bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Judges 2
Judges 2
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 3 →
1
ස්වාමීන්වහන්සේ ගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට ඇවිත් කථාකොට: මම ඔබ සැම මිසරයෙන් පිටතට පමුණුවා, ඔබ සැමගේ පියවරුන්ට දිවුළ දේශයටද ඔබ සැම ගෙනායෙමි; ඔබ සැම සමඟ මාගේ ගිවිසුම කිසිකලකත් කඩනොකරන්නෙමියි කියාද,
2
මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට ඔවුන්ගේ පූජාසන කඩාදමන්නය කියාද කීවෙමි. නුමුත් ඔබ සැම මාගේ හඬට ඇහුම්කන් නුදුන්නහුය. ඔබ සැම මෙසේ කළේ මක්නිසාද?
3
එබැවින්: මම ඔබ සැම ඉදිරියෙන් ඔවුන් පන්නා නොදමන්නෙමි; ඔව්හු ඔබ සැමගේ ඇලපත්වලට කටු මෙන් වන්නෝය, ඔවුන්ගේ දෙවිවරු ඔබ සැමට මළපතක්ව සිටින්නෝයයි කීමියි කීසේක.
4
තවද ස්වාමීන්වහන්සේ ගේ දූතයා සියලු ඉශ්රායෙල් පුත්‍රයන්ට මේ වචන කී විට සෙනඟ ශබ්දනගා හැඬුවෝය.
5
ඔව්හු ඒ ස්ථානයට බෝකීම් යයි නම් තබා එහිදී ස්වාමීන්වහන්සේ ට පූජා ඔප්පු කළෝය.
6
යෝෂුවා සෙනඟ යන්ට හැරිය කල ඉශ්රායෙල් පුත්‍රයෝ දේශය හිමිකරගන්න පිණිස තම තමුන්ගේ උරුමවලට ගියෝය.
7
සෙනඟ යෝෂුවාගේ සියලු දවස්වලද යෝෂුවාට පසුවත් ජීවත්ව සිටියාවූ, ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලුම මහත් ක්‍රියා දුටුවාවූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලද ස්වාමීන්වහන්සේ ට සේවයකළෝය.
8
ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එකසිය දස අවුරුද්දක් වයස්ව මළේය.
9
ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගයෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළෝය.
10
ඒ මුළු පරම්පරාවද තමුන්ගේ පියවරුන්ට එකතුවුණේය. ඔවුන්ට පසුව ස්වාමීන්වහන්සේ වත් ඉශ්රායෙල් උදෙසා උන්වහන්සේ කළ ක්‍රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැගුටුණේය.
11
ඉශ්රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුව තිබෙන දේ කොට බාල් දේවතාවුන්ට සේවයකළෝය.
12
ඔව්හු තමුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාවාවූ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්වූ තමුන් වටකර සිටිය මනුෂ්‍ය ජාතීන්ගේ දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට නමස්කාරකොට, ස්වාමීන්වහන්සේ කෝපකළෝය.
13
ඔව්හු ස්වාමීන්වහන්සේ අත්හැර බාල්ටත් අෂ්ටාරොත්ටත් සේවයකළෝය.
14
ස්වාමීන්වහන්සේ ගේ උදහසද ඉශ්රායෙල්ට විරුද්ධව ඇවිළ උන්වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ගෙන් කොල්ලකෑවෝය. තමුන්ගේ සතුරන්ට විරුද්ධව සිටින්ට තවත් ඔවුන්ට බැරිවෙන හැටියට උන්වහන්සේ ඔවුන් වටකර සිටිය සතුරන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.
15
ස්වාමීන්වහන්සේ කී ප්‍රකාරයටත් උන්වහන්සේ ඔවුන්ට දිවුරා තිබුණු හැටියටත් ස්වාමීන්වහන්සේ ගේ හස්තය ඔවුන් ගිය හැම තැනම නපුර පිණිස ඔවුන්ට විරුද්ධව තිබුණේය. ඔව්හු තද අමාරුවට පත්වුණෝය.
16
එවිට ඔවුන්ගෙන් කොල්ලකෑ අයගෙන් ඔවුන් ගළවාගන්න පිණිස ස්වාමීන්වහන්සේ විනිශ්චයකාරයන් නැගුටුවාදුන්සේක.
17
එහෙත් ඔව්හු ඒ විනිශ්චයකාරයන්ටත් ඇහුම්කන්නොදී, අන් දෙවිවරුන් අනුව අනාචාරයෙන් හැසිරෙමින්, ඔවුන්ට නමස්කාර කළෝය. ස්වාමීන්වහන්සේ ගේ ආඥාවලට කීකරුව සිටි තමුන්ගේ පියවරුන් මෙන් ඔව්හු නොකොට, ඔවුන්ගේ මාර්ගයෙන් වහාම ඉවත්ව ගියෝය.
18
ස්වාමීන්වහන්සේ ඔවුන්ට විනිශ්චයකාරයන් නැගුටුවාදුන් කල උන්වහන්සේ විනිශ්චයකාරයා සමඟ සිට, ඔහුගේ සියලු දවස්වල ඔවුන්ගේ සතුරන්ගේ අතින් ඔවුන් ගැළවූසේක. මක්නිසාද ඔවුන්ට පීඩාකළාවූ ඔවුන් පොඩිකළාවූ අය කරණකොටගෙන හටගත් ඔවුන්ගේ කෙඳිරිගෑම නිසා ස්වාමීන්වහන්සේ අනුකම්පාවූ සේක.
19
නුමුත් විනිශ්චයකාරයා මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවයකොට නමස්කාරකරමින්, තමුන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළෝය; ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින්වත් තමුන්ගේ මුරණ්ඩු මාර්ගයෙන්වත් කිසිවක් අත්නෑරියෝය.
20
ස්වාමීන්වහන්සේ ගේ උදහස ඉශ්රායෙල්ට විරුද්ධව ඇවිළ: මේ ජාතිය මාගේ හඬට ඇහුම්කන්නොදී මා විසින් ඔවුන්ගේ පියවරුන්ට අණකළ මාගේ ගිවිසුම කඩකළ බැවින්,
21
මමත් යෝෂුවා නසින විට ඉතුරුව සිටි ජාතීන්ගෙන් එක්කෙනෙක්වත් ඔවුන් ඉදිරියෙන් තවත් පන්නානොදමන්නෙමි.
22
මෙසේ කරන්නේ ඔවුන්ගේ පියවරුන් ස්වාමීන්වහන්සේ ගේ මාර්ගය රක්ෂාකළාක් මෙන් ඔව්හු ඒ මාර්ගයෙහි හැසිරෙන ලෙස ඒක රක්ෂාකරන්නෝද නැද්දැයි ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්රායෙල් සෝදිසිකරන පිණිසයයි කීසේක.
23
එබැවින් ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් යෝෂුවා අතට පාවා නොදී, ඔවුන් ඉක්මනින් පන්නා නොදමා, ඉතිරිකළසේක.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21