bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Judges 6
Judges 6
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 7 →
1
ඉශ්රායෙල් පුත්‍රයෝ වනාහි ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ස්වාමීන්වහන්සේ ඔවුන් මිදියන්වරුන් අතට සත් අවුරුද්දකට පාවාදුන්සේක.
2
මිදියන්වරුන්ගේ අත ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව ජයගත්තේය. මිදියන්වරුන් නිසා ඉශ්රායෙල් පුත්‍රයෝ කඳුවල තිබෙන බිම්ගෙවල්ද ගුහාවල්ද කොටුද සාදාගත්තෝය.
3
ඉශ්රායෙල්වරුන් වැපුරුවාට පසු මිදියන්වරුද අමෙලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද ඔවුන්ට විරුද්ධව ඇවිත්,
4
ඔවුන්ට විරුද්ධව කඳවුරු බැඳ, ගාසා දොරටු දක්වා පොළොවේ භෝග ඵල නාස්තිකළෝය, ඔව්හු ආහාරවත් එළුබැටළුවන්වත් ගවයන්වත් කොටළුවන්වත් ඉශ්රායෙල්වරුන්ට ඉතිරිනොකළෝය.
5
මක්නිසාද ඔව්හු තමුන්ගේ ගවයන්ද කූඩාරම්ද ඇතුව නැගී ආවෝය, ඔව්හුද ඔවුන්ගේ ඔටුවෝද ගණනින් පළඟැටියන් මෙන් ගණනාවක් නැතුව ඇවිත්, දේශය විනාශකරන පිණිස එහි ඇතුල්වුණෝය.
6
මිදියන්වරුන් නිසා ඉශ්රායෙල්වරු ඉතා පහත් භාවයට පැමිණියාහ; එවිට ඉශ්රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ට මොරගැසුවෝය.
7
තවද ඉශ්රායෙල් පුත්‍රයන් මිදියන්වරුන් නිසා ස්වාමීන්වහන්සේ ට මොරගැසූ කල,
8
ස්වාමීන්වහන්සේ ප්‍රොපේත කෙනෙකු ඉශ්රායෙල් පුත්‍රයන් වෙතට එවූසේක. ඔහු ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මම ඔබ සැම මිසරයෙන් ගෙනැවිත්, ඔබ සැම වහල්කමේ ගෙයින් පිටතට පැමිණෙවුවෙමි;
9
මිසරවරුන්ගේ අතින්ද ඔබ සැමට පීඩාකළ සියල්ලන්ගේ අතින්ද ඔබ සැම නිදහස්කර, ඔබ සැම ඉදිරියෙන් ඔවුන් පන්නාදමා, ඔවුන්ගේ දේශය ඔබ සැමට දුනිමි;
10
මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය කියාද ඔබ සැම වාසයකරන දේශයේ සිටි අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට භයනොවන්න කියාද ඔබ සැමට කීයෙමි. එහෙත් ඔබ සැම මාගේ හඬට ඇහුම්කන් දුන්නේ නැතැයි කියනසේකැයි කීවේය.
11
ස්වාමීන්වහන්සේ ගේ දූතයා ඇවිත් අබියෙශ්‍රීය යෝවාෂ්ට අයිතිවූ ඔප්‍රාහි තිබෙන අලෝන ගස යට හිඳගත්තේය. යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඩිමින් සිටියේය.
12
ස්වාමීන්වහන්සේ ගේ දූතයා ඔහුට පෙනී: ධෛර්යමත් බලවත් මනුෂ්‍යය, ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි කීය.
13
ගිඩියොන් ඔහුට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක් නම් මේ සියල්ල අපට සිද්ධවී තිබෙන්නේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අප මිසරයෙන් ගෙනාවා නොවේද කියා අපේ පියවරුන් අපට කියාදුන් උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොයිද? දැන් නම් ස්වාමීන්වහන්සේ අප අත්හැරදමා මිදියන්වරුන් අතට අප පාවාදුන්සේකැයි කීවේය.
14
ස්වාමීන්වහන්සේ ඔහු දෙස බලා: ඔබේ මේ බලවත්කමින් ගොස් මිදියන්වරුන් අතින් ඉශ්රායෙල් ගළවන්න. මා ඔබ යැවුවා නොවේදැයි කීසේක.
