bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
John 1
John 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 2 →
1
පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක.
2
උන්වහන්සේ පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ සමඟ සිටිසේක.
3
උන්වහන්සේ කරණකොටගෙන සියල්ල සාදනලද්දේය; සාදනලද කිසිවක් උන්වහන්සේ නැතුව සාදනු නොලද්දේය.
4
උන්වහන්සේ තුළ ජීවනය තිබුණේය; ඒ ජීවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වූයේය.
5
ආලෝකය අන්ධකාරයෙහි බබළයි; අන්ධකාරයද එය ග්‍රහණය නොකෙළේය.
6
දෙවියන්වහන්සේ වෙතින් එවනලද යොහන් නම් මනුෂ්‍යයෙක් ආවේය.
7
ඔහු කරණකොටගෙන සියල්ලන් විසින් අදහන පිණිස ආලෝකය ගැන සාක්ෂිදෙන්ට ඔහු සාක්ෂි පිණිස ආවේය.
8
ඔහු ඒ ආලෝකය නොව ඒ ආලෝකය ගැන සාක්ෂිදෙන පිණිස ආ තැනැත්තේය.
9
ලෝකයට එන්නාවූ සියලු මනුෂ්‍යයන් ආලෝකකරන්නාවූ ආලෝකය සත්‍යවූ ආලෝකයය.
10
උන්වහන්සේ ලෝකයෙහි සිටිසේක, ලෝකයද උන්වහන්සේ කරණකොටගෙන සාදනලද්දේය, නුමුත් ලෝකයා උන්වහන්සේ ඇඳින ගත්තේ නැත.
11
උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක, ස්වකීයයෝ උන්වහන්සේ පිළි නොගත්තෝය.
12
නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන්වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.
13
ඔව්හු ලෙයෙන්වත් මාංසයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන්වහන්සේගෙන් උපන්නෝය.
14
තවද වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසයකළසේක. පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව.
15
යොහන් උන්වහන්සේ ගැන සාක්ෂිදෙමින්: මට පසුව එන්නාවූ තැනන්වහන්සේ මට පළමුවෙන් සිටි බැවින් මට වඩා උතුම්වී සිටිනසේකැයි මා කීවේ යම් කෙනෙකු ගැනද ඒ මුන්වහන්සේමයයි මොරගසා කීයේය.
16
කුමක්හෙයින්ද උන්වහන්සේගේ පූර්ණකමෙන් අපි සියල්ලෝම අනුග්‍රහය ලැබීමුව.
17
මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.
18
කිසිවෙක් කිසිකලක දෙවියන්වහන්සේ දුටුවේ නැත; පියාණන්වහන්සේගේ ළයේ ඉන්නාවූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේම උන්වහන්සේ ප්‍රකාශකළසේක.
19
ඔබ කවරෙක්දැයි යොහන්ගෙන් අසන පිණිස යුදෙව්වරුන් විසින් යෙරුසලමේ සිට පූජකයන්ද ලෙවීයයන්ද යැවූ කල ඔහු දුන් සාක්ෂිය මේය.
20
ඔහු නොසඟවා ඇත්ත කියමින්: මම ක්‍රිස්තුස්වහන්සේ නොවෙමියි කීවේය.
21
ඔව්හුද: එසේ නම් මොකද? ඔබ එලියාදැයි ඔහුගෙන් ඇසුවෝය. එසේ නොවේයයි ඔහු කීය. ඔබ අනාගතවක්තෘදැයි ඇසූ කල, නැතැයි ඔහු උත්තරදුන්නේය.
22
එබැවින් ඔව්හු කථාකොට: අප එවූවන්ට උත්තරදෙන පිණිස, ඔබ කවරෙක්ද? ඔබ ගැනම ඔබ කියන්නේ කිමෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය.
23
ඔහුද: මම වනාහි අනාගතවක්තෘවූ යෙසායා කී හැටියට-ස්වාමීන්වහන්සේගේ මාර්ගය සමතලාකරන්නය කියා වනයෙහි හඬගසන්නෙකුගේ ශබ්දය වෙමියි කීවේය.
24
ඔවුන් එවනු ලැබුවේ පරිසිවරුන් කෙරෙන්ය.
25
එවිට ඔව්හු කථාකොට: ඉඳින් ඔබ ක්‍රිස්තුස්වත් එලියාවත් අනාගතවක්තෘවත් නොවේ නම් බව්තීස්ම කරන්නේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවෝය.
26
යොහන් ඔවුන්ට උත්තරදෙමින්: මම වතුරෙන් බව්තීස්මකරමි. ඔබ සැම නාඳුනන කෙනෙක් ඔබ සැම මැද සිටිනසේක,
27
එනම් මට පසුව එන තැනන්වහන්සේය, උන්වහන්සේගේ වහන්සඟලේ පටිය මුදන්ටවත් මම නොවටිමියි කීවේය.
28
මේ කාරණා සිද්ධවුණේ යොහන් බව්තීස්මකරමින් සිටි යොර්දානෙන් එගොඩ බෙතානියේදීය.
29
පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!
30
මට වඩා උතුම්වී සිටින මනුෂ්‍යයෙක් මට පසුව එන්නේයයි මා කීවේ මුන්වහන්සේ ගැනය. මක්නිසාද උන්වහන්සේ මට පළමුවෙන් සිටිසේක.
