bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
John 15
John 15
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 16 →
1
මම සැබෑවූ මිදිවැලය, මාගේ පියාණන්වහන්සේ ගොවියාය.
2
මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක.
3
මා විසින් ඔබ සැමට කී වචනය කරණකොටගෙන ඔබ සැම දැන් පවිත්‍රය.
4
මා තුළ පැවතෙන්න, මමත් ඔබ සැම තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, ඔබ සැම මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට ඔබ සැමට බැරිය.
5
මිදිවැල මමය, ඔබ සැම අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට ඔබ සැමට බැරිය.
6
යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.
7
ඔබ සැම මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය ඔබ සැම තුළෙහි පවතී නම්, ඔබ සැම කැමති දෙයක් ඉල්ලන්න, එවිට ඔබ සැමට ලැබේ.
8
මාගේ පියාණන්වහන්සේට ගෞරව ලැබෙන්නේ ඔබ සැම විසින් බොහෝ ඵල දැරීමෙන්ය; මෙසේ ඔබ සැම මාගේ ගෝලයෝ වන්නෝය.
9
පියාණන්වහන්සේ මට ප්‍රේමකළාක්මෙන්ම මමත් ඔබ සැමට ප්‍රේමකෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න.
10
මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම ඔබ සැමත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.
11
මාගේ ප්‍රීතිය ඔබ සැම තුළෙහි පවතින පිණිසද ඔබ සැමගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසද මේ දේවල් ඔබ සැමට කීවෙමි.
12
මාගේ ආඥාව නම් මා ඔබ සැමට ප්‍රේමකළාක්මෙන් ඔබ සැමත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය.
13
යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.
14
මා ඔබ සැමට ආඥාකරන දේ ඔබ සැම කරනවානම්, ඔබ සැම මාගේ මිත්‍රයෝය.
15
දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් ඔබ සැමට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල ඔබ සැමට දැන්වූ බැවින් ඔබ සැම මිත්‍රයෝයයි කීමි.
16
ඔබ සැම මා තෝරාගත්තා නොව මම ඔබ සැම තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ ඔබ සැම ගොස් ඵල දරන පිණිසත් ඔබ සැමගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඔබ සැම ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ ඔබ සැමට දෙන පිණිසත්ය.
17
මේ දේවල් මා ඔබ සැමට අණකරන්නේ ඔබ සැම එක් එක්කෙනාට ප්‍රේමකරන පිණිසය.
18
ලෝකයා ඔබ සැමට වෛරවෙනවා නම්, ඔබ සැමට පළමුවෙන් මට වෛරවුණ බව ඔබ සැම දනිහුය.
19
ඔබ සැම ලෝකයට අයිති නම්, ලෝකයා තමුන්ගේම අයට ආදරේවන්නෝය. නුමුත් ඔබ සැම ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් ඔබ සැම තෝරාගත් නිසාත් ලෝකයා ඔබ සැමට වෛරවෙති.
20
දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේයයි ඔබ සැමට මා කී වචනය සිහිකරන්න. ඔව්හු මට පීඩාකළෝනම් ඔබ සැමටත් පීඩාකරන්නෝය; මාගේ වචනය රක්ෂාකළෝ නම් ඔබ සැමගේ වචනයත් රක්ෂාකරන්නෝය.
21
නුමුත් ඔවුන් මා එවූ තැනන්වහන්සේව නාඳුනන බැවින් මාගේ නාමය නිසා මේ සියල්ල ඔබ සැමට කරනවා ඇත.
22
මම ඇවිත් ඔවුන්ට කථා නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. නුමුත් දැන් ඔවුන්ගේ පාපය ගැන ඔව්හු නිරුත්තරව සිටිති.
23
මට වෛරවෙන්නා මාගේ පියාණන්වහන්සේටත් වෛරවෙන්නේය.
24
වෙන කිසිවෙකු විසින් නොකළ ක්‍රියා මම ඔවුන් අතරෙහි නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. නුමුත් දැන් ඔව්හු මාද මාගේ පියාණන්වහන්සේද දැක වෛරවූවෝය.
25
(මෙසේ වුණේ) ඔව්හු නිෂ්කාරණයේ මට වෛරවුණෝයයි ඔවුන්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන වචනය සම්පූර්ණවන පිණිසය.
26
නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් ඔබ සැමට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක.
27
පටන්ගැන්මේ සිට ඔබ සැම මා සමඟ සිටි බැවින් ඔබ සැමත් සාක්ෂිදෙන්නහුය.
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
Recommended Reading
Commentary
John Commentaries
→
Devotional
John Devotional Guide
→
Get This Bible
SROV Study Bible
→