bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
John 18
John 18
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 19 →
1
යේසුස්වහන්සේ මේ වචන කියා නිමවූ කල තමන් ගෝලයන් සමඟ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩට ගියසේක; එහි තිබුණු උයනකට උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඇතුල්වූසේක.
2
යේසුස්වහන්සේ තමන් ගෝලයන් සමඟ නොයෙක් වර එහි ගිය බැවින්, උන්වහන්සේ පාවාදුන් යූදස් ඒ ස්ථානය දැනගෙන සිටියේය.
3
එබැවින් යූදස් නායක පූජකයන්ගෙන්ද පරිසිවරුන්ගෙන්ද හේවා කණ්ඩායම සහ සේවකයන් ලබාගෙන, පහන්ද පන්දම්ද ආයුධද ඇතුව එතැනට ආවේය.
4
යේසුස්වහන්සේ තමන් කෙරේ පැමිණෙන්නාවූ සියලු දේ දැන, ඉදිරියට ගොස්: ඔබ සැම කවරෙකු සොයවුදැයි ඔවුන්ගෙන් ඇසූසේක.
5
ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: නාසරිය යේසුස්යයි කීවෝය. ඒ මමයයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. උන්වහන්සේ පාවාදුන් යූදස්ද ඔවුන් සමඟ සිටියේය.
6
ඒ මමයයි යේසුස්වහන්සේ ඔවුන්ට කී කල්හි, ඔව්හු පස්සෙන් පස්සට ගොස් බිම වැටුණෝය.
7
එබැවින් නැවතත් උන්වහන්සේ: ඔබ සැම කවරෙකු සොයවුදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නාසරිය යේසුස්යයි ඔව්හු කීවෝය.
8
යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඒ මමයයි ඔබ සැමට කීවෙමි. එබැවින්, ඔබ සැම මා සොයවු නම්, මොවුන් යන්ට හරින්නැයි කීසේක.
9
මෙසේ වුණේ: ඔබ මට දුන්නවුන්ගෙන් එක්කෙනෙක්වත් නැතිවුණේ නැතැයි උන්වහන්සේ විසින් කියනලද වචනය සම්පූර්ණවන පිණිසය.
10
එවිට සීමොන් පේතෘස්ට කඩුවක් තිබුණෙන්, ඔහු ඒක ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපාදැමීය. ඒ දාසයාගේ නම මල්කස්ය.
11
එබැවින් යේසුස්වහන්සේ පේතෘස්ට කියනසේක්: කඩුව කොපුවේ දමන්න. පියාණන්වහන්සේ මට දී තිබෙන කුසලාන නොබොම්දැයි කීසේක.
12
එකල හේවාකණ්ඩායමද ප්‍රධාන සේනාපතියාද යුදෙව්වරුන්ගේ සේවකයෝද යේසුස්වහන්සේ අල්ලා බැඳ,
13
පළමුකොට අන්නස් ළඟට ගෙනගියෝය; මක්නිසාද ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාවූ කායාඵස්ගේ මාමාව සිටියේය.
14
ඒ කායාඵස් වනාහි එක් මනුෂ්‍යයෙකු විසින් සෙනඟ උදෙසා මරණය විඳීම ප්‍රයෝජන ඇතැයි යුදෙව්වරුන්ට උපදෙස් දුන් තැනැත්තේය.
15
සීමොන් පේතෘස්ද තව ගෝලයෙක්ද යේසුස්වහන්සේ පස්සේ ගියෝය. උත්තම පූජකයා ඒ ගෝලයා අඳුනන බැවින්, ඔහු යේසුස්වහන්සේ සමඟ උත්තම පූජකයාගේ ශාලාවට ඇතුල් විය;
16
නුමුත් පේතෘස් දොර ළඟ පිටත සිටියේය. එවිට උත්තම පූජකයා අඳුනන ඒ අනික් ගෝලයා පිටතට ගොස් දොරටුපාලීට කථාකොට, පේතෘස් ඇතුළට ගෙනාවේය.
17
එවිට දොරටුපාලීවූ තරුණී: ඔබත් ඒ මනුෂ්‍යයාගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්දැයි පේතෘස්ගෙන් ඇසුවාය. නැතැයි ඔහු කීවේය.
18
එකල ශීත බැවින් දාසයෝද සේවකයෝද අඟුරු දල්වා ගිනි තපිමින් සිටියෝය. පේතෘස්ද ඔවුන් සමඟ ගිනි තපිමින් සිටියේය.
19
එකල උත්තම පූජකයා යේසුස්වහන්සේගේ ගෝලයන් ගැනද ඉගැන්වීම ගැනද උන්වහන්සේගෙන් ඇසුවේය.
20
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මම ප්‍රසිද්ධයෙන් ලෝකයාට කථාකෙළෙමි; සියලු යුදෙව්වරුන් රැස්වන්නාවූ සිනගෝගවලදීත් දේවමාළිගාවේදීත් නිතර ඉගැන්වීමි; රහසින් කිසිවක් කථානොකෙළෙමි.
21
මාගෙන් විචාරන්නේ මක්නිසාද? මාගේ වචන ඇසූවන්ගෙන් මා ඔවුන්ට කීවේ කුමක්දැයි අසන්න. මෙන්න, මොව්හු මා කී දේ දනිතියි කීසේක.
22
උන්වහන්සේ මේක කී කල, ළඟ සිටියාවූ සේවකයන්ගෙන් එක්කෙනෙක්: ඔබ උත්තම පූජකයාට මෙසේ උත්තරදෙනවාද කියා, යේසුස්වහන්සේට අතුල්පහරක් ගැසීය.
23
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මම අයුතුලෙස කථාකෙළෙම් නම්, ඒ අයුතුකම ගැන සාක්ෂිදෙන්න. යුතුලෙස කථාකෙළෙම් නම්, මට පහරදෙන්නේ මක්නිසාදැයි කීසේක.
24
එවිට බැඳසිටි උන්වහන්සේ අන්නස් විසින් උත්තම පූජකයාවූ කායාඵස් ළඟට යැවුවේය.
25
සීමොන් පේතෘස් ගිනිතපිමින් සිටියේය. ඔව්හු: ඔබත් ඔහුගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය. නැත, එසේ නොවේයයි ඔහු කීය.
26
උත්තම පූජකයාගේ දාසයන්ගෙන් එක්කෙනෙක්වූ, පේතෘස් විසින් කන කැපූ තැනැත්තාගේ නෑයෙක් කථාකොට: ඔබ ඔහු සමඟ උයනේ සිටිනවා මම නුදුටිම්දැයි කීය.
27
එවිට පේතෘස් නැවතත්: නැතැයි කීවේය. එකෙණෙහිම කුකුළා හඬලීය.
28
එවිට ඔව්හු යේසුස්වහන්සේ කායාඵස් කෙරෙන් ප්‍රේතෝරියම් ශාලාවට ගෙනගියෝය. එය අලුයම් වේලාවය; ඔව්හු, අපවිත්‍ර නොවී පාස්කුව කන්ට හැකිවන පිණිස, ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල් නූණෝය.
29
එබැවින් පිලාත් ඔවුන් වෙතට පිටතට ගොස්: මේ මනුෂ්‍යයාට විරුද්ධව මොන වරදක් තබවුදැයි ඇසුවේය.
30
ඔව්හු උත්තරදෙමින්: මොහු වරදකාරයෙක් නොවේ නම්, අප විසින් ඔහු ඔබට භාරදෙන්නේ නැතැයි කීවෝය.
31
එබැවින් පිලාත්: ඔබ සැමම ඔහු ගෙනගොස්, ඔබ සැමගේ ව්‍යවස්ථාව ලෙස විනිශ්චයකරන්නැයි ඔවුන්ට කීවේය. යුදෙව්වරු ඔහුට කථාකොට: කිසිවෙකු මරණයට පත්කරන්ට අපට බලය නැතැයි කීවෝය.
32
මෙසේ වුණේ, තමන්වහන්සේ කොයි ආකාර මරණයකින් මැරෙනසේක්ද කියා හඟවාදෙමින් යේසුස්වහන්සේ කී වචනය සම්පූර්ණවන පිණිසය.
33
එබැවින් පිලාත් නැවත ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල්ව, යේසුස්වහන්සේ කැඳවා: ඔබ යුදෙව්වරුන්ගේ රජදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.
34
යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබම මේක කියනවාද? නොහොත් වෙන අය මා ගැන ඔබට මේක කීවෝදැයි ඇසූසේක.
35
පිලාත් උත්තරදෙමින්: මම යුදෙව්වෙක්ද? ඔබේම ජාතියද නායක පූජකයෝද ඔබ මට භාරදුන්නෝය. ඔබ කළේ මොකදැයි ඇසුවේය.
36
යේසුස්වහන්සේ උත්තරදෙමින් මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධව නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධවී නම්, යුදෙව්වරුන්ට මා භාරදෙනු නොලබන පිණිස මාගේ සේවකයන් සටන්කරනවා ඇත. නුමුත් දැන් මාගේ රාජ්‍යය මෙලොවින් නොවේයයි කීසේක.
37
එබැවින් පිලාත්: එසේවී නම්, ඔබ රජෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම රජෙක්යයි ඔබ කියනවා හරිය. ඒ පිණිස මම ඉපද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිසය. සත්‍යයෙන්වූ සියල්ලෝ මාගේ හඬ අසතියි කීසේක.
38
පිලාත් තෙමේ: සත්‍යය නම් කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. ඔහු මෙසේ කියා නැවත යුදෙව්වරුන් වෙතට පිටතට ගොස්: මොහු අත කිසි වරදක් මට නොපෙනෙයි.
39
නුමුත් පාස්කුවේදී මා විසින් ඔබ සැමට එක්කෙනෙකු නිදහස්කර හරින සිරිතක් ඔබ සැමට තිබේ. එහෙයින් යුදෙව්වරුන්ගේ රජ මා විසින් ඔබ සැමට නිදහස්කර හරිනවාට ඔබ සැම කැමතිහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.
40
එවිට ඔව්හු නැවත මොරගසමින්: මොහු නොව බරබ්බස්යයි කීවෝය. බරබ්බස් වනාහි සොරෙක් විය.
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 19 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21