bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
John 16
John 16
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 17 →
1
ඔබ සැම බාධා නොවන පිණිස මේ දේවල් ඔබ සැමට කීවෙමි.
2
ඔව්හු සිනගෝගවලින් ඔබ සැම අහක්කරන්නෝය. එසේය, ඔබ සැම මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් දෙවියන්වහන්සේට කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය.
3
ඔවුන් පියාණන්වහන්සෙත් මාත් නාඳුනන බැවින් මේ දේවල් කරනවා ඇත.
4
තවද මා විසින් මේ දේවල් ඔබ සැමට කීවේ ඒවායේ කාලය පැමිණි කල මා ඒවා කී බව ඔබ සැමට මතක්වෙන පිණිසය. මේ දේවල් පටන්ගැන්මේ සිට ඔබ සැමට නොකීවේ මා ඔබ සැම සමඟ සිටි නිසාය.
5
නුමුත් දැන් මා එවූ තැනන්වහන්සේ ළඟට යමි; කොතැනට යනසේක්දැයි ඔබ සැමගෙන් කිසිවෙක් මාගෙන් අසන්නේ නැත.
6
නුමුත් මා මේ දේවල් ඔබ සැමට කී බැවින් ඔබ සැමගේ සිත් දුකින් පිරී තිබේ.
7
එසේවී නුමුත් මම ඔබ සැමට සැබෑව කියමි: මාගේ අහක්ව යෑම ඔබ සැමට ප්රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත්, සැනසිලිකාරයාණන්වහන්සේ ඔබ සැම ළඟට එන්නේ නැත; නුමුත් ගියොත්, උන්වහන්සේ ඔබ සැම වෙතට එවන්නෙමි.
8
උන්වහන්සේ ආ කල, පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයාට අඟවාදෙනසේක.
9
පාපය ගැනයයි කීවේ ඔවුන් මා කෙරෙහි නොඅදහන නිසාය;
10
ධර්මිෂ්ඨකම ගැනයයි කීවේ මාගේ පියාණන්වහන්සේ ළඟට යන බැවින් තවත් ඔබ සැම මා නොදක්නා නිසාය;
11
විනිශ්චය ගැනයයි කීවේ මේ ලෝකයේ අධිපතියා විනිශ්චයකරනු ලැබ සිටින නිසාය.
12
ඔබ සැමට කියන්ට තව බොහෝ දේවල් මට ඇත්තේය, නුමුත් දැන් ඒවා දරන්ට ඔබ සැමට බැරිය.
13
එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආකල, උන්වහන්සේ මුළු සත්‍යය කරා ඔබ සැමට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ ඔබ සැමට ප්‍රකාශකරනසේක.
14
උන්වහන්සේ මා ගෞරවයට පමුණුවනසේක. මක්නිසාද උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන ඔබ සැමට ප්‍රකාශකරනසේක.
15
පියාණන්වහන්සේ සන්තක සියල්ල මාගේය. එහෙයින්: උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන ඔබ සැමට ප්‍රකාශකරනසේකැයි කීවෙමි.
16
ස්වල්ප වේලාවකින් ඔබ සැම මා තවත් දකින්නේ නැත; නැවත ස්වල්ප වේලාවකින් ඔබ සැම මා දකිනවා ඇතැයි කීසේක.
17
එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් සමහරෙක් ඔවුනොවුන් කථාකොට: ස්වල්ප වේලාවකින් ඔබ සැම මා දකින්නේ නැත කියාත්, තව ස්වල්ප වේලාවකින් ඔබ සැම මා දකිනවා ඇත කියාත්, මා පියාණන්වහන්සේ ළඟට යන නිසාය කියාත් මුන්වහන්සේ අපට කියන මේ දේ කිමෙක්දැයි කීවෝය.
18
එබැවින් ඔව්හු කථාකොට: ස්වල්ප වේලාවකැයි උන්වහන්සේ කියන මේක මොකක්ද? උන්වහන්සේ කියන්නේ කුමක්ද කියා අපි නොදනිමුයයි කීවෝය.
