bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Judges 13
Judges 13
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 14 →
1
ඉශ්රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය; ස්වාමීන්වහන්සේ ද ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවාදුන්සේක.
2
දාන්ගේ වංශයට අයිතිවූ ශොරාහි එක්තරා මනුෂ්‍යයෙක් විය, ඔහුගේ නම මානෝවාය; ඔහුගේ භාර්යාව වඳව දරුවන් නොලැබ සිටියාය.
3
ස්වාමීන්වහන්සේ ගේ දූතයා ඒ ස්ත්‍රීට පෙනී: බලව, ඔබ වඳව දරුවන් නොලැබ සිටිනෙහිය. නුමුත් ඔබ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නෙහිය.
4
ඒ නිසා දැන් ඉතින් ඔබ මුද්‍රික පානයවත් සැර බීමවත් නොබී අපවිත්‍ර දෙයක් නොකා සිටින හැටියට බලාගන්න.
5
මක්නිසාද ඔබ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නෙහිය; ඔහුගේ හිසට කිසි දැළිපිහියක් නොපැමිණිය යුතුය. මක්නිසාද දරුවා ගර්භයේ පටන් දෙවියන්වහන්සේට නාශරියයෙකු විය යුතුය. ඔහු පිලිස්තිවරුන්ගේ අතින් ඉශ්රායෙල් ගළවන්ට පටන්ගන්නවා ඇතැයි ඈට කීවේය.
6
එවිට ඒ ස්ත්‍රී අවුත් ඇගේ පුරුෂයාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් මා ළඟට ආයේය, ඔහුගේ පෙනීම දේවදූතයෙකුගේ පෙනීම හා සමානව ඉතා භයානකව තිබුණේය; ඔහු කොතැනින් ආවාද කියා මම නොඇසීමි, ඔහු තමාගේ නම මට දැන්නුවෙත් නැත.
7
නුමුත් ඔහු මට කථාකොට: බලව, ඔබ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නෙහිය; ඒ නිසා දැන් ඉතින් ඔබ මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබී අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටින්න. මක්නිසාද ඒ දරුවා ගර්භයේ පටන් මැරෙන දවස දක්වා දෙවියන්වහන්සේට නාශරියයෙකු විය යුතුය කියා කීයේයයි කීවාය.
8
එවිට මානෝවා ස්වාමීන්වහන්සේ ට කන්නලව්කරමින්: අහෝ ස්වාමීන්වහන්ස, ඔබ විසින් එවනලද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා නැවත අප ළඟට ඇවිත්, උපදින්නාවූ දරුවාට අප විසින් කළයුතු දේ අපට උගන්වාවයි කීවේය.
9
දෙවියන්වහන්සේ මානෝවාගේ හඬට ඇහුම්කන්දුන්සේක; දේවදූතයා ඒ ස්ත්‍රීය කෙතේ ඉන්දැද්දී නැවත ඈ ළඟට ආයේය. නුමුත් ඇගේ පුරුෂයාවූ මානෝවා ඈ ළඟ නොසිටියේය.
10
ස්ත්‍රීද ඉක්මනින් දුව ගොස්: මෙන්න එදා මා ළඟට ආ මනුෂ්‍යයා මට දැන් පෙනුණේය කියා ඇගේ පුරුෂයාට දැන්නුවාය.
11
මානෝවා නැගිට තමාගේ භාර්යාව කැටුව ගොස් ඒ මනුෂ්‍යයා ළඟට පැමිණ: මේ ස්ත්‍රීට කථාකළ මනුෂ්‍යයා ඔබදැයි ඔහුගෙන් ඇසීය. ඔහුද: මමයයි කීවේය.
12
එවිට මානෝවා: ඔබගේ වචන ලෙස සිදුවේවා. දරුවා කෙබඳු කෙනෙක් වන්නේද? ඔහුට ක්‍රියාකළ යුතු කෙසේදැයි කියා ඇසුවේය.
13
ස්වාමීන්වහන්සේ ගේ දූතයා මානෝවාට කථාකොට: මා විසින් ස්ත්‍රීයට කී සියල්ල ඈ බලාගනීවා.
14
මුද්‍රිකවැලෙන් උපදින කිසිවක් ඈ නොකා, මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබී, අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටීවා; මා විසින් ඈට අණකළ සියල්ල ඈ පවත්වාවයි කීය.
15
මානෝවා ස්වාමීන්වහන්සේ ගේ දූතයාට කථාකොට: අප විසින් ඔබට එළුපැටවෙකු පිළියෙළකරන තුරු ඔබ ප්‍රමාදකරගන්ට අපට අවසර ලැබේවයි කීවේය.
16
ස්වාමීන්වහන්සේ ගේ දූතයා: ඔබ මා ප්‍රමාදකරගන්න නුමුත් ඔබේ කෑමෙන් නොකන්නෙමි, ඔබ දවන පූජාවක් පිළියෙළකරන්ට කැමතිනම් එය ඔබ විසින් ස්වාමීන්වහන්සේ ට ඔප්පුකළ යුතුයයි මානෝවාට කීවේය. මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේ ගේ දූතයා බව මානෝවා නොදැන සිටියේය.
17
මානෝවාද: ඔබගේ වචන ලෙස සිද්ධවූ කල අප විසින් ඔබට ගෞරව කරන පිණිස ඔබගේ නාමය කිමෙක්දැයි ස්වාමීන්වහන්සේ ගේ දූතයාගෙන් ඇසුවේය.
18
ස්වාමීන්වහන්සේ ගේ දූතයාද: ඔබ මාගේ නාමය ගැන විචාරන්නේ මක්නිසාද? ඒක පුදුමයයි කීවේය.
19
එවිට මානෝවා එළුපැටවාත් ආහාර පූජාවත් ගෙනැවිත් ස්වාමීන්වහන්සේ ට පර්වතය පිට පූජා කෙළේය, එවිට දේවදූතයා පුදුම ලෙස කෙළේය, මානෝවා සහ ඔහුගේ භාර්යාව බලාගන සිටියෝය.
20
මක්නිසාද ගිනිදැල පූජාසනයෙන් අහස දෙසට නැගීගියේය, ස්වාමීන්වහන්සේ ගේ දූතයා පූජාසනයේ ගිනි දැලෙහි නැගී ගියේය. මානෝවාද ඔහුගේ භාර්යාවද බලාගන සිටියෝය. ඔව්හු මුහුණින් බිම වැටුණෝය.
21
ස්වාමීන්වහන්සේ ගේ දූතයා තවත් මානෝවාටවත් ඔහුගේ භාර්යාවටවත් නොපෙනුණේය. එවිට මානෝවා ඔහු ස්වාමීන්වහන්සේ ගේ දූතයා බව දැනගත්තේය.
22
මානෝවා: අප දෙවියන්වහන්සේ දුටු නිසා ඒකාන්තයෙන් නසිනවා ඇතැයි තමාගේ භාර්යාවට කීවේය.
23
නුමුත් ඔහුගේ භාර්යාව: ස්වාමීන්වහන්සේ අප නසන්ට කැමැතිසේක්නම් උන්වහන්සේ අප අතින් දවන පූජාවක් හා ආහාර පූජාවක් පිළිගන්නේවත් උන්වහන්සේ මේ සියල්ල අපට පෙන්වන්නේවත් මේ කාලයේදී අපට මෙබඳු දේවල් දන්වන්නේවත් නැතැයි ඔහුට කීවාය.
24
ඒ ස්ත්‍රී තොමෝ පුත්‍රයෙකු බිහිකර ඔහුට සම්සොන් යන නම තැබුවාය. දරුවා වැඩුණේය, ස්වාමීන්වහන්සේ ඔහුට ආශීර්වාදකළසේක.
25
ස්වාමීන්වහන්සේ ගේ ආත්මයද ශොරාටත් ඒෂ්තායොල්ටත් අතරෙහි වූ මහෙන්-දාන්හිදී ඔහු ක්‍රියාවෙහි පොළඹවන්ට පටන්ගත්තේය.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21