15
ඔහු උන්වහන්සේට කථාකොට: අහෝ, ස්වාමිනි, කුමකින් මම ඉශ්රායෙල් ගළවාගනිම්ද? බැලුව මැනව, මාගේ පවුල මනස්සේහි ඉතා දිළිඳු පවුලය, මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමියි කීවේය.
16
ස්වාමීන්වහන්සේ ද: සැබවින් මම ඔබ සමඟ සිටින්නෙමි, ඔබ එක්කෙනෙකුට මෙන් මිදියන්වරුන්ට පහරදෙන්නෙහියයි ඔහුට කීසේක.
17
ඔහු උන්වහන්සේට කථාකොට: දැන් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබේනම්, ඔබ මා සමඟ කථාකරන බවට ලකුණක් මට පෙන්නුව මැනව.
18
ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් ඔබ ඉදිරියෙහි තබන තෙක් මෙතැනින් නොගිය මැනවයි කීවේය. උන්වහන්සේද: ඔබ හැරී එන තුරු මම නවතින්නෙමියි කීසේක.
19
ගිඩියොන් ඇතුළට ගොස් එළුපැටියෙක්ද ඒඵාවක පිටිවලින් මුහුන් නොදැමූ රොටිද සූදානම්කොට, මස් පෙට්ටියක තබා, සොදි භාජනයක වත්කොට, අලෝන ගස යටට ගෙනවුත් උන්වහන්සේට ඔප්පුකෙළේය.
20
දෙවියන්වහන්සේගේ දූතයා: මස් සහ මුහුන් නොදැමූ රොටි අරන් මේ ගල පිට තබා, සොදි වත්කරන්නැයි ඔහුට කීය. ඔහු එසේ කෙළේය.
21
එවිට ස්වාමීන්වහන්සේ ගේ දූතයා තමාගේ අතේ තිබුණු සැරයටියේ අග දිගුකොට මස්වලටත් මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේය; එවිට පර්වතයෙන් ගිනි මතුවී මස්ද මුහුන් නොදැමූ රොටිද දවාදැමුවේය; ස්වාමීන්වහන්සේ ගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේය.
22
ඒ ස්වාමීන්වහන්සේ ගේ දූතයා බව ගිඩියොන් දැක: අහෝ, ස්වාමිවූ දෙවියන්වහන්ස! මක්නිසාද මම ස්වාමීන්වහන්සේ ගේ දූතයා මුහුණට මුහුණලා දුටිමියි කීය.
23
ස්වාමීන්වහන්සේ: ඔබට සමාදානය වේවා; භයනොවන්න. ඔබ නසින්නේ නැතැයි ඔහුට කීසේක.
24
එවිට ගිඩියොන් එහි ස්වාමීන්වහන්සේ ට පූජාසනයක් ගොඩනගා, යෙහෝවා-ෂාලොම් යන නාමය ඊට තැබුවේය. එය අද දවස දක්වා අබියෙශ්‍රීවරුන්ට අයිති ඔප්‍රාහි තිබේ.
25
තවද එදාම රෑ ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: ඔබේ පියාට අයිති ගොනා එනම් සත් අවුරුදු වයස් ඇති දෙවෙනි ගොනා ගෙන ගොස්, ඔබේ පියාට තිබෙන බාල්ගේ පූජාසනය කඩාදමා, ඒ ළඟ තිබෙන අෂේරා කණුව කපාදමා,
26
මේ බලකොටුව මුදුනේ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පූජාසනයක් නිසි පිළිවෙළට සාදා, දෙවෙනි ගොනා ගෙන ඔබ කපන්නාවූ අෂේරා කණුවේ ලීවලින් ඌ දවන පූජාවක්කොට ඔප්පුකරන්නැයි කීසේක.
27
එවිට ගිඩියොන් තමාගේ වැඩකාරයන්ගෙන් දසදෙනෙකුන් කැඳවාගෙන ස්වාමීන්වහන්සේ ඔහුට කී ලෙස කෙළේය. ඔහු තමාගේ පියාගේ ගෙයි වැසියන් නිසාත් නුවර වැසියන් නිසාත් එය දවාලේදී කරන්ට භයව රාත්රියේදී කෙළේය.
