bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
John 2
John 2
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 3 →
1
තුන්වෙනිදා ගලීලයේ කානාහි සරණ මංගල්‍යයක් විය; යේසුස්වහන්සේගේ මෑණියෝද එහි සිටියාය.
2
යේසුස්වහන්සෙත් උන්වහන්සේගේ ගෝලයොත් සරණ මංගල්‍යයට කැඳවනු ලැබුවෝය.
3
මුද්‍රිකපානය ඉවරවූ කල: ඔවුන්ට මුද්‍රිකපානය නැතැයි යේසුස්වහන්සේගේ මෑණියෝ උන්වහන්සේට කීවාය.
4
යේසුස්වහන්සේද: ස්ත්‍රිය, ඔබෙන් මට කම මොකද? මාගේ වේලාව තවම පැමුණුණේ නැතැයි ඈට කීසේක.
5
උන්වහන්සේගේ මෑණියෝ: උන්වහන්සේ ඔබ සැමට කියන කොයි දෙයක් නුමුත් කරන්නැයි මෙහෙකරුවන්ට කීවාය.
6
යුදෙව්වරුන්ගේ පවිත්‍රවීමේ ප්‍රකාරයට එක එකේ මෙත්‍රෙ දෙකක් තුනක් පමණ වතුර අල්ලන්නාවූ ගල් භාජන හයක් එහි තබා තිබුණේය.
7
භාජනවල වතුර පුරවන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු ඒවා කට දක්වා පිරෙවුවෝය.
8
උන්වහන්සේද: ඉතින් එයින් අරන් මංගල්‍යයේ ප්‍රධානියා ළඟට ගෙනියන්නැයි ඔවුන්ට කීසේක. ඔව්හු ගෙනගියෝය.
9
මංගල්‍යයේ ප්‍රධානියා මුද්‍රිකපානයවූ වතුර රස බලා, ඒවා කොතැනින් වීදැයි වතුර ගෙනා මෙහෙකරුවන් දන්න නුමුත් ඔහු නොදැන, මනමාලයාට අඬගසා:
10
කවුරුත් පළමුකොට හොඳ මුද්‍රිකපානයද මිනිසුන් හොඳටම බීවායින් පසු බාල මුද්‍රිකපානයද දෙති. ඔබ මේ වන තුරු හොඳ මුද්‍රිකපානය තබා ගෙන සිටියෙහියයි ඔහුට කීවේය.
11
යේසුස්වහන්සේ ගලීලයේ කානාහිදී තමන් ලකුණුවලින් මේ පළමුවෙනි එක කර, ස්වකීය මහිමය ප්‍රකාශකළසේක; උන්වහන්සේගේ ගෝලයෝද උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.
12
ඉන්පසු උන්වහන්සේද උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද ගෝලයෝද කපර්ණවුමට ගියෝය. නුමුත් ඔවුන් බොහෝ දවස් එහි නැවතුණේ නැත.
13
යුදෙව්වරුන්ගේ පාස්කුව ළංව තිබුණේය, යේසුස්වහන්සේද යෙරුසලමට ගියසේක.
14
එවිට දේවමාළිගාවෙහි ගවයන් බැටළුවන් හා පරෙවියන් විකුණන්නන්ද මිල මාරුකරන්නන්ද වාඩිව ඉන්නවා දැක,
15
ලනුවලින් කසයක් සාදා, බැටළුවන්ද ගවයන්ද මාළිගාවෙන් පිටතට එළවා, මිල මාරුකරන්නන්ගේ මිල විසුරුවා මේස පෙරළාදැමූසේක.
16
තවද උන්වහන්සේ පරෙවියන් විකුණන්නන්ට කථාකොට: මේ දේවල් මෙතැනින් අරන් යන්න; මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳාම් ගෙයක් නොකරන්නැයි කීසේක.
17
ඔබගේ ගෘහය ගැන ඇති ජ්වලිතය මා දවන්නේයයි ලියා තිබෙන බව උන්වහන්සේගේ ගෝලයන්ට මතක්විය.
18
එකල යුදෙව්වරු: ඔබ මේ දේවල් කරන බැවින් මොන ලකුණක් අපට පෙන්වන්නෙහිදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
19
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මේ මාළිගාව කඩාදමන්න, එවිට තුන් දවසකින් එය නැගුටුවන්නෙමියි කීසේක.
20
යුදෙව්වරු කථාකොට: මේ මාළිගාව ගොඩනැගීමට සතළිස් සාවුරුද්දක් ගතවිය, ඔබ ඒක තුන් දවසකින් නැගුටු වන්නෙහිදැයි කීවෝය.
21
නුමුත් උන්වහන්සේ කථාකළේ තමන්ගේ ශරීරය නැමති මාළිගාව ගැනය.
22
එබැවින් උන්වහන්සේ මේක කී බව යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු උන්වහන්සේගේ ගෝලයෝ සිහිකර, ලියවිල්ලද උන්වහන්සේ කී වචනයද විශ්වාසකළෝය.
23
උන්වහන්සේ පාස්කු මංගල්‍යයේදී යෙරුසලමෙහි සිටි කල්හි බොහෝ දෙනෙක් උන්වහන්සේ කළ ලකුණු දැක, උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගත්තෝය.
24
නුමුත් යේසුස්වහන්සේ සියල්ලන් දන්නා බැවින්ද මනුෂ්‍යයා තුළ තිබෙන්නේ කුමක්දැයි දන්න නිසා,
25
මනුෂ්‍යයා ගැන යමෙකුගේ සාක්ෂියෙන් උන්වහන්සේට ඕනෑකමක් නැති බැවින්ද තමන්ම ඔවුන්ට භාර නුවූසේක.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21