bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
John 20
John 20
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 21 →
1
සතියේ පළමුවෙනිදා අලුයම් වේලේ, අඳුර තිබියදීම, මග්දලායේ මරියා සොහොන්ගේ ළඟට ගොස්, සොහොන්ගෙයින් ගල අහක්කොට තිබෙන බව දුටුවාය.
2
එහෙයින් ඈ සීමොන් පේතෘස් ළඟටද යේසුස්වහන්සේ ප්‍රේමකළ අනික් ගෝලයා ළඟටද දුවගොස්: ඔවුන් ස්වාමීන්වහන්සේව සොහොන්ගෙයින් අහක්කොට ගෙනගොස් තිබේ, උන්වහන්සේව කොතැන තැබුවාද කියා අපි නොදනිමුයයි ඔවුන්ට කීවාය.
3
එබැවින් පේතෘස්ද අනික් ගෝලයාද පිටත්ව සොහොන් ගේ දෙසට ගියෝය.
4
ඔවුන් දෙදෙන එක්ව දිවුවෝය. අනික් ගෝලයා පේතෘස් පසුකර දුවගොස්, පළමුකොට සොහෙන්ගෙය ළඟට පැමිණ,
5
නැමී බලා, සිහින් හණරෙදි එහි තිබෙනවා දුටුවේය; නුමුත් ඇතුළට ගියේ නැත.
6
සීමොන් පේතෘස් ඔහුට පසුව පැමිණ, සොහොන්ගේ ඇතුළට ගොස්,
7
හණරෙදි තිබෙන බවත්, උන්වහන්සේගේ හිසේ තිබුණු රෙදිකඩ හණරෙදි සමඟ නැතුව වෙනම එක්තැනක අකුළා තබා තිබෙන බවත් දුටුවේය.
8
එකල පළමුකොට සොහොන්ගේ ළඟට ආවාවූ ඒ අනික් ගෝලයාද ඇතුළට ගොස්, දැක විශ්වාසකෙළේය.
9
මක්නිසාද උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටින්ට ඕනෑයයි ලියනලද ලියවිල්ල ඒතාක්කල් ඔව්හු නොදැන සිටියෝය.
10
එවිට ගෝලයෝ නැවත තමුන්ගේම ගෙවලට ගියෝය.
11
නුමුත් මරියා සොහොන්ගෙය ළඟ පිටත හඬමින් සිටියාය. මෙසේ ඈ හඬන්නී, නැමී සොහොන්ගේ ඇතුළ බැලුවාය.
12
එවිට යේසුස්වහන්සේගේ ශරීරය තබනලද ස්ථානයෙහි සුදු වස්ත්‍ර හඳනාලද දේවදූතයන් දෙදෙනෙක් එක්කෙනෙක් හිස ළඟද එක්කෙනෙක් පාද ළඟද ඉඳගෙන ඉන්නවා දුටුවාය.
13
එකල ඔව්හු: ස්ත්‍රිය, මක්නිසා හඬනවාදැයි ඇගෙන් ඇසුවෝය. ඈ ඔවුන්ට කථාකොට: මාගේ ස්වාමීන්වහන්සේව අහක්කොට ගෙනගොස් කොතැන තබනලද්දේදැයි මා නොදන්නා නිසායයි කීවාය.
14
ඈ මෙසේ කියා, ආපසු හැරී, යේසුස්වහන්සේ සිටිනවා දුටුවාය, නුමුත් ඒ යේසුස්වහන්සේ බව ඈ නොදත්තීය.
15
යේසුස්වහන්සේ: ස්ත්‍රිය, ඔබ මක්නිසා හඬනවාද? කවරෙකු සොයනවාදැයි ඇගෙන් ඇසූසේක. ඈ උන්වහන්සේ උයන්ගොව්වායයි සිතා: ස්වාමීනි, ඔබ උන්වහන්සේව ගෙනගියානම්, උන්වහන්සේ කොතැන තැබුවාද කියා මට කිව මැනව, මම උන්වහන්සේ ඉවත්කොට ගෙනයමියි කීවාය.
16
යේසුස්වහන්සේ: මරියා කියා ඈට කීසේක. ඈ හැරී හෙබ්‍රෙව් භාෂාවෙන්: රබ්බෝනියි උන්වහන්සේට කීවාය; එහි අර්ථය ආචාරිනි යනුයි.
17
යේසුස්වහන්සේ: මට අත නොගසන්න; මක්නිසාද මම තවම පියාණන්වහන්සේ වෙතට නොනැංගෙමි. නුමුත් මාගේ සහෝදරයන් ළඟට ගොස්- මම මාගේ පියාණන්වහන්සේ හා ඔබ සැමගේ පියාණන්වහන්සේද මාගේ දෙවියන්වහන්සේ හා ඔබ සැමගේ දෙවියන්වහන්සේද වෙතට නගිමියි ඔවුන්ට කියන්නැයි ඈට කීසේක.
18
මග්දලායේ මරියා ඇවිත්, ඈ ස්වාමීන්වහන්සේව දුටු බවද උන්වහන්සේ ඒ දේවල් ඈට කී බවද ගෝලයන්ට දැන්නුවාය.
19
සතියේ පළමුවෙනිවූ ඒ දවසේ සවස්වූ කල, යුදෙව්වරුන්ට භයින් දොරවල් වසා තිබෙද්දී, ගෝලයන් එක්ව සිටිතැන්හි යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: ඔබ සැමට සමාදානය වේවා කියා ඔවුන්ට කීසේක.
20
උන්වහන්සේ මෙසේ කියා, තමන්ගේ අත්ද ඇළයද ඔවුන්ට දැක්වූසේක. එවිට ගෝලයෝ ස්වාමීන්වහන්සේ දැක සන්තෝෂවූහ.
21
යේසුස්වහන්සේ: ඔබ සැමට සමාදානය වේවයි නැවතත් ඔවුන්ට කියා-පියාණන්වහන්සේ මා එවුවාක්මෙන්ම මමත් ඔබ සැම යවමියි කීසේක.
22
උන්වහන්සේ මෙසේ කියා, ඔවුන් දෙසට හුස්ම හෙළා: ශුද්ධාත්මයාණන් පිළිගන්න.
23
යමෙකුගේ පව් ඔබ සැම කමාකරවුද ඒවා ඔවුන්ට කමාකරනු ලැබේ; යමෙකුගේ පව් ඔබ සැම කමා නොකරවුද ඒවා කමාකරනු නොලැබේයයි ඔවුන්ට කීසේක.
24
යේසුස්වහන්සේ ආ කල, දොළොස් දෙනාගෙන් එක්කෙනෙක්වූ දිදිමුස් නම් තෝමස් ඔවුන් සමඟ නොසිටියේය.
25
එහෙයින් අනික් ගෝලයෝ: අපි ස්වාමීන්වහන්සේ දුටිමුයයි ඔහුට කීවෝය. නුමුත් ඔහු ඔවුන්ට කථාකොට: උන්වහන්සේගේ අත්වල ඇණ ලකුණු දැක, ඒ ලකුණුවල මාගේ ඇඟිල්ල තබා, උන්වහන්සේගේ ඇළයෙහි මාගේ අත තබා බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමියි කීවේය.
26
අට දවසකට පසු උන්වහන්සේගේ ගෝලයෝ නැවතත් ගේ ඇතුළෙහි සිටියෝය, තෝමස්ද ඔවුන් සමඟ සිටියේය. දොරවල් වසා තිබියදී යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: ඔබ සැමට සමාදානය වේවයි කීසේක.
27
එකල උන්වහන්සේ තෝමස්ට කථාකොට: ඔබේ ඇඟිල්ල මෙහි දිඟුකොට, මාගේ අත් බලන්න; ඔබේ අත දිඟුකොට, මාගේ ඇළයෙහි බහාලන්න. අවිශ්වාස නොකොට, විශ්වාසකරන්නැයි කීසේක.
28
තෝමස් උත්තරදෙමින්: මාගේ ස්වාමීනි, මාගේ දෙවියනියි උන්වහන්සේට කීවේය.
29
ඔබ මා දුටු බැවින් විශ්වාසකෙළෙහිය. නුදුටු නුමුත් විශ්වාසකළාවූ අය ආශීර්වාදලද්දෝයයි යේසුස්වහන්සේ කීසේක.
30
මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් යේසුස්වහන්සේ ගෝලයන් ඉදිරියෙහි කළසේක.
31
නුමුත් මේවා ලියනලද්දේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්වහන්සේ බව ඔබ සැම විශ්වාසකරන පිණිසත් විශ්වාසකොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය.
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 21 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21