19
තමන්ගෙන් අසන්ට ඔවුන් කැමති බව යේසුස්වහන්සේ දැන, ඔවුන්ට කියනසේක්: ස්වල්ප වේලාවකින් ඔබ සැම මා නොදක්නහුය, නැවත ස්වල්ප වේලාවකින් ඔබ සැම මා දකින්නහුයයි මා කී කාරණය ගැන ඔබ සැම එකිනෙකා විචාරවුද?
20
සැබැවක් සැබැවක් ඔබ සැමට කියමි-ඔබ සැම හඬා වැලපෙන්නහුය, නුමුත් ලෝකයා ප්‍රීතිවන්නෝය. ඔබ සැම ශෝකවන්නහුය, නුමුත් ඔබ සැමගේ ශෝකය ප්‍රීතියට හැරෙන්නේය.
21
ස්ත්‍රියෙක් බිහිකරන වේදනාවෙන් සිටින කල, ඇගේ වේලාව පැමිණි නිසා ඈට ශෝකය තිබේ. නුමුත් ඈ දරුවා බිහිකළ පසු, ලෝකයට මනුෂ්‍යයෙක් උපන්නේය යන ප්‍රීතිය නිසා, වේදනාව තවත් සිහි නොකරන්නීය.
22
එසේ ඔබ සැමට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත ඔබ සැම දකින්නෙමි, එවිට ඔබ සැමගේ සිත ප්‍රීතිවන්නේය, ඔබ සැමගේ ප්‍රීතිය කිසිවෙක් ඔබ සැමගෙන් පැහැර නොගන්නේය.
23
ඒ දවසේදී ඔබ සැම මාගෙන් කිසිවක් අසන්නේ නැත. සැබැවක් සැබැවක් ඔබ සැමට කියමි-පියාණන්වහන්සේගෙන් ඔබ සැම යමක් ඉල්ලුවොත්, උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ ඔබ සැමට දෙනසේක.
24
මේ දක්වා මාගේ නාමයෙන් ඔබ සැම කිසිවක් ඉල්ලුවේ නැත. ඔබ සැමගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඉල්ලන්න, එවිට ඔබ සැමට ලැබෙන්නේය.
25
මේ දේ උපමාවලින් ඔබ සැමට කථාකෙළෙමි. නුමුත් උපමාවලින් තවත් ඔබ සැමට කථා නොකොට පැහැදිලිලෙස පියාණන්වහන්සේ ගැන ඔබ සැමට දන්වන්නාවූ කාලය පැමිණෙන්නේය.
26
ඒ දවසේදී මාගේ නාමයෙන් ඔබ සැම ඉල්ලන්නහුය. ඔබ සැම උදෙසා පියාණන්වහන්සේට යාච්ඤාකරන්නෙමියි නොකියමි;
27
මක්නිසාද ඔබ සැම මට ප්‍රේමවූ බැවින්ද මා දෙවියන්වහන්සේ වෙතින් ආ බව විශ්වාසකළ බැවින්ද පියාණන්වහන්සේම ඔබ සැමට ප්‍රේමවනසේක.
28
මම පියාණන්වහන්සේ වෙතින් පිටත්ව ලෝකයට ඇවිත් සිටිමි. නැවත මම ලෝකය අත්හැර පියාණන්වහන්සේ වෙතට යමියි කීසේක.
29
උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: දැන් ඔබ උපමා නැතුව පැහැදිලිලෙස කථාකරනසේක.
30
ඔබ සියල්ල දන්නා බවද කිසිවෙකු විසින් ඔබගෙන් විචාරන්ට ඕනෑ නැති බවද දැන් අපි දනිමුව. ඔබ දෙවියන්වහන්සේ වෙතින් ආ බව අපි මෙයින් විශ්වාසකරමුයයි කීවෝය.
31
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්:
32
ඔබ සැම දැන් විශ්වාසකරවුද? බලව, ඔබ සැම එකිනෙකා තම තමාගේ ස්ථානයට විසිර ගොස්, මා තනියම අත්හැර දමන පැය පැමිණෙන්නේය; එසේය, දැනටම පැමිණ තිබේ. එසේවී නුමුත් පියාණන්වහන්සේ මා සමඟ සිටින බැවින් මම තනියම නොවෙමි.
33
මා තුළ ඔබ සැමට සමාදානය තිබෙන පිණිස මේ දේවල් ඔබ සැමට කීවෙමි. ලෝකයෙහි ඔබ සැමට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත්වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 17 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21