bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
John 13
John 13
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 14 →
1
පාස්කු මංගල්‍යයට පළමුවෙන්, යේසුස්වහන්සේ මේ ලෝකයෙන් පිටත්ව පියාණන්වහන්සේ ළඟට යන තමන්ගේ පැය පැමිණි තිබෙන බව දැන, ලෝකයෙහි සිටියාවූ ස්වකීය සෙනඟට ප්‍රේමයෙන් සිට, අන්තිම දක්වා ඔවුන්ට ප්‍රේමකළසේක.
2
යේසුස්වහන්සේ පාවාදෙන්ට සීමොන්ගේ පුත්‍රවූ යූදස් ඉස්කාරියොත්ගේ සිත යක්ෂයා විසින් පොළඹවා තිබුණෙන්,
3
රාත්‍රිකෑම කද්දී, උන්වහන්සේ පියාණන්වහන්සේ විසින් තමන්ගේ අත්වලට සියල්ල දී තිබෙන බවද තමන් දෙවියන්වහන්සේ වෙතින් ආ බවද දෙවියන්වහන්සේ ළඟට යන බවද දැන,
4
රාත්‍රිකෑමෙන් නැගිට, උඩ ඇඳුම ගළවා තබා, රෙදිකඩක් රැගෙන ඉඟටියෙහි බැඳගත්සේක.
5
ඉන්පසු උන්වහන්සේ භාජනයට වතුර වත්කොට ගෝලයන්ගේ පාද සෝදන්ටත් තමන් ඉඟටියේ බැඳගත් රෙදිකඩින් පිසදමන්ටත් පටන්ගත්සේක.
6
උන්වහන්සේ සීමොන් පේතෘස් ළඟට ආසේක. ඔහු: ස්වාමීනි, ඔබ මාගේ පාද සෝදනසේක්දැයි කීවේය.
7
යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම කුමක් කරම්දැයි දැන් ඔබ දන්නේ නැත; නුමුත් පසුව ඔබට තේරෙනවා ඇතැයි ඔහුට කීසේක.
8
ඔබවහන්සේට කිසිකලක මාගේ පාද සෝදන්ට නොදෙමියි පේතෘස් උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම ඔබ නොසේදුවොත් මා හා සමඟ පංගුකාරකමක් ඔබට නැතැයි ඔහුට කීසේක.
9
සීමොන් පේතෘස්: ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත්ද හිසද (සේදුව මැනවයි) උන්වහන්සේට කීවේය.
10
යේසුස්වහන්සේද: නෑවාවු තැනැත්තේ මුළුමනින්ම පවිත්‍ර බැවින් ඔහුට ඕනෑකරන්නේ පාද සේදීම පමණක්ය. ඔබ සැම පවිත්‍රය, නුමුත් සියල්ලෝම නොවේයයි ඔහුට කීසේක.
11
ඔබ සැම සියල්ලෝම පවිත්‍ර නැතැයි කීවේ උන්වහන්සේ තමන් පාවාදෙන්නා දැනගෙන සිටි හෙයිනි.
12
මෙසේ උන්වහන්සේ ඔවුන්ගේ පාද සෝදා තමන් ඇඳුම් ඇඳ නැවත හිඳගත්කල ඔවුන්ට කියනසේක්: මා ඔබ සැමට කළ දේ කිමෙක්දැයි ඔබ සැම දන්නහුද?
13
ආචාරිනි, ස්වාමීනි කියා ඔබ සැම මට කියහුය. ඔබ සැම කියනවා හරිය; මක්නිසාද මම එසේ වෙමි.
14
ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම ඔබ සැමගේ පාද සේදීම් නම් ඔබ සැම විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය.
15
මක්නිසාද මා ඔබ සැමට කළ ලෙස ඔබ සැමත් කරන පිණිස ඔබ සැමට ආදර්ශයක් දුනිමි.
16
සැබවක් සැබවක් ඔබ සැමට කියමි- දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නැත; පණිවුඩකාරයෙක්ද තමා යැවූ තැනැත්තාට වඩා උතුම් නැත.
17
ඉඳින් මේ දේවල් දන්නාවූ ඔබ සැම ඒවා කරනවා නම් ඔබ සැම ආශීර්වාදලද්දෝය.
18
මා කථාකරන්නේ ඔබ සැම සියල්ලන් ගැන නොවේය. මා විසින් තෝරාගත්තවුන් මම දනිමි. නුමුත් මාගේ භෝජනය කන තැනැත්තා මට විරුද්ධව විලුඹ එසවූයේයයි ලියා තිබෙන ලියවිල්ල සම්පූර්ණ විය යුතුය.
19
ඒක සිද්ධවුණාම මම උන්වහන්සේමයයි ඔබ සැම විශ්වාසකරන පිණිස ඒක පැමිණෙන්ට පළමුවෙන් මෙවක් පටන් ඔබ සැමට කියමි.