31
මම උන්වහන්සේ නෑඳින සිටියෙමි; නුමුත් මා වතුරෙන් බව්තීස්මකරමින් ආවේ උන්වහන්සේ ඉශ්රායෙල්වරුන්ට ප්රකාශවන පිණිසයයි කීවේය.
32
තවද යොහන් සාක්ෂිදෙමින්: ආත්මයාණන් පරෙවියෙකු මෙන් අහසින් බසිනවා දුටිමි; එය උන්වහන්සේ පිට නැවතුණේය.
33
මම උන්වහන්සේ නෑඳින සිටියෙමි. නුමුත් වතුරෙන් බව්තීස්මකරන්ට මා එවූ තැනන්වහන්සේම මට කථාකොට: ආත්මයාණන් යමෙකු පිට බැස නවතිනවා ඔබ දකින්නෙහිද ශුද්ධාත්මයෙන් බව්තීස්මකරන්නේ උන්වහන්සේයයි මට කීසේක.
34
මමද ඒ දැක: මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි සාක්ෂිදුනිමියි කීවේය.
35
නැවත පසුවදා යොහන් තමාගේ ගෝලයන් දෙදෙනෙකු සමඟ සිටියදී,
36
යේසුස්වහන්සේ යනවා දැක: අන්න! දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝයයි කීවේය.
37
ඒ ගෝලයන් දෙදෙනා ඔහුගේ කීම අසා යේසුස්වහන්සේ පස්සේ ගියෝය.
38
යේසුස්වහන්සේ හැරී ඔවුන් තමන් පස්සෙන් එනවා දැක: ඔබ සැම සොයන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හුද: රබ්බි, ඔබ නැවතී සිටින්නේ කොතැනදැයි කීවෝය. (රබ්බි යනු ආචාරිනී යන අර්ථයයි.)
39
ඇවිත් බලන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. එසේ ඔව්හු ගොස් උන්වහන්සේ සිටින ස්ථානය දැක, එදින උන්වහන්සේ සමඟ නැවතුණෝය. ඒ වේලාව දසවෙනි පැය පමණ විය.
40
යොහන්ගේ කීම අසා උන්වහන්සේ පස්සේ ගියාවූ දෙදෙනාගෙන් එක්කෙනෙක් නම් සීමොන් පේතෘස්ගේ සහෝදරවූ අන්දෘය.
41
ඔහු පළමුකොට තමාගේම සහෝදරවූ සීමොන් දැක: අපට මෙසියස්වහන්සේ සම්බවූසේකැයි ඔහුට කීවේය. (මෙසියස් යන්නෙහි අර්ථය ක්‍රිස්තුස්වහන්සේ යනුය.)
42
ඔහු යේසුස්වහන්සේ ළඟට සීමොන් කැඳවාගෙන ආවේය. යේසුස්වහන්සේ ඔහු දෙස බලා: ඔබ යොහන්ගේ පුත්‍රවූ සීමොන්ය. ඔබට කේපස්ය කියනු ලබන්නේයයි කීසේක. (එහි අර්ථය නම් පේතෘස්ය.)
43
පසුවදා උන්වහන්සේ ගලීලයට පිටත්ව යන්ට අදහස්කොට පිලිප් දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක.
44
පිලිප් වනාහි අන්දෘ සහ පේතෘස් විසූ බෙත්සයිදා නුවර වැසියෙක්ය.
45
පිලිප් නතානියෙල් දැක: යම් කෙනෙකු ගැන මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහිත් අනාගතවක්තෘවරුන් විසිනුත් ලියන ලද්දේද උන්වහන්සේ අපට සම්බවූසේක. උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍රවූ නාසරිය යේසුස්යයි ඔහුට කීවේය.
46
නතානියෙල්ද: නාසරෙත් නුවරින් යම් යහපතක් එන්ට පුළුවන්දැයි ඔහුට කීවේය. ඇවිත් බලන්නැයි පිලිප් ඔහුට කීවේය.
47
යේසුස්වහන්සේ නතානියෙල් තමන් වෙතට එනවා දැක: මෙන්න, සැබවින්ම ඉශ්‍රායෙලිතයෙක්! මොහු තුළ කිසි වංචාවක් නැතැයි ඔහු ගැන කීසේක.
48
ඔබ මා අඳුනන්නේ කොහොමදැයි නතානියෙල් උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: පිලිප් ඔබ කැඳවන්ට පළමුවෙන්, අත්තික්කා ගස යට ඔබ සිටියදී ඔබ දුටිමියි කීසේක.
49
නතානියෙල් උන්වහන්සේට උත්තරදෙමින්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය; ඔබ ඉශ්රායෙල්වරුන්ගේ රජ්ජුරුවෝයයි කීවේය.
50
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ඔබ අත්තික්කා ගස යට සිටිනවා දුටිමියි මා ඔබට කී බැවින් විශ්වාසකරනවාද? මීට වඩා මහත් දේ ඔබ දකිනවා ඇතැයි කීසේක.
51
තවද උන්වහන්සේ: සැබවක් සැබවක් ඔබ සැමට කියමි- ස්වර්ගය විවරව, දෙවියන්වහන්සේගේ දූතයන් මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි නගිනවා සහ බසිනවා ඔබ සැම දකිනවා ඇතැයි කීසේක.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21