bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Isaiah 60
Isaiah 60
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 59
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 61 →
1
නැගිට බැබළියන්න, මක්නිසාද ඔබේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේ ගේ තේජසද ඔබ කෙරෙහි උදාවිය.
2
එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් ඔබ කෙරෙහි ස්වාමීන්වහන්සේ උදාවනසේක, උන්වහන්සේගේ තේජසද ඔබ කෙරෙහි පෙනෙන්නේය.
3
ජාතීන් ඔබේ ආලෝකයටද රජවරුන් ඔබේ උදාවීමේ දීප්තියටද එනවා ඇත.
4
ඔබේ ඇස් ඔසවා වටකර බලන්න. ඔවුන් සියල්ලෝම රැස්වී ඔබ ළඟට එති. ඔබේ පුත්‍රයන් දුර සිට එනවා ඇත, ඔබේ දූවරුන්ද උකුළේ වඩාගන එන්ට යෙදෙනවා ඇත.
5
එකල ඔබ දැක ප්‍රීතිවන්නෙහිය, ඔබේ සිතද පිනාගොස් විශාලවන්නේය; මක්නිසාද මුහුදේ සම්පත් ඔබ වෙත හැරීඑන්නේය, ජාතීන්ගේ වස්තුද ඔබ ළඟට පැමිණෙන්නේය.
6
ඔටු සමූහයකින්ද මිදියන් සහ ඒපාහි තරුණ ඔටුවන්ගෙන්ද ඔබේ ස්ථානය පිරෙන්නේය; ෂෙබායෙන් ඔවුන් සියල්ලන් එනවා ඇත. ඔවුන් රන්ද කට්ටකුමංචල්ද ගෙනවුත් ස්වාමීන්වහන්සේ ගේ ප්‍රශංසා ප්‍රකාශකරනවා ඇත.
7
කේදාර්හි සියලු එළු බැටළු රැළවල් ඔබ වෙතට රැස්කරනු ලැබෙත්, නෙබායොත්හි බැටළුවෝ ඔබට සේවයකරත්. උන් මාගේ පූජාසනය පිටට පැමිණ පිළිගනු ලැබෙත්. මමද මාගේ තේජසේ ගෘහය අලංකාරකරන්නෙමි.
8
වලාකුළක් මෙන්ද පරෙවියන් උන්ගේ කවුළුවලට ඉගිලෙන්නාක්මෙන්ද අර ඉගිලී එන අය කවුරුද?
9
සැබවින් ද්වීපයෝද පළමුකොට තර්ෂිෂ්හි නැව්ද මා ගැන බලාසිටින්නෝය. බලාසිටින්නේ දුරින් ඔබේ පුත්‍රයන්ද ඔවුන් සමඟ ඔවුන්ගේ රන්රිදීද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමයත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සෙත් නිසා ගෙනෙන පිණිසය; මක්නිසාද උන්වහන්සේ ඔබට ගෞරවකර තිබේ.
10
විදේශීහු ඔබේ පවුරු ගොඩනගන්නෝය, ඔවුන්ගේ රජවරුද ඔබට සේවයකරන්නෝය. මක්නිසාද මම මාගේ උදහසෙන් ඔබට පහරදුන් නුමුත් මාගේ කරුණාවෙන් ඔබට අනුකම්පාකෙළෙමි.
11
ජාතීන්ගේ වස්තු ඔබ ළඟට ගෙනෙන පිණිසද ඔවුන්ගේ රජුන් පෙරටුව එන පිණිසද ඔබේ දොරටු රෑ දාවල් නොවසා නිතරම ඇරී තිබේ.
12
මක්නිසාද ඔබට සේවය නොකරන ජාතියද රාජ්‍යයද නැතිවන්නේය; එසේය, ඒ ජාතීහු සහමුලින්ම විනාශවන්නෝය.
13
මාගේ ශුද්ධස්ථානය අලංකාරකිරීමට ලෙබනොන්හි තේජසද දේවදාර ගස්ද හල් ගස්ද තෂ්ෂුර් ගස්ද එක්ව ඔබ ළඟට පැමිණෙනවා ඇත; මමද මාගේ පාදස්ථානය තේජවත්කරන්නෙමි.
14
ඔබට පීඩාකළ අයගේ පුත්‍රයන්ද නැමි නැමී ඔබ වෙතට එනවා ඇත; ඔබව සුළුකළ සියල්ලන්ද ඔබේ පාමුල වැඳවැටෙනවා ඇත; ඔවුන් ඔබට: ස්වාමීන්වහන්සේ ගේ නුවරය කියාත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ සියොන්ය කියාත් කියනවා ඇත.
15
කිසිවෙක් ඔබ ළඟින් නොයන ලෙස ඔබ අත්හරිනු ලැබ වෛරය විඳිනවා වෙනුවට, මම ඔබ සදාකාල උතුම්කමක්ද පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රීතියක්ද කරන්නෙමි.
16
ඔබ ජාතීන්ගේ කිරි උරා බොන්නෙහිය, රජුන්ගේ තන උරන්නෙහිය. ස්වාමීන්වහන්සේ වන මම ඔබේ ගැළවුම්කාරයා බවත් ඔබේ මිදුම්කාරයා යාකොබ්ගේ බලවන්තයාණන්වහන්සේ බවත් ඔබ දැනගන්නවා ඇත.
17
මම පිත්තල වෙනුවට රත්රන් ගෙනෙන්නෙමි, යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට පිත්තලද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. මම ඔබේ මුලාදෑනීන් සමාදානයද ඔබේ ආණ්ඩුකාරයන් ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි.
18
ඔබේ දේශයෙහි බලාත්කාරයද ඔබේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය; ඔබේ පවුරු ගැළවීමය කියාද ඔබේ දොරටු ප්‍රශංසාවය කියාද ඔබ කියන්නෙහිය.
19
ඉර තවත් ඔබේ දවාලේ එළිය නොවන්නේය; දීප්තිය පිණිස සඳද ඔබට එළිය නොදෙන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ ඔබට සදාකාල එළියක්ද ඔබේ දෙවියන්වහන්සේ ඔබේ තේජසද වනසේක.
20
ඔබේ ඉර තවත් බැසයන්නේවත්, ඔබේ සඳ පහව යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබේ සදාකාල එළිය වනසේක, ඔබේ වැලපීමේ දවස් කෙළවරවන්නේය.
21
ඔබේ සෙනඟ සියල්ලෝම ධර්මිෂ්ඨව, මා විසින් සිටෙවු පැළයක්ව, මාගේ අත්වල කර්මාන්තයව සිට මා ගෞරවය ලබන පිණිස සදාකාලේටම පොළොව භුක්තිවිඳින්නෝය.
22
කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. ස්වාමිවූ මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි.
← Chapter 59
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 61 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66