28
නුවර මනුෂ්‍යයන් අලුයම නැගුටුණු විට, බලව, බාල්ගේ පූජාසනය කඩාදමා තිබුණේය, ඒ ළඟ තිබුණු අෂේරා කණුව කපන ලදුව, ගොඩනැගූ පූජාසනය පිට දෙවෙනි ගොනා පූජාකර තිබුණේය.
29
මේක කෙළේ කවුදැයි ඔවුන් එකිනෙකාගෙන් අසා සෙවූ කල, යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් මේක කෙළේයයි ඔවුන්ට කියන ලද්දේය.
30
එවිට නුවර මනුෂ්‍යයෝ යෝවාෂ්ට කථාකොට: ඔබේ පුතා බාල්ගේ පූජාසනය කඩාදැමූ නිසාද ඒ ළඟ තිබුණු අෂේරා කණුව කැපූ නිසාද ඔහු මරන පිණිස පිටතට ගෙනෙන්නැයි කීවෝය.
31
යෝවාෂ්ද තමාට විරුද්ධව සිටි සියල්ලන්ට කථාකොට: ඔබ සැම බාල් උදෙසා කාරණා කියනවාද? නොහොත් ඔබ සැම ඔහු ගළවන්ට හදනවාද? ඔහු උදෙසා කාරණා කියන්ට කැමති තැනැත්තේ උදයව තිබෙද්දීම මරනු ලැබේවා. ඔහු දෙවිකෙනෙක් නම් යමෙක් ඔහුගේ පූජාසනය කඩාදැමුවාට ඔහුම තමා උදෙසා කාරණා කියාවයි කීවේය.
32
ඔහු බාල්ගේ පූජාසනය කඩාදැමූ නිසා බාල්ම ඔහුට විරුද්ධව කාරණා කියාවයි කියා ඒ දවසේදී ඔහුට යෙරුබ්බාල් යන නම තැබුවේය.
33
එවිට සියලු මිදියන්වරුද අමලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද එකට රැස්ව මෙගොඩට ඇවිත් යෙශ්‍රෙයෙල් මිටියාවෙත් කඳවුරු බැඳගත්තෝය.
34
ස්වාමීන්වහන්සේ ගේ ආත්මය ගිඩියොන් කෙරෙහි පහළවූයේය; ඔහු හොරණෑවක් පිම්බේය; එවිට අබියෙශෙර්වරු ඔහු ළඟට රැස්වූහ.
35
ඔහු මනස්සේ මුළුල්ලෙහි පණිවිඩකාරයන් යැවීය; ඔව්හුද ඔහු ළඟට රැස්වූහ. ඔහු ආෂෙර්වරුන්ද සාබුලොන්වරුන්ද නප්තලීවරුන්ද වෙතටත් පණිවිඩකාරයන් ඇරියේය; ඔව්හු ඔවුන් සම්මුඛවන පිණිස ආවෝය.
36
ගිඩියොන් දෙවියන්වහන්සේට කථාකොට: ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉශ්රායෙල් ගළවනසේක් නම්,
37
බැලුව මැනව, මම බැටළුලොම් මිටියක් පාවරේ තබන්නෙමි; ලොම් මිටිය පිට පමණක් පිනි ඇතුව මුළු බිම වියළී තිබුණොත් ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉශ්රායෙල් ගළවන බව එයින් මම දැනගන්නෙමියි කීවේය.
38
ඒ එසේ සිද්ධවිය. ඔහු පසුවදා අලුයම නැගිට ලොම් මිටියෙන් පිනි මිරිකා තැටියක් පුරා වතුර මිරිකා හැරියේය.
39
තවද ගිඩියොන් දෙවියන්වහන්සේට කථාකොට: ඔබවහන්සේගේ උදහස මට විරුද්ධව නොඇවිළේවා, මේ වර පමණක් කථාකරන්නෙමි. මේ වර පමණක් ලොම් මිටියෙන් විමසන්ට මට අවසර ලැබේවා; මුළු බිම පිට පිනි තිබෙද්දී ලොම් මිටිය පමණක් වියළී තිබේවයි කීවේය.
40
දෙවියන්වහන්සේ ඒ රාත්‍රියේ එසේ කළසේක. මුළු බිම පිට පිනි තිබෙද්දී ලොම් මිටිය පමණක් වියළී තිබුණේය.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21