20
සැබැවක් සැබැවක් ඔබ සැමට කියමි-මා විසින් එවනලද කවරෙකු නුමුත් පිළිගන්නා මා පිළිගන්නේය; මා පිළිගන්නා මා එවූ තැනන්වහන්සේව පිළිගන්නේයයි කීසේක.
21
යේසුස්වහන්සේ මෙසේ කියා ආත්මයෙන් කැලඹී සාක්ෂිදෙමින්: සැබැවක් සැබැවක් ඔබ සැමට කියමි-ඔබ සැමගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.
22
ගෝලයෝ උන්වහන්සේ කවරෙකු ගැන කීසේක්දෝ කියා සැකකොට ඔවුනොවුන් දෙස බැලුවෝය.
23
යේසුස්වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙක්වූ උන්වහන්සේ ප්‍රේමකළ තැනැත්තා මේසයෙහි උන්වහන්සේගේ ළයට හාන්සිවී උන්නේය.
24
එබැවින් සීමොන් පේතෘස් ඔහුට සංඥාකොට: උන්වහන්සේ කා ගැන කථාකරනසේක්දැයි (අපට) කියන්නැයි ඔහුට කීවේය.
25
ඔහු යේසුස්වහන්සේගේ ළයට හාන්සිව හිඳිමින්ම: ස්වාමීනි, ඒ කවුදැයි උන්වහන්සේට කීවේය.
26
එවිට යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම කැබෙල්ල පොඟවා යමෙකුට දෙම්ද ඒ ඔහුමයයි කීසේක, මෙසේ උන්වහන්සේ කැබෙල්ල පොඟවා සීමොන්ගේ පුත්‍රවූ යූදස් ඉස්කාරියොත්ට දුන්සේක.
27
කැබෙල්ල ගත් පසු සාතන් ඔහුට ආවේශවිය. එබැවින් යේසුස්වහන්සේ ඔහුට කථාකොට: ඔබ කරන දේ ඉක්මනට කරන්නැයි ඔහුට කීසේක.
28
මෙය කුමක් නිසා ඔහුට කීසේක්දැයි කෑමට හිඳගත්තවුන්ගෙන් කිසිවෙක් දැනගත්තේ නැත.
29
මක්නිසාද යූදස් මුදල් පසුම්බිය දැරූ බැවින්, මංගල්‍යයට ඕනෑ දේ මිලේට ගන්න, නොහොත් දිළිඳුන්ට යමක් දෙන්න කියා යේසුස්වහන්සේ ඔහුට කීසේකැයි සමහරු සිතුවෝය.
30
එවිට ඔහු කැබෙල්ල ගෙන එකෙණෙහිම පිටතට ගියේය. රාත්රියද විය.
31
ඔහු පිටතට ගිය කල යේසුස්වහන්සේ කියනසේක්: දැන් මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පැමුණුණේය, දෙවියන්වහන්සේද ඔහු තුළ මහිමයට පැමිණිසේක;
32
දෙවියන්වහන්සේ තමන් තුළම ඔහුව මහිමයට පමුණුවනසේක, උන්වහන්සේ ඔහුව වහාම මහිමයට පමුණුවනසේක.
33
දරුවෙනි, මා ඔබ සැම සමඟ සිටින්නේ තව ස්වල්ප වේලාවක්ය. ඔබ සැම මා සොයනවා ඇත. මා යන තැනට එන්ට ඔබ සැමට බැරියයි යුදෙව්වරුන්ට කී ලෙසම දැන් ඔබ සැමටත් කියමි.
34
මා ඔබ සැමට ප්‍රේමකළාක්මෙන් ඔබ සැමත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම ඔබ සැමට දෙමි.
35
ඔබ සැම එකිනෙකාට ප්‍රේමකරනවා නම්, ඔබ සැම මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි කීසේක.
36
සීමොන් පේතෘස් උන්වහන්සේට කථාකොට: ස්වාමීනි, ඔබ කොතැනට යනසේක්දැයි ඇසුවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මා යන තැනට දැන් මා අනුව එන්ට ඔබට බැරිය; නුමුත් පසුව එන්නෙහියයි කීසේක.
37
පේතෘස් උන්වහන්සේට කථාකොට: ස්වාමීනි, දැන්ම ඔබ අනුව මට එන්ට බැරි මක්නිසාද? ඔබ නිසා මාගේ ජීවිතය දෙමියි කීවේය.
38
යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබ මා නිසා ඔබේ ජීවිතය දෙන්නෙහිද? සැබැවක් සැබැවක් ඔබට කියමි-ඔබ මා නාඳුනමියි තුන්වරක් කියන තෙක් කුකුළා හඬලන්නේ නැතැයි කීසේක.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21