bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Judges 15
Judges 15
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 16 →
1
ස්වල්ප දවසකට පසු තිරිඟු කපන කාලයේදී සම්සොන් එළු පැටවකු රැගෙන තමාගේ භාර්යාව බලන්ට ගොස්: මාගේ භාර්යාව වෙතට ඇතුල් ගෙට යමියි කීය. එහෙත් ඇගේ පියා ඔහුට යන්ට නොදී:
2
සැබවින් ඔබ ඈට මුළුමනින්ම වෛරවුණායයි සිතා මම ඈ ඔබේ යහළුවාට දුනිමි. ඇගේ බාල සහෝදරී ඈට වඩා ලක්ෂණ නොවේද? ඈ වෙනුවට මෑ පාවාගන්නැයි ඔහුට කීවේය.
3
සම්සොන්ද: මා පිලිස්තිවරුන්ට අනදරයක් කරන විට මේ වතාවේ ඔවුන් අරබයා මම නිදොස්යයි ඔවුන්ට කීවේය.
4
සම්සොන් ගොස් හිවලුන් තුන්සියයක් අල්ලාගන හුළුඅතු අරන් උන්ගේ වල්ගා දෙකක් බැගින් එකට බැඳ, ඒ වල්ගා දෙක මැද හුලු අත්තක් බැගින් තබා,
5
එහි ගිනි අවුළා, පිලිස්තිවරුන්ගේ ගොයම් අතරට යන්ට හැරියේය, කැපූ ගොයම් මිටිද නොකැපූ ගොයම්ද ඔලීව වතුද එයින් දාලා ගියේය.
6
එවිට පිලිස්තිවරු: මේක කළේ කවුදැයි ඇසුවෝය. තිම්නීයයාගේ බෑනාවූ සම්සොන්ය, ඔහු සම්සොන්ගේ භාර්යාව අරගෙන ඔහුගේ යහළුවාට දුන් නිසා මෙසේ කෙළේයයි මිනිස්සු කීවෝය. පිලිස්තිවරු අවුත් ඈත් ඇගේ පියාත් ගින්නෙන් දවා දැමුවෝය.
7
සම්සොන් ඔවුන්ට කථාකොට: ඉදින් ඔබ සැම මෙයාකාර කරනවානම් සැබවින් ඔබ සැමගෙන් පළිගන්නෙමි, ඉන්පසු නවතින්නෙමියි ඔවුන්ට කීය.
8
ඔහු ඔවුන්ට ගිය ගිය අතේ පහරදී මහත් මැරීමක් කෙළේය. පසුව ඔහු ගොස් ඒතාම් පර්වතයේ විවරයෙහි නැවතී සිටියේය.
9
එකල පිලිස්තිවරු පිටත්ව ගොස් යූදාහි කඳවුරු බැඳ ලෙහියේ පැතිර සිටියෝය.
10
යූදා මනුෂ්‍යයෝ: කුමක් හෙයින් ඔබ සැම අපට විරුද්ධව ආවහුදැයි ඇසුවෝය. ඔව්හුද: සම්සොන් බැඳ ඔහු අපට කළ හැටියට ඔහුට කරන පිණිස ආවෙමුයයි කීවෝය.
11
එවිට යූදා මනුෂ්‍යයන්ගෙන් තුන් දහසක් ඒතාම් පර්වත විවරය ළඟට බැස සම්සොන්ට කථාකොට: පිලිස්තිවරුන් අප කෙරෙහි ආණ්ඩුකරන බව ඔබ දන්නේ නැද්ද? එහෙනම් ඔබ මේ අපට කරලා තිබෙන්නේ මොකදැයි කීවෝය. ඔවුන් මට කළ ලෙසම මමත් ඔවුන්ට කෙළෙමියි ඔහු කීය.
12
ඔව්හුද: ඔබ බැඳ පිලිස්තිවරුන් අතට පාවාදෙන පිණිස අපි ආවෙමුයයි ඔහුට කීවෝය. සම්සොන්ද: ඔබ සැමම මට පහර නොදෙන හැටියට දිවුරුම් දෙන්නැයි ඔවුන්ට කීවේය.
13
ඔව්හුද: ඔබ බැඳ ඔවුන් අතට පාවා දෙනවා මිස සැබවින් අපි ඔබ නොමරන්නෙමුයයි ඔහුට කියා, අලුත් ලනු දෙකකින් ඔහු බැඳ, පර්වතයෙන් ගෙනාවෝය.
14
ඔහු ලෙහියට පැමිණිකල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැගුවෝය. ස්වාමීන්වහන්සේ ගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ අත් බැඳ තිබුණු ලනු ගින්නෙන් දාලාගිය හණ මෙන් විය, තවද ඔහුගේ අත්වලින් බැඳුම් ලිහී වැටුණේය.
15
ඔහු කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිඟුකොට ඒක ගෙන එයින් මිනිසුන් දහසක් මැරීය.
16
එවිට සම්සොන්: කොටළු හකු ඇටයකින් ගොඩවල් පිට ගොඩවල් ගසා, එසේය, කොටළු හකු ඇටයකින් මනුෂ්‍යයන් දහසක් මැරුවෙමියි කීවේය.
17
ඔහු කථාකර තීන්දුවූ විට තමාගේ අතෙන් හකු ඇටය වීසිකොට, එතැනට රාමත්-ලෙහිය යන නම තැබුවේය.
18
එවිට ඔහු ඉතා පිපාසිතව ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකොට: ඔබගේ මෙහෙකරුවා ලවා ඔබම මේ මහත් ගැළවීම දුන්සේක. දැන් මම පිපාසායෙන් නැසී අචර්මඡේදිතයන්ගේ අතට අසුවන්නෙම්දැයි කීවේය.
19
දෙවියන්වහන්සේද ලෙහියෙහි තිබෙන කුහර තැනක් විවරකළසේක, එයින් වතුර නික්මුණේය; ඔහු බිවූ කල ශක්තිය ලැබ ප්‍රාණවත් වුණේය. එබැවින් ඒ ස්ථානයට එන්-හක්කෝරේ යන නම තබනලදී, එය අද දවස දක්වා ලෙහියේ තිබේ.
20
ඔහු පිලිස්තිවරුන්ගේ දවස්වල විසි අවුරුද්දක් ඉශ්රායෙල්වරුන් විනිශ්චයකෙළේය.
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21