයාණන්ට සමානවන්නෙමියි කීයෙහිය.
15
එහෙත් ඔබ පාතාලය නම් වළේ ගැඹුරටම බසිනවා ඇත.
16
ඔබ දකින්නෝ ඔබ දෙස ඕනෑකමින් බලමින් කල්පනාකොට: පොළොව වෙවුලවා රාජ්‍යයන් සෙලෙවුවාවූ,
17
ලෝකය කාන්තාරයක් මෙන් කළාවූ, එහි නුවරවල් නාස්තිකළාවූ, තමාගේ හිරකාරයන් ගෙදරට යන්ට නෑරියාවූ මනුෂ්‍යයා මොහුදැයි කියන්නෝය.
18
ජාතීන්ගේ රජවරු සියල්ලෝම ගෞරවය ඇතුව එකිනෙකා තම තමාගේ ගෘහයෙහි සැතපී හිඳිති.
19
නුමුත් ඔබ පිළිකුල් අත්තක් මෙන්ද, කඩුවෙන් ඇන මැරුම්කා වළේ ගල්වලට බසින්නන්ගේ වස්ත්‍ර මෙන්ද, පයින් පාගාදැමූ මළකඳක් මෙන්ද ඔබේ සොහොන්ගෙයින් පිටත වීසිකරනු ලබන්නෙහිය.
20
ඔබ ඔබේ දේශය නාස්තිකොට, ඔබේ සෙනඟ මරාදැමූ බැවින්, ඔවුන් සමඟ වළලනු නොලබන්නෙහිය; නපුර කරන්නන්ගේ වංශය කවදාවත් සඳහන්කරනු නොලබන්නේය.
21
ඔහුගේ පුත්‍රයන් නැගිට, දේශය හිමිකරගෙන, පොළෝතලය නුවරවලින් නොපුරවන පිණිස, ඔවුන්ගේ පියවරුන්ගේ අපරාධ නිසා ඔවුන් මරන්ට සෑදී සිටින්න.
22
සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: මම ඔවුන්ට විරුද්ධව නැගිටින්නෙමියි කියනසේක. බබිලෝනියෙන් නාම මාත්‍රයද ඉතිරි අයද දරුමුනුබුරන්ද සිඳදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
23
මම ඒක ඉත්තෑවුන්ට උරුමයක්ද දිය පොකුණුද කරන්නෙමි. ඒක විනාශය නැමති මුස්නෙන් අතුගාදමන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
24
සේනාවල ස්වාමීන්වහන්සේ දිවුරා කථාකොට: මා යෝජනාකළ ලෙසම සිදුවන්නේය; මා අදහස්කළ ලෙසම ස්ථිරවන්නේය.
25
එනම්, මම අෂූරියයා මාගේ දේශයේදී සුන්කොට මාගේ කඳු පිට ඔහු පාගාදමන්නෙමි. එවිට ඔහුගේ වියගහ ඔවුන් කෙරෙන් පහවන්නේය, ඔහුගේ බරද ඔවුන්ගේ කරෙන් පහවන්නේයයි කීසේක.
26
මුළු පොළොව කෙරෙහි අදහස්කර තිබෙන අදහස මේය. සෑම ජාතීන් කෙරෙහි දිගුකර තිබෙන හස්තයත් මේය.
27
මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ අදහස්කළසේක, එය අවලංගුකරන්නේ කවුද? උන්වහන්සේගේ අත දිගුකර තිබේ, එය ආපසු හරවන්නේ කවුද?
28
ආහාස් රජු මැරුණු අවුරුද්දේ මේ දිව්‍ය ප්රකාශනය විය.
29
අහෝ, මුළු පිලිස්තිය, ඔබට පහරදුන් අයගේ යෂ්ටිය කැඩී ගිය බැවින් ප්‍රීති නොවන්න. මක්නිසාද සර්පයාගේ මුලෙන් පොළඟෙක් නික්මෙන්නේය, උගේ ඵලය ඉගිලෙන ගිනි සර්පයෙක් වන්නේය.
30
දුප්පතුන්ගේ කුලුඳුලන්ට කෑම ලැබෙන්නේය, දිළින්දෝද සුවසේ නිදාගන්නෝය. මම සාගතයෙන් ඔබේ මුල නසන්නෙමි, එයින් ඔබේ ඉතිරි අයද නසනු ලබන්නෝය.
31
එම්බා දොරටුව, මොරගසව; එම්බා නුවර, කෑගසව; අහෝ මුළු පිලිස්තිය, ඔබ දියවී ගියෙහිය; මක්නිසාද උතුරෙන් දුමක් එන්නේය, ඔහුගේ කණ්ඩායම්වල යුද්ධ පිළිවෙළින් නොසිටින කෙනෙක් නැත්තේය.
32
එවිට ජාතියේ තානාපතියන්ට දිය යුතු උත්තරය කිමෙක්ද? ස්වාමීන්වහන්සේ සියොන් පිහිටුවා තිබේ, උන්වහන්සේගේ සෙනඟ අතරෙන් පීඩිත අය එහි ආරක්ෂාව ලබන්නෝය කියාය